යුද ටැංකි අංගනය-3
පළමුවරට යුද ටැංකියක් සංග්‍රාමයක් සඳහා යවා පසුගිය සැප්තැම්බර් මස 15දාට වසර 100ක් පිරිණි.බ්‍රිතාන්‍යයේ නිෂ්පාදනය කරන ලද යුද ටැංකියක් එම ගෞරවය අත්කර ගත්තේ පළමු ලෝක යුද්ධයේ සෝම් සටනේදීය(1916 සැප්තැම්බර් 15).සියවසක කාලයක් තුල ලෝකයාගේ වැඩිම අවධානය දිනාගත් යුද ටැංකි පෙළක් මෙම ලිපිය ඔස්සේ ගෙන එයි.
දෙවන ලෝක යුද්ධයෙන් පසු කාල සමය තුල බ්‍රිතාන්‍ය හමුදාවේ ප්‍රධානතම යුද ටැංකිය වූයේ මෙම සෙන්චූරියන්(Centurian) යුද ටැංකියයි.එහි නිෂ්පාදනය 1960 දශකය තෙක් සිදුවිය.1950 කොරියානු යුද්ධය ,1965 ඉන්දු-පාකිස්ථාන යුද්ධය සඳහා සෙන්චූරියන් යුද ටැංකි යොදාගන්නා ලදි.
ලිපර්ඩ්-2(Leopard) යුද ටැංකිය 1970 දශකයේදී බටහිර ජර්මනිය විසින් නිපදවන ලද්දකි.එහි විවිධ මොඩලයන් යුරෝපා රටවල මෙන්ම යුරෝපා නොවන රටවල් කිහිපයකද භාවිතා කරයි.කොසෝවෝ සහ ඇෆ්ගන් යුද්ධ සඳහා මෙම ජර්මන් යුද ටැංකිය යොදාගෙන තිබේ.ලිපර්ඩ් 2ඒ6 යුද ටැංකියක් ජර්මනියේ,2014.
ටී-90(T-90) තුන්වන පරම්පරාවේ රුසියානු යුද ටැංකියකි.1993 වර්ෂයේදී එය රුසියානු හමුදාවේ සේවයට එක් කරගන්නා ලදි.2001-2010 සමයේදී ලොව වැඩියෙන්ම අලෙවි වූ යුද ටැංකියද එයයි.
චැලෙන්ජර්-2(Challenger-2) බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංග්‍රාමික යුද ටැංකියයි.එය දැනට බ්‍රිතාන්‍යය සහ ඕමානය යන රටවල හමුදාවන් භාවිතා කරයි.ලොව තිබෙන වඩාත් ආරක්ෂිත යුද ටැංකිවලින් එකකි.බොස්නියා,කොසෝවෝ සහ ඉරාක යුද්ධවලදී භාවිතා කර තිබේ.චැලෙන්ජර්-2 යුද ටැංකියක් දකුණුදිග ඉරාකයේ බස්රා හි,2003.
ටී-14 අමාටා(T-14 Armata) යනු රුසියාවේ නවතම ප්‍රධාන සංග්‍රාමික යුද ටැංකියයි.එහි තිබෙන විශේෂත්වය වන්නේ මිනිසුන් රහිත කොත,සියල්ල ඩිජිටල් තාක්ෂණයෙන් පාලනය වීම සහ සුරක්ෂිත තනි කාර්ය මණ්ඩල මැදිරිය ආදියයි.
Source:tass.com
-HarshaLulzSec-

මුල් කාලීන මාර්ක්-1(Mark-1) යුද ටැංකියක් බ්‍රිතාන්‍යය අගලක් අසල ක්‍රියා විරහිත වී තිබෙන අයුරු,1916 සැප්තැම්බර් 25 සෝම් සටන.
රෙනෝල්ට් එෆ් ටී හෝ එෆ් ටී-17(Renault FT/FT-17) යනු යුද ටැංකිවල හැඩය වෙනස් කල විප්ලවීය ප්‍රංශ යුද ටැංකියයි.එනම් පළමුවරට ප්‍රධාන අවිය කොතක් සමග පැමිණියේ මෙම යුද ටැංකියේය.මෙය 1918 වසරේදී එනම් පළමු ලෝක යුද්ධයේ අවසන් සමයේදී ප්‍රංශ හමුදා විසින් භාවිතා කරන ලදි.යුද්ධය අවසන් වීමෙන් පසුව එය ලොව පුරා රටවල හමුදාවන් විසින් භාවිතා කරන්නට විය.
මධ්‍යම ප්‍රමාණයේ එම්3(M3) යුද ටැංකිය ඇමෙරිකාව දෙවන ලෝක යුද සමයේ භාවිතා කල යුද ටැංකියකි.එම්3 යුද ටැංකි 6,258ක් නිපද වූ අතර ඒවායින් 2,855ක් බ්‍රිතාන්‍ය හමුදාවටද 1.386ක් සෝවියට් දේශයටද සපයන ලදි.
සෝවියට් දේශයේ මධ්‍යම ප්‍රමාණයේ ටී-34(T-34) යුද ටැංකිය දෙවන ලෝක යුද්ධයේ වඩා ඵලදායි,කාර්යක්ෂම සහ බලගතු යුද ටැංකි සැලැස්මක් විය,ටී-34 යුද ටැංකියක් ප්‍රදර්ශනයට තබා ඇති අයුරු,1964.
එම්4 ෂර්මන්(M4 Sherman) මධ්‍යම ප්‍රමාණයේ ඇමෙරිකානු යුද ටැංකියකි.දෙවන ලෝක යුද්ධයේ ඇමෙරිකාව,බ්‍රිතාන්‍ය ප්රමුඛ මිත්‍ර පාර්ශ්විකයන් බහුලවම භාවිතා කල යුද ටැංකිය මෙයයි,1967 වසරේ දින හයේ යුද්ධයේදී ඊශ්රායෙල එම්4 යුද ටැංකි සිනායි අර්ධද්වීපය දෙසට ගමන් කරන අයුරු.
පැන්සර්-4(Panzer-4) නම් ජර්මනියේ මධ්‍යම ප්‍රමාණයේ යුද ටැංකිය 1930 දශකයේ අග භාගයේදී නිපදවන ලද්දක් වූ අතර එය දෙවන ලෝක යුද්ධයේ දී පුලුල්ව භාවිතා කරන ලදි.ජර්මනියේ සියලුම සටන් පෙරමුණුවල මෙම යුද ටැංකිය භාවිතා කල අතර යුද්ධ මුළුල්ලේම ඒවා නිෂ්පාදනය සිදු කෙරිණි.
සෝවියට් ටී-54/55(T-54/55) යුද ටැංකි දෙවන ලෝක යුද්ධය අවසන් වූ වහාම හඳුන්වා දෙන ලදි.ලෝක ඉතිහාසයේ වැඩි ප්‍රමාණයකින් නිපදවී යුද ටැංකිය ලෙසද එය වාර්තා ගත වී තිබේ.සෝවියට් දේශය ටී-54/55 යුද ටැංකි 86,000-100,000 අතර ප්‍රමාණයක් නිපදවා තිබේ,යුගෝස්ලෝවියා හමුදාවේ ටී-55 යුද ටැංකියක්,1998.
එම්48 පැටන්(M48 Patton) යුද ටැංකිය ඇමෙරිකානු යුද හමුදාව සහ මැරීන් හමුදාව වියට්නාම යුද්ධයේදී භාවිතා කල ප්‍රධානතම යුද ටැංකියයි.එම කාලයේදී එය නේටෝ රටවල් විසින් පුළුල්ව සේවයේ යොදවා තිබිණි.දකුණු කොරියානු හමුදාව සතු එම්48 යුද ටැංකියක් ,2003.

ටී-72(T-72) යනු දෙවන ලෝක යුද්ධයේ පශ්චාත් සමයේ බහුලවම නිෂ්පාදනය කල යුද ටැංකිවලින් එකකි.මෙම යුද ටැංකිය රටවල් 40කට පමණ අපනයනය කර තිබේ.එහි චැසිය වෙනත් යුද රථවලටද භාවිතා කරයි.