යුද නැව් ඩීල් එකට කැබිනට් අනුමැතිය
කිලී මහාරාජාට ජනාධිපති බෑණාට කෝටි දහස් ගණනක් කැපෙන දූෂිත යුද නැව් ඩීල් එකට කැබිනට් අනුමැතිය: කොමිටියක් දානවාටත් ජනාධිපති මුලදී විරුද්ධ වෙයි..
කිලී මහාරාජාට සහ ජනාධිපති බෑණාට රුපියල් කෝටි දහස් ගණනක් ගසා කෑම සඳහා ඉඩ කඩ සලස්වමින් නොවටිනා ගණනකට පරණ යුද නැවක් මිලදී ගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
රටේ යුද්දයක් නැතිව තිබෙන අවස්ථාවක හුදෙක් කොමිස් ගසා කෑමේ එකම අරමුණින්ම ගෙන එන ලද මෙම යුද නැව් ඩීල් කැබිනට් පත්‍රිකාව සඳහා කිසිදු ඇමැතිවරයෙකු ජනාධිපතිවරයාට විරෝධය දැක්වූයේ නැති අතර මංගල සමරවීර පමණක් මෙම ගණුදෙනුව සඳහා කොමිටියක් පත් කරන ලෙස ඉල්ලා සිටියේ ය.
ජනාධිපතිවරයා ඊට ද විරෝධය දක්වමින් කියා සිටියේ මෙය රාජපක්ෂලා විසින් අත්සන් කරන ලද රුසියානු ණයක ඉතිරිය බැවින්ද රටවල් දෙකක් අතර ඍජුව කෙරෙන ගණුදෙනුවක්ද නිසා කොමිටියක් අනවශ්‍ය බවයි.
නමුත් මෙම ගණුදෙනුව ජනතාවගේ අවධානයට ලක්ව ඇති බැවින් කොමිටියක් පත් කිරීම යෝග්‍ය යැයි සමරවීර ඇමැතිවරයා පැවසීමෙන් අනතුරුව කොමිටියක් පත් කිරීමට ජනාධිපතිවරයා අකමැත්තෙන් නමුත් කැමැති විය. එය කුමන වර්ගයේ කමිටුවක් දැයි මෙතෙක් නොදනී.
ලංකා ඊ නිව්ස් කළ සොයා බැලීමේ දී දැන ගන්නට ලැබුනේ රාජපක්ෂලා අත්සන් කළ ණයක ඉතිරි මුදලක් වුවද ඒ ණයෙන් යුද නැවක්ම හෝ යුද අවිම මිලදී ගත යුතු යැයි නියමයක් නැති බවයි. කබල් යුද නැවක් සඳහා වියදම් කරන මේ මුදල ලංකාව පසුගිය වසරේ සෞඛ්‍ය සඳහා වියදම් කළ සම්පූර්ණ මුදලින් බාගයකි. මේ ඉතිරි ණයෙන් රටට අත්‍යාවශ්‍ය වෙනත් දෙයක් මිලදී ගත හැකිය. පෙට් ස්කෑනර් යන්ත්‍රයක් මිලදී ගැනීමට හිඟා කද්දී ජනාධිපති බෑණාට සහ කිලී මහාරාජාට කෝටි දහස් ගණනක මුදලක් කැපෙන (යුද නැවෙන් සහ ඊට අදාල හෙලිකොප්ටර් දෙකෙන් පමණක් රටට අහිමි වන මුදල රු. කෝටි 16,677 කි ) යුද නැවක්ම කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව මිලදී ගැනීම කුමන වර්ගයේ යහපාලනයක්ද? මේ වර්ගයේම අලුත් යුද නැවක් මෙම මුදලට වඩා හරි අඩකටත් අඩුවෙන් මිලදී ගැනීමට හැකියාව තිබියදී වසර 10 ක් පරණ රුසියානු දැරහැව මිලදී ගන්නේ දෙගුණයකටත් අධික මිලකට එනම් ඇ.ඩො. මිලියන 88 ක් වැඩිපුර මිලකට බවත් ඊට අදාල හෙළිකොප්ටර් දෙක නියමිත මිලට වඩා ඇ.ඩො.මිලියන 21 ක් අධික බවත් ලංකා ඊ නිව්ස් හෙළි කෙළේය. එහි රුපියල් වටිනාකම රු. කෝටි 16,677 කි.
මහා දූෂණ විරෝධීන් ලෙස එළියේ පෙනී සිටින චම්පික රණවකලා රාජිත සේනාරත්නලා දයාසිරි ජයසේකරලා සරත් ෆොන්සේකලා ජනාධිපතිගේ දූෂිත කැබිනට් පත්‍රිකාවට නොකර කතා අනුමැතිය දීම කණගාටුදායක ය. කිලී මහාරාජාගේ නාලිකාවෙන් ලැබෙන ප්‍රචාරය නොලැබේ යයි බිය නිසා ජවිපෙ නායකයා ද මේ දූෂිත ගණුදෙනුව ගැන මුඛය වසාගෙන සිටී. රෑට ජනාධිපතිගෙන් කා දවල්ට සත්යග්රහ කරන සිවිල් සංවිධාන නායකයන්ද කෂාය බිව් ගොලුවන්සේ ය. පඳුරකට ගැසූ විට බුරුත්තක් එළියට විසිවන දූෂණ විරෝධී සංවිධානද අන්ධයන් සේ ය. කැබිනට්ටුව නියෝජනය නොකරන එජාප රැඩිකල් රැල්ලද තවමත් නිහඬ ය.
(අදාල කැබිනට් පත්‍රිකාව පහත දැක්වේ)
Source:lankaenews

Last edited:

poddak wiki & other news balapan.

අපිට ඔය නැව් හදන්න තරම් තාක්ෂණයක් නැ . අපිට ප්ලේන් හදනන් තාක්ෂණයක් නැ . එහෙම තාක්ෂය්නය එක්ක ගන්නවා නම් ඔය වගේ නැව් 4ක් 5ක් වත් ඕඩර් කරන්න වෙයි. එතකොට අග්රිමන්ට් ගහන්න පුළුවන් නැව් මෙහෙ හදපන් කියල.