යුද ටැංකි අංගනය-8

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    යුද ටැංකි අංගනය-8

    IGnIzuy.jpg

    රුසියාව 2015 වර්ෂයේදී ටී-14/T-14 අමාටා යුද ටැංකිය හඳුන්වාදීමට පෙර රුසියානු හමුදාව සතුව තිබූ ප්‍රබලම යුද ටැංකිය වූයේ ටී-90/T-90 යි.කිහිපවරක් නවීකරණය කිරීම්වලට භාජනය වූ එහි මුලාකෘතියේ නවතම සංස්කරණය වන ටී-90එම්/T-90M මොඩලයේ ඡායාරූපයක් පළමුවරට යූරල්වෑගොන්සාවොඩ් සමාගම විසින් ප්‍රසිද්ධ කර තිබේ.මෙම නවතම සංස්කරණයට ටී-14 අමාටා යුද ටැංකිය සතු අංග කිහිපයක්ද එකතු කරන්නට රුසියානුවෝ කටයුතු කර තිබේ.පහත දක්වා තිබෙන්නේ ටී-90 යුද ටැංකියේ පරිණාමයයි.

    ටී-90/T-90 - මුලින්ම නිපදවන ලද සංස්කරණය මෙයයි

    ටී-90ඒ/T-90A - රුසියානු හමුදාව විසින් භාවිතා කරන සංස්කරණයකි.මෙය ටී-90 විලැඩ්මීර් යන නමින් හඳුන්වයි.​
    ටී-90එස්/T-90S - අපනයන මොඩලයකි.

    ටී-90ඒ එම්/T-90AM - අවසානයටම පැමිණි ටී-90ඒ යුද ටැංකිය.

    ටී-90එම් එස්/T-90MS - අවසන් වරට පැමිණි අපනයන මොඩලයයි.​


    හඳුන්වාදෙන ටී-90එම් මොඩලය දැනට රුසියානු හමුදාව සතුව තිබෙන ටී-90ඒ ඇණිය නවීකරණයට භාජනය කිරීමෙන් නිර්මාණය කෙරේ.රුසියාවේ රූපවාහිනී සේවයේ ආරක්ෂක වාර්තාකරුවෙක් වන ඩ්මිට්‍රි යුරොව්ට අනුව නවතම මොඩලය එහි පූර්වජයන් හා සැසඳීමේදී දෙගුණයක් ඵලදායිවේ."යූරල්වැගොන්සාවොඩ් සමාගමේ මෙම තුන්වන මොඩලය යොදාගෙන යුද ටැංකිවල හතරවන පරම්පරාව වෙනුවෙන් සංවර්ධනය කල සහ කරමින් පවතින තාක්ෂණයන් අත්හදා බැලීමට හැකියාව ලැබේ.මේ ඔස්සේ වෙඩි බලයේ සහ විශ්වාසනීයත්වයේ වැඩිදියුණුවීමක් වෙනවා පමණක් නොව ලෝක වෙළඳපොලේ මෙවැනි යන්ත්‍රයකට තිබෙන ඉල්ලුමද සැලකිය යුතු ලෙස වැඩිවේවි." යනුවෙන් ඔහු තවදුරටත් කියා සිටියේය.

    us0Fqo9.jpg
    T-90A යුද ටැංකියක්​

    වරක් රුසියාවේ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය යූරි බොරිසොව් කියා සිටියේ 2000 දශකයේ මුල් කාලය තුල ඔවුන් සතුව ටී-90 යුද ටැංකි 400 තිබූ බවත් එතැන් පටන් වසර 12-15 පමණ ගෙවී ගොස් තිබෙන නිසා ඒවා වැඩි දියුණු කිරීමට සිදුව තිබෙන බවයි."ටී-14 අමාටා යුද ටැංකිය සතු මි.මී.125 2ඒ82-1එම් ස්මූත් බෝර් වර්ගයේ ප්‍රධාන අවියක් ටී-90එම් මොඩලය සඳහා ආදේශ කර තිබේ.ඉහළ නිරවද්‍යතාවයක් සහ ඉහළ වෙඩි තැබීමේ සීඝ්‍රතාවයක් සහිත වෙඩි පාලන පද්ධතියක් මෙන්ම වෙඩි ප්‍රහාර 900ක් දක්වා භාවිතා කල හැකි කල්පවතින ප්‍රධාන අවියක් ඊට ලැබුණු ඇත"යනුවෙන් යුද විශේෂඥයෙක් වන ඇලෙක්සි ලියොන්කොව් පවසන ලදි.

    J3nKA3P.jpg
    T-90AM යුද ටැංකියක්​

    ටී-90එම් යුද ටැංකියේ නිරවද්‍යතාවය 20% ප්‍රතිශතයකින් සහ muzzle energy හෙවත් උණ්ඩයක් තුවක්කු කටෙන් පිටවන අවස්ථාවේ තිබෙන චාලක ශක්තිය(අවියේ විනාශකාරීබව වැඩිවන්නේ මෙම සාධකයට සමානුපාතිකවයි ) 17% ප්‍රතිශයකින් එහි ප්‍රතිවාදියා වන ජර්මනියේ ලෙපර්ඩ්-2 යුද ටැංකියට වඩා වැඩි බව කියවේ.ටී-90 යුද ටැංකියේ මෙම නව මොඩලය සතු ස්වයංක්‍රීය උණ්ඩ පිරවීමේ යාන්ත්‍රණය නිසා අමාටා යුද ටැංකිය භාවිතා කරන වැකුම්-1/Vacuum-1 වැනි මීටරයක් දක්වා දිගු නූතන APFSDS(armor-piercing fin-stabilized discarding-sabot)හෙවත් සන්නාහයක් විනිවිද යා හැකි උණ්ඩ භාවිතා කිරීමට හැකියාව ලැබී තිබේ.

    J8ftJ77.jpg
    නවතම T-90 මොඩලය වන T-90M යුද ටැංකියක්​

    ටී-90එම් යුද ටැංකිය සතු උණ්ඩ ගබඩාවේ උණ්ඩ 45ක් රැගෙන යයි.ප්‍රධාන අවියෙන් නිකුත් කරන සාම්ප්‍රදායික කාලතුවක්කු උණ්ඩවලට අමතරව මෙම නූතන යුද ටැංකියට ඉන්වාර් සහ ඉන්වාර්-එම් නම් ද්විත්ව පිපිරුම් අවධි සහිත මිසයිල(tandem-charge/dual-charge missiles) නිකුත් කිරීමේ හැකියාව තිබේ.මෙම මිසයිලවලට විදේශීය හමුදා භාවිතා කරන යුද ටැංකිවල ආරක්ෂිත සන්නාහයන් බිදගෙන යෑමේ හැකියාව තිබේ.

    XGMKDTQ.jpg
    T-90AM යුද ටැංකියක්​

    මීට පෙර ටී-90 යුද ටැංකි භාවිතා කලේ කොන්ටැක්ට්-5/ Kontakt-5 නම් ස්ඵෝටනය වන ප්‍රතික්‍රියක සන්නාහයයි.නව මොඩලය සඳහා යොදාගෙන තිබෙන්නේ මැලකායිට්/Malakhit ප්‍රතික්‍රියක සන්නාහයයි.ටී-14 අමාටා යුද ටැංකිය සඳහා යොදාගන්නා ඇෆ්ගනිට් සක්‍රිය ආරක්ෂක පද්ධතිය ටී-90එම් යුද ටැංකියටද ආදේශ කර තිබේ.සුපුරුදු පරිදි එය ස්ටෝරා-1/Shtora-1 නම් ඉලෙක්ට්‍රො-ප්‍රකාශ සක්‍රිය ආරක්ෂක පද්ධතියෙන් සන්නද්ධය.යුද ටැංකිය අර්ධ-ස්වයංක්‍රීය මාර්ගෝපදේශනයක් සහිත යුද ටැංකි නාශක මිසයිලවල ඉලක්කයන් බවට පත්වීමේ හැකියාව සැලකිය යුතු ප්‍රතිශතයකින් අවම කිරීමට මේ පද්ධතිය සමත්ය.

    ටී-90 යුද ටැංකිය නිර්මාණය කලේ පුද්ගලයන් තිදෙනෙකුට එය පහසුවෙන් හැසිරවීමේ හැකියාව ලබාදෙමින්ය.එහි සිටින්නේ අණදෙන්නා,අවිකරු සහ රියදුරු පමණි.එහි ඇමෙරිකානු ප්‍රතිවාදියා වන ඒබ්‍රම්ස් එම්1ඒ2 යුද ටැංකියක් සේවයේ යෙදවීමට නම් සිව්දෙනෙක් අවශ්‍ය වේ.ටී-90එම් යුද ටැංකිය අශ්වබල 1300ක අලුත් එන්ජිමක්,ස්වයංක්‍රීය ඉලක්ක ලුහුබැදීමේ පද්ධතියක් ආදියෙන්ද සමන්විතය.යුද ටැංකියේ අමතර ආරක්ෂාව සඳහා ලෝහයෙන් තැනූ දැල් ආවරණ එහි කොත සහ කඳ අතර සවිකර තිබේ.

    YU6TUAm.jpg
    T-90A යුද ටැංකියක Shtora-1 පද්ධතිය සක්‍රීය කල අවස්ථාවක්​

    මිල අධික ටී-14 අමාටා යුද ටැංකි ප්‍රමාණවත් සංඛ්‍යාවක් නිපදවීමට රුසියානු ආර්ථික අසමත් වීම නිසා ඉදිරි දශකයක කාලය තුල රුසියානු හමුදාව තවදුරටත් ටී-90,ටී-72 සහ ටී-80 යුද ටැංකිවල නවතම මොඩල මත විශ්වාසය තබන බව පැහැදිලිය.ඒවා ටී-14 යුද ටැංකිවලින් ආදේශවීමට තවත් කාලයක් ගතවේවි.





    Source:warisboring.com

    -HarshaLulzSec-
     
    • Like
    Reactions: Iron Monger

    shanur

    Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    නියමයි මචං..... උබේ අර්ටිකල් ටික පී.ඩී.එෆ් කරලා තියා ගත්තට කමක් නෑ නේද මචං............. ස්නයිපර් ගැන සවිස්තරාත්මක නූලක් දාපන්කො..
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    නියමයි මචං..... උබේ අර්ටිකල් ටික පී.ඩී.එෆ් කරලා තියා ගත්තට කමක් නෑ නේද මචං............. ස්නයිපර් ගැන සවිස්තරාත්මක නූලක් දාපන්කො..

    කමක් නෑ බන්..එළකිරිය නැති කාලෙක මේවාත් මැකිලා යන එකේ.

    ස්නයිපර් ගැන නම් අමුතුවෙන් දාන්න ඕනේ නෑ බන්.කොහෙවත් යන්නේ ඕනේ නෑ, jangun.wordpress.com බ්ලොග් එකට ගියාම හරි.අපි වගේ නෙමෙයි නේ බ්ලොග් එක කරන්නේ අත්දැකීම් තියෙන හමුදාවේ හිටපු නිලධාරියෙක් නේ.:)


    සැඟවුණු මරුවා (පළමුවැනි කොටස)

    සැඟවුණු මරුවා (දෙවැනි කොටස)

    සැඟවුණු මරුවා (තුන්වැනි කොටස)

    සැඟවුණු මරුවා (හතරවැනි කොටස – අවසානය)
     

    shanur

    Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    කමක් නෑ බන්..එළකිරිය නැති කාලෙක මේවාත් මැකිලා යන එකේ.

    ස්නයිපර් ගැන නම් අමුතුවෙන් දාන්න ඕනේ නෑ බන්.කොහෙවත් යන්නේ ඕනේ නෑ, jangun.wordpress.com බ්ලොග් එකට ගියාම හරි.අපි වගේ නෙමෙයි නේ බ්ලොග් එක කරන්නේ අත්දැකීම් තියෙන හමුදාවේ හිටපු නිලධාරියෙක් නේ.:)


    සැඟවුණු මරුවා (පළමුවැනි කොටස)

    සැඟවුණු මරුවා (දෙවැනි කොටස)

    සැඟවුණු මරුවා (තුන්වැනි කොටස)

    සැඟවුණු මරුවා (හතරවැනි කොටස – අවසානය)

    පට්ට මචං මන් ආසම වෙපන් එකක් තමයි ස්නපර් එක තැන්කූ මචො.....සිංහලෙන් වටිනා කියන ලිපියක් හොයාගන්න නෑ බන් ........... පුලුවන් විදිහට දැනුම බෙදා ගන්න ඕන
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    යුද්ධ ටැංකි control කරන්නේ joystick වලින් නේද?
    driverට visibity දෙන්නේ කැමරා වලින් නේද?
    ඒ ගැන පොඩි විස්තරයක් දාපංකෝ
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කොහොම හරි සෝවියට් බඩුවලින් වැඩක් ගන්න චාන්ස් එකක් හම්බ වුනා ,නිදිමත ජෝලගේ යුක්‍රේන් ප්‍රොජෙක්ට් එකට පින් සිද්ධ වෙන්න