යුද්ධයට මම මාර ආසයි ඕයි..! - Love War

maathalan

Member
Oct 21, 2011
13
1
0
යුද්ධයට මම මාර ආසයි ඕයි..! - Love War

tumblr_m96rantQVE1r5hg19o1_500.jpg


මම යුද්ධයට මාර ආසයි ඕයි. විහිළුවට නෙමෙයි ඕයි. ඇත්තමයි ඕයි. මේ දවස්වල මට මාර Thrill ඕයි. මගේ බුකියේ, ඊශ්‍රායල් කාරයෝ කෙලලා ඇරලා මැරෙන, බෝනික්කෝ වගේ පොඩි උනෙගේ Pictures update කරනවා ඕයි. රේස් ඔට්ටු අල්ලන බුකියේ නෙමෙයි ඕයි. Facebook එකේ ඕයි. අර ළමයි එල්ලලා මරන්නේ ඕයි. එහෙම ළමයි මැරෙන කොට, මට මාර Thrill ඕයි. ඒක මාරයි ඕයි. අපේ අය ඒ වගේ මරණවලට මාර Like ඕයි. මට Like පිරිලා ඕයි. මට මාර සන්තෝසයි ඕයි. හේතුවක් නැතුවම මාර ආඩම්බරයි ඕයි. ඉතින් මම ඒ පින්තූර Share කරන්න කියලා දානවා ඕයි. එහෙම Share වෙන ගාන දැක්කාම, මට මාර හැපි ඕයි. යුද්ධයට මම මාර ආසයි ඕයි.

ඊශ්‍රායල් කාරයා කුඩු වෙන්න ගහනවා ඕයි. පලස්තීන් උන් මැරෙනවා ඕයි. ඉතින් අපේ උන්ට දුකයි ඕයි. මට නම් මාර happy ඕයි. මොකෝ මැරෙන්නේ මරක්කල උන් ඕයි. ඊශ්‍රායල් කාරයෝ මෙහේ ගේන්න හිතෙනවා ඕයි. අළුත්ගම එහෙම, හරියට වැඩේ කර ගන්න බැරි උනා ඕයි. ආන්ඩුව ඇඳිරි නීතීය දාලා වැඩේ කෑවා ඕයි. මම හිතුවේ කොළඹටත් ඒවී කියලා ඕයි. ඔය පොඩි උන් මැරිච්ච Photo දැක්කාම, මට මාර ආසයි ඕයි. මොකෝ, මරණ එක, මොටෙයියගේ ඉඳලා මරන්න ඕන ඕයි. Biscuit කන බාලචන්ද්‍රගේ පොටෝ එක දැක්කම් මට මල පනිනවා ඕයි. ඒත් මූසලය මරලා තියෙනවා දැක්කම මට මාර ත්‍රිල් ඕයි. යුද්ධයට මම මාර ආසයි ඕයි.

යුද්ධය මෙහේ තිබුන කාළේ, මම මාර ආසාවෙන් උදේම නැගිටින්නේ ඕයි. කොළඹ ඩෝං ගානකන් මම බලාගෙන ඉන්නේ ඕයි. ඊට පස්සෙ මැරුණ ගාන හොයනවා ඕයි. දෙකයි තුනයි නම් මට මාර දුකයි ඕයි. මරණ ගාන වැඩිනම්, මට මාර ජොලි ඕයි. කොළොන්නාව ගිනි ගන්න කොට, මට මාර ආසයි ඕයි. මම යාළුවොන්ට Call දෙනවා ඕයි. උන්ටත් මාර ආසයි ඕයි. ඊට පස්සේ ටෙරාලා හොයන Game ඕයි. උන් මරදානේ, කොටුවේ, පිටකොටුවේ බෝම්බ තියන කොට, මට මාර ආසයි ඕයි. Lake House එකේ Operation එකක් යන දවසේ, මට මාර සතුටුයි ඕයි. මම TV එකේ Live බලනවා ඕයි. අර Trailer Bike වල Soldiers එන කොට, මට English Film වගේ ඕයි. ඔක්කොම Clear උනයින් පස්සේ, මම ඒවා බලන්න යනවා ඕයි. යුද්ධයට මම මාර ආසයි ඕයි.

රෑටත් නින්ද යන්නේ නෑ ඕයි, Search Light ගහනවා ඕයි. ඒවා හඳටත් වදිනවා ඕයි. මම ඒ කාළේ මලක් වත් ගහන්නේ නෑ ඕයි. මොකෝ මලක් ගහලා, හඳට යන කොට, ඔය ලයිට් පාරට පෙනවා ඕයි. මල් ගහන්නේ මොකටද ඕයි. ඊට වඩා මාර ආතල් ඕයි. කැළණි ගඟ දිගේ, කුරුම්බැට්ටි මැසින් එනවා ඕයි. උන් උඩිනුත් ඇවිත්, බෝම්බ දානවා ඕයි. මෙහෙන් මල් වෙඩි ගහනවා ඕයි. මුළු කොළඹම Fire Works වර්ක්ස් ඕයි. Monte Carlo වලවත් ඒ වගේ නෑ ඕයි. Baghdad වගේමයි ඔයි. ඒවා එන එක නැවතුනේ අපරාදේ ඕයි. මේ යක්කු ඒ ආතල් කෑවා නේ ඕයි. මම යුද්ධයට මාර ආසයි ඕයි.

George Bush Junior මම වගේමයි ඕයි, උන් කොහොමත් Cow Boys ලා නේ ඕයි. අපෙත් ගොඩක් උන් Cow Boys ලා තමයි ඕයි. ඌත් යුද්ධයට මාර ආසයි ඕයි. Tony Blair ත් යුද්ධයට ආසයි ඕයි. ඉතින් දෙන්නා එක්ක Weapons of mass destruction හොයලා ඉරාකෙට ගහනවා ඕයි. අවුරුදු ගානක් ගහලත් දෙන්නම ගෙදර යනකන් ඔය Weapons of mass destruction හොයා ගන්න බැරි වෙනවා ඔයි. ඒත් මිනිස්සු මරණවා ඕයි. මට මාර ආසයි ඕයි. යුද්ධයට මම මාර ආසයි ඕයි.

Saddam Hussein නම් ගැඩිබිල්ලෙක් වගේ, පොළොව යට ඉඳලා ඇදලා ගන්නවා ඕයි. ඌට පොප්සිකල් නැතුව, කෝටුව විතරක් කවලා DNA චෙක්කරලා, ඌව එල්ලලා මරණවා ඕයි. මට මාර ආසයි ඕයි. ඊට පස්සේ Qaddafi ත් එහෙම මරණවා ඕයි. මට මාර ආසයි ඕයි. දැන් Syria වෙත් එහෙම මරණවා ඕයි. මාර ආසයි ඕයි. Iraq න්, America යනවා කිව්වම, මට ඇඬෙනවා ඕයි. මොකෝ යුද්ධෙ නවතිනවනේ ඕයි. ඒත් දැන් ISIS කියලා සෙට් එකක්, ආයෙත් පටන් අරගෙන ඕයි. මට හරි ආසයි ඕයි.මම Shakira's, Pit Bull's සින්දු බලනවා වගේ, Al-Jasira, CNN, BBC, Sky වල යුද්දේ බලනවා ඕයි. මම යුද්ධයට මාර ආසයි ඕයි.

2009, අපි TV එකේ ආසාවෙන් Live බල බලා හිටපු, යුද්ධයට නවත්තනවා ඕයි. මුන් වැඩේ කනවා ඕයි. ප්‍රභා මැරෙණවා ඕයි. කස්ටියට මාර ආසයි ඕයි. පාරේ කිරිබත් උයාගෙන කනවා ඕයි. මට මාර දුකයි ඕයි. ආයේ ඉතින් යුද්ධයක් කවදා දකින්නද ඕයි. මගේ ජීවීතේ 60% මම යුද්දේ එක්ක හිටියේ ඕයි. මේ Percentage බොරු කියලා සම හරක් කියනවා ඕයි. ඒත් මේවා, මට ඇත්ත ඕයි. මැරුණේ පොඩි Percentage එකක් ඕයි. තව මරන්න තිබුනා නේ ඕයි. අපරාදේ යුද්ධය නැවත්තුවේ ඕයි. මට මේක මාර විදියට දැනෙනවා ඕයි. මට ඇඬෙනවා ඕයි. මොකෝ මම යුද්ධයට මාර ආසයි ඕයි.

බලගෙන ගියාම, දුක් වෙන්නේ මම විතරයි ඕයි. නවත්තපු උනුත් ආයෙත් යුද්ධයක් එයි කියලා බයයි ඕයි. මම නම්, ආයේ යුද්ධයක් එනවනම් මාර ආසයි ඕයි. මොකෝ 83 ගෙනාපු බඩු, දැන් හරි පරණයි ඕයි. අනික ඉක්මනට යුද්ධයට ආවේ නැත්නම්, ළොකු TV එකක් තනියෙන් ගේන්න බැරි වෙනවා ඕයි. මම දැනටමත් TV දෙක තුනක්ම් බලලා තියෙන්නේ ඕයි. ඒ උනාට යුද්ධය එනවට, ආන්ඩුව කැමති නෑ ඕයි. ඒ උනාට කරපු යුද්ධය ගැන මාර ආඩම්බරයි ඕයි. රට ජාතිය වෙනුවෙන් මැරෙන්න උනත් කැමතියි කියනවා ඕයි. මම නම් මැරෙන්න ආස නෑ ඕයි. මොකෝ මැරෙණ එකත් මහ පණ යන වැඩක් ඕයි. මම යුද්ධයට මාර ආසයි ඕයි.

UNP එක ආවොත් උතුරේ Armed Forces අයින් කරනවය, එහෙම උනොත් ආයේ යුද්ධයක් එනවය කියලා, Dulles මහත්තයා කියනවා ඕයි. එහෙම වහන්නේ නෑ කියලා, පුළුවන්නම් කියන්න කියලා එයා Challenge කරනවා ඕයි. මට Dulles මහත්තයට දෙකක් අනින්න හිතෙනව ඕයි. මොකෝ මම යුද්දෙට මාර ආසයි ඕයි. බටහිර කුමන්ත්‍රණයක් තියෙනවය කියලා විමල් සහෝ කියනවා ඕයි. ඉතින් එහෙම තියෙන එක හොඳයි නේ ඔයි. එතකොට යුද්දයක් එනවනේ ඕයි. මට එයාට, මහින්ද මහත්තයා තැඹිලි පොවන්න තැඹිලි ගත්ත, කෝම්බෙන් දෙන්න හිතෙනවා ඕයි. රනිල්ට දුන්නෝත් ආයෙත් 2002 වෙච්චි දේ වෙයි කියලා, JVP අනුර කියනවා ඕයි. ඉතින් හොඳයිනෙ ඕයි. යුද්දේ ආයෙත් එනවනේ ඕයි. සිහළ උරුමේ උනුත් වීරයෝ උනාට, ආයේ යුද්ධයක් එනවට බයයි ඕයි. මුන් චන්ඩි වගේ ටෝක් දුන්නට, යුද්ධයට මාර බයයි නේ ඕයි. බලාගෙන ගියාම යුද්ධයට ආස මම විතරනේ ඕයි. ඒත් මම යුද්ධයට මාර ආසයි ඕයි.

යුද්ධයක වටිනකම, මුන්ට තේරෙන්නේ නෑ ඕයි. බලනවා යුද්ධය නිසානේ, ලංකාව ළෝකෙම දන්නෙ ඔයි. නැත්නම් American President ලා මෙහේ එයිද ඕයි. එහෙම නම්, Tsunami යක්ම එන්න ඕන ඕයි. Ashusi Akasi ලා, Solehime ලා, Samaposa ලා එන්නේ යුද්ධය නිසානේ ඕයි. David Comoran, CHOGAM එකට එන්නෙත් යුද්ධය නිසා නේ ඕයි. Navanidan Pillai ආවනේ ඕයි. ඇයි Ban Kee Moon ආවා නේ ඕයි. Obama විතරයි එන්න ඉන්නේ ඕයි. මහින්ද මහත්තයලා, ඝෝඨාභය මහත්තයලා, උණහපුලුවෝ, පොරවල් වෙන්නේ යුද්ධය නිසා නේ ඕයි. රවීලා, කිරිඇල්ලලා, රනිල්ලා, පීචන් වෙන්නෙ යුද්ධය නිසානෙ ඕයි. කස්ටිය කතරගම යනවා වගේ, Geneva යන්නේ යුද්ධය නිසා නේ ඕයි. ඒ නිසා, මම යුද්ධයට මාර ආසයි ඕයි.

එහෙම යුද්ධයක් එපා කියනා එකා, හරක් නෙමේද ඕයි. බලනවා අදටත් මෙයාලා ජීවත් වෙන්නේ යුද්ධය නිසා නේ ඕයි. Backup Vehicles, Arm Guard, යුද්ධය නිසා හම්බ වෙච්ච ඒවා නේ ඕයි. ඌවටත් යුද්ධය ගේනවමයි ඕයි. විදුලි පුටුවේ ඉන්දන්නෙත් යුද්ධය නිසා නේ ඕයි. පපුවට දෙයි දෙයි කියලා ගහගන්නෙත් යුද්ධය නිසා නේ ඕයි. අපි අපේ ලක් මාතවට, ඇඟිලි ගහන්න දෙන්නේ නෑ, අපේ හාන්දුරුවනේ කියලා, හාන්දුරුවන්ට වඳින්නේ, යුද්ධය නිසා නේ ඕයි. අපි උනත් අදටත් ආතල් එකක් ගන්නෙ, යුද්ධය නිසා නේ ඕයි. මම යුද්ධයට මාර ආසයි ඕයි.

අපේ උන් යුද්ධයට වඩා සුද්දයට ආසයි ඕයි. මේ ළඟදිත් සුද්දයක් තමයි දැම්මේ ඕයි. ඒ උනාට යුද්ධය කළේ නෑ ඕයි. මමත්, ඔය දෙකටම, මාර ආසයි ඕයි. මේ පාරත්, යුද්ධය එකසිය ගානට Market කරනවා ඕයි. යුද්ධය ඒ තරම් වටිනවා ඕයි. ඒ යුද්ධයට ගහන්න, යුද්ධයක් කර ගන්න බැරි උනොත්, යුද්ධය නවත්තපු උන්, යුද්ධය දිනනවාමයි ඕයි. මොකෝ අපි වීරයෝ කිව්වට, ආයෙත් යුද්ධ කරන්න බයයි ඕයි. ඒ උනාට මම නම් යුද්ධයට මාර ආසයි ඕයි. ඒක මාරයි ඕයි. ඇත්තමයි ඕයි. පොඩ්ඩක් කල්පනා කරලා බලනවා ඕයි. ඇත්ත නේද ඕයි.....?????

මොකක්ද..?

මම යුද්දෙට යන්න.???

මම මොකටද යුද්දෙට යන්නේ ඕයි.? ඔය ඉන්න එකෙක්වත් යුද්දෙට ගියාද ඕයි.? සද්දේ විතරනේ ඕයි. මම සද්දේ දාන්න යන්නෙත් නෑ නේ ඕයි.

ඒ උනත්.....

මම යුද්දෙට මාර ආසයි ඕයි....!!!

http://maathalan.blogspot.com/2014/07/love-war.html