මම හිතන විදිහේ අව්ලක්ද නැත්නම් rat race එකෙන් එහා හිතනවද

Hehaje

Well-known member
  • Feb 4, 2022
    95
    255
    53
    මචන් සමහර මිනිස්සු ඉන්නවා , හැමෝම වර්නනා කරනවා wifey/husband material , පින් කරන්න ඕනේ එහෙම එක්කෙනෙක් හම්බ වෙන්න කියලා...

    හැබැයි ඒ වර්නනා කරන මිනිස්සුන්ගේ dark personality එකක් පේනවා...මට ඒක expalin කරන්න තේරෙන්නේ නෑ.....මේ මම කියන්නේ example එකක්...real life එකේදී මට මෙහෙම අයව දැකලා තියනවා, පව්ල් අතර මාර famous මාර decent හැමෝම ප්‍රශන්සා කරනවා..හැබැයි මට තේරෙනවා dark personality එකක් තියනවා කියලා....
     

    astrin

    Well-known member
  • Oct 9, 2022
    553
    671
    93
    උබ හිතන විදිය හරි , ඒක එහෙම තමයි , කොහොමත් පර්ෆෙක්ට් මිනිස්සු නෑ , කවුටුහරි එහෙම පේනවනම් උන්ගෙ මොකඛ්රි අවුලක් තියනව උන් ඒක හන්ගනව
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,704
    13,485
    113
    ඉතින් මොකක්ද අවුල. උබට උන්ගේ daek side eka effect වෙන්නේ නැත්නම් සද්ද නැතුව හිටපන්
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,507
    6,372
    113
    Narcissist කාරයෙකුට අහු වෙච්ච එවුනුත් ඔහොම කියනවා. එහෙම නැති හොද පවුල් ජීවිත ගෙවන අයත් ඉන්නවා බං.
    අර බස් එකේ දී ජැක් ගහන්නෙ ගෑනු සිග්නල් දුන්න ම කියල කිව්ව ගෑනිගෙ මිනිහත් එහෙම නාසියෙක් කියල මට උන් දෙන්නගෙ බයිලා දැක්ක ගමන් තේරුණා😂
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    ඔව් එහෙම තමයි. ඔයාගේ වුණත් dark side එකක් තියෙනවා. සාමාන්‍ය මිනිස්සු Grey. නැතුව White හරි Black හරි නෙවෙයි. හැගීම් දැනීම්, ego එක එක්ක මිනිස්සුන්ට තමන්ගේ හිත පාලනය කරගන්න වෙලා තියෙන්නේ. පිට මනුස්සයෙක් ඔයා දිහා බලලා judge කරත් ඔහොම තමයි හිතා ගන්නේ. එක් අවුලක් නෙවෙයි, සාමාන්‍ය මිනිස්සුන්ගේ හැටි. අපි සමහර අය ගැන එහෙම හිතා ගන්න අකමැති එක තමයි තියෙන්නේ වෙලාවකට.
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    511
    574
    93
    Psychologyවල මේකට නමක් තියෙනවා. මේකට කියන්නේ public persona vs private behavior gap කියලා.
     

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,243
    1,289
    113
    හඳේ ...
    සිග්මන් ෆ්‍රොයිඩ්ගෙ Id, Ego, Superego සංකල්ප සහ "ගෙදරදී ප්‍රචණ්ඩ වන නමුත් සමාජයේ හොඳ මිනිසෙක් ලෙස පෙනී සිටින" සන්දර්භය පදනම් කරගෙන ඒ අවස්ථා තුන පහත පරිදි සරලව දැක්විය හැක:

    1. ගෙදරදී ප්‍රචණ්ඩ වීම (Id එකේ නිදහස)​

    • පැහැදිලි කිරීම: මෙහිදී ක්‍රියාත්මක වන්නේ මිනිසෙකුගේ පාලනයකින් තොර ප්‍රාථමික ආවේගයන් වන Id එකයි.
    • සිදුවන දේ: පවුලේ අය යනු තමාට යටත්, තමාට බය හෝ තමාට පහසුවෙන් පාලනය කළ හැකි පිරිසක් ලෙස ඔහු දකියි. එම නිසා නීති, සදාචාරය හෝ සමාජ බිය වැනි දේ ගැන නොසිතා, තමාගේ කේන්තිය සහ ආවේගයන් කිසිදු වාරුවක් නැතුව කෙළින්ම පිටකරන්නේ ගෙදර අයටයි.

    2. සමාජයේදී "හොඳ මිනිසා" වීම (Ego එකේ උපායමාර්ගික හැසිරීම)​

    • පැහැදිලි කිරීම: මෙහිදී ක්‍රියාත්මක වන්නේ යථාර්ථය තේරුම් ගන්නා Ego එකයි.
    • සිදුවන දේ: බාහිර සමාජය තුළ ප්‍රචණ්ඩ ලෙස හැසිරුනොත් තමාට නීතිමය දඬුවම් ලැබෙන බවත්, සමාජයෙන් කොන් වන බවත් (රැකියාව, පිළිගැනීම නැති වී යන බවත්) ඔහු හොඳින් දනියි. ඒ නිසා සමාජය ඉදිරියේ තමන්ගේ පාලනය තදින් අල්ලාගෙන, අතිශයින් කාරුණික, ගෞරවනීය සහ යහපත් මිනිසෙක් ලෙස පෙනී සිටීමට Ego එක හරහා ඔහු රඟපායි.

    3. මේ දෙක අතර පරස්පරතාව (Superego සහ Reaction Formation)​

    • පැහැදිලි කිරීම: ගෙදර කුරිරු වීම සහ සමාජයේ හොඳ වීම අතර ඇති අභ්‍යන්තර ගැටුමයි.
    • සිදුවන දේ: සැබෑ සදාචාරය හෝ හෘද සාක්ෂිය (Superego) නිවැරදිව ක්‍රියාත්මක වන්නේ නම් ඔහුට ගෙදරදීවත් ප්‍රචණ්ඩ වෙන්න බැ. නමුත් මෙහිදී ඔහුගේ Superego එක දුර්වලයි හෝ එය ක්‍රියාත්මක වන්නේ සමාජ ප්‍රතිරූපය රකින්නට පමණි. තමාගේ සැබෑ කුරිරුකම සමාජයට වැටහේ යැයි ඇතිවන බිය නිසා, සමාජයේදී අන්තයටම හොඳ කෙනෙක් ලෙස පෙනී සිටිමින් (Reaction Formation) තම සැබෑ මුහුණ වහ ගැනීමට ඔහු උත්සාහ කරයි.