යුධ ජයග‍්‍රහණයට වැඩි ජයක්
යුධ ජයග‍්‍රහණයට වැඩි ජයක්
උතුරු පළාත් සභා මැතිවරණයෙන් දෙමළ ජාතික සන්ධානය ජයග‍්‍රහණය කර ඇත. කොටි ත‍්‍රස්තවාදය යුදමය ලෙස පරාජය කර වසර 04 කට පසු ප‍්‍රථම වතාවට උතුරු පළාතට ලබාදුන් පළාත් සභා මැතිවරණය දෙමළ ජාතික සන්ධානය උපයෝගී කරගෙන ඇත්තේ තම ජාතීවාදී බෙදුම්වාදී ඊළාම් අරමුණු දෙමළ සමාජය මත පටවන්නටත්, නැවත වතාවක් දෙමළ සමාජය දේශපාලන වශයෙන් ප‍්‍රාණ ඇපයට ගැනීමත් සදහාය.
කොටි ත‍්‍රස්තවාදය පරාජය කර ලබාගත් නිදහස, සාමය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයත් ඒ තුළ ලබාදෙන මැතිවරණත් උපයෝගී කර ගන්නේ තම ඊළාම් බෙදුම්වාදී අරමුණු ප‍්‍රචලිත කිරීමටත්, ව්‍යාප්ත කිරීමටත්ය. එමෙන්ම ගොඩනැගෙමින් ඇති සංහිදියාව සහ සහජීවනය බිඳ දැමීමටත්ය. මෙහි අනතුර හා ආදීනව අපි රටටත්, ජනතාවටත්, ආණ්ඩුවේ වගකිව යුත්තන්ටත් පෙන්වා දුන්නෙමු.
දෙමළ සන්ධානය තම ජයග‍්‍රහණය ගැන උදම් ඇණීමෙන් නතර නොවී, ශී‍්‍ර ලංකා රජයටත්, එහි සාමය ඒකීයත්වය අගයන බහුතර ජනතාවටත් සරදම් කරන්නට පටන් ගෙන ඇත. ශී‍්‍ර ලංකා රජය ලැබූ යුද ජයග‍්‍රහණය අභිබවා උතුරේ දෙමළ ජනතාව දේශපාලන ජයග‍්‍රහණයක් හිමිකරගෙන ඇති බවත්, එයට ගරු කර දෙමළ ජනයාගේ අභිලාෂයන්ට ඉඩ නොදුනහොත් ඊළඟ පරපුර යළි ආයුද අතට ගෙන සටන් කරන බවටද තර්ජනය කර ඇත.
ලෝකයේ කිසිම රටක ත‍්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු එහි දේශපාලන පෙරමුණ නිදැල්ලේ කටයුතු කිරීමට ඉඩ දී නැත. දේශපාලන පෙරමුණට පරාජය කිරීමට නෛතික කි‍්‍රයාමාර්ග මෙන්ම දේශපාලන කි‍්‍රයාමාර්ග ගෙන ඇත. එහෙත් එවැනි කිසිදු කි‍්‍රයාමාර්ගයක් ශී‍්‍ර ලංකා රජය දෙමළ ජාතික සන්ධානයට එරෙහිව ගත්තේ නැත. එම ප‍්‍රතිඵල මෙම පළාත් සභා මැතිවරණය තුළින් පිළිබිඹු වී ඇත. උතුරු පළාතෙන් ලබාගත් දේශපාලන ජයග‍්‍රහණය උපයෝගී කරගෙන ශී‍්‍ර ලංකා රජයටත්, එහි ස්වෛරීත්වයටත්, ජනතාවටත් අභියෝග කරන්නට දේශීය හා ජාත්‍යන්තර වශයෙන් දෙමළ සන්ධානය සුදානම් වන්නනේ නම්, නැවත වතාවක් දෙමළ සමාජයටත් දෙමළ අනාගත පරපුරටත් නන්දිකඩාල් බලා යාමට සිදුවනු ඇත. නැත්නම් ඒ 9 පාර දිගේ සංහිදියාවට, සහජීවනයට දෑත් දිගුකළ හැක.
මේ රටේ බහුතර ජනතාවගේ කැමැත්ත වනු ඇත්තේ දෙවන යෝජනාවයි. එයට පිටුපා දෙමළ සමාජය නැවත වතාවක් ඊළාම් බෙදුම්වාදයේ මරු කටට ගෙන යන්නනේනම් එහි වගකීම දෙමළ ජාතික සන්ධානය භාරගත යුතුය. දෙමළ ජාතික සන්ධානයේ බියවැද්දීම්වලට හා තර්ජන ගර්ජන වලට අපි බිය නොවෙමු. යටත් නොවන්නෙමු. දෙමළ ජාතික සන්ධානයේ කි‍්‍රයා කලාපය පිළිබදව අප රටට පෙන්වූ අනතුර යථාර්තයක් වී ඇත. දැන්වත් නාසිවාදී දෙමළ බෙදුම්වාදයේ දේශපාලන පෙරමුණට එරෙහිව ගත යුතු නෛතික හා ව්‍යවස්ථානුකූල පියවරයන් ගන්නා ලෙසට වගකිව යුත්තන්ට බල කර සිටිමු.

Last edited: