යුන්ගාස්_නිම්නයේ_පියාඹන_මිනිස්සු
ලෝක ප්‍රකට අන්දීස් කඳුවැටිය ගැන ඔබ අසා තිබෙනවා. මේ කඳුවැටියේ මධ්‍යම බොලීවියාව හරහා යන කොටසේ නැඟෙනහිර බෑවුමේ පිහිටි නිම්නය හඳුන්වන්නේ යුන්ගාස් නිම්නය යනුවෙන්. ලතින් ඇමරිකාවේ "පියාඹන මිනිසුන්" සිටින නිම්නය ලෙස මෙය හැඳින්වෙනවා. ඔවුන් පියාඹන මිනිසුන් වූයේ කොහොමද කියන එක මේ කතාව කියවද්දී ඔබට වැටහේවි.
"යුන්ගාස්" නිම්නයක් වුණත් එය පිහිටා තිබෙන්නේ මුහුදු මට්ටමට අඩි 650 ක් ඉහළින්. මේ නිම්නයේ සිටින ජනයාගේ ප්‍රධාන වගාව තමයි කොකේන් නමැති මත්ද්‍රව්‍ය නිපදවන කොකා ගස් වගාව.
නිම්නයේ තිබෙන අක්කර ලක්ෂ ගණනක සරුසාර ලෙස කොකා වගාව කරනවා. මේ නිම්නය සමතලා නිම්නයක් නොව කඳුවැටි සමූහයකින් සමන්විත තැනක්. කඳුවල පිහිටි කොකා ගස්වලින් කොළ නෙළා ගැනීම, ගංගාවකින් එතෙර වී ගොස් ඒ කොකා කොළ විකිණීම සඳහා මේ ගොවියන්ට විශාල කාලයක් ගත වෙනවා. සමහර විට පැය හත අටක කාලයක් මේ ප්‍රවාහන කටයුත්ත සඳහා වැය කරන්නට ඔවුන්ට සිදුවෙනවා. එය හරි දුෂ්කර සහ දුක්�ත ජීවිතයක්.
මෙසේ කල් ගතවන අතර දිනක් ගොවියකුට අපූරු කල්පනාවක් පහළ වුණා. ඔහු සිතුවා කඳු අතර යකඩ කේබල් ඇද්දොත් ඒවායේ බොලොක්ක දමා එල්ලී ගමන් කරන්නට ඔවුන්ට හැකි බව. මේ අනුව තම වගාවන් පවතින කඳු දෙකක් යා කරමින් ඔහු කේබලයක් ඇද්දා. ඒ අනුව වෙනදා පැය 8 කින් යන ගමන අද තත්පර 30 කින් යැමට ඔහුට පුළුවන්.
ටික දිනකින් මේ ක්‍රමය ජනප්‍රිය වුණා. අද වන විට යුන්ගාස් නිම්නයේ කඳු සම්බන්ධ කරමින් මකුළු දැලක් බඳුව යකඩ කේබල් ඇද තිබෙනවා. මේ අනුව අද කොකා අස්වැන්න නෙළා අනෙක් පැත්ත බලන විට ගොවියා තම ඉණ බැඳ කොකා කොළ ගෝනි දෙක තුනක් සමඟ මුදලාලිගේ පය පාමුලට එනවා. "දැන් අප අභ්යාවකාශගාමීන්ටත් වඩා ඉක්මනින් පියඹනවා" තරුණ ගොවියෙක් කියනවා.
ගොවීන් තම අස්වැන්න විකුණන්නේ කොකා කොළ ගෝනි 3 ක් ඩොලර් 180 කට. සාමාන්‍යයෙන් මෙබඳු ප්‍රමාණයකින් ඩොලර් ලක්ෂයක් පමණ වටිනා කොකේන් නිෂ්පාදනය කරන්නට පුළුවන්.
කඳු අතර කේබල් ඇදීමේ අදහස මුලින්ම හිතට ආ ගොවියාගේ නම දොන් ඉග්නාසියෝ. ඔහුගේ වයස අවුරුදු 72 යි. මහලු විය නිසා ඔහුට තම අස්වැන්න ප්‍රවාහනය කිරීමේදී බාධා ඇති වුණා. කේබල් අදහස ඔහුට එන්නේ ඒ අනුවයි. "මම මේ කඳුකර නිම්නයට මුල් වතාවට ආවේ 1955 දී. එතකොට මට වයස අවුරුදු 15 යි. මේ නිම්නයට අනෙක් ගොවියන් එක්කගෙන ආවෙත් මම........." ඔහු පසුගියදා අල් ජසීරා රූපවාහිනියට පැවසුවා. "මේ කේබල් බොලොක්ක ක්‍රමය එන්නට පෙර අපි හැමෝම සතුන් වගේ කඳු නගිමින්, කඳු බහිමින් දුක් වින්දා. අද මේ නිම්නය පුරා කේබල් 20 ක් ඇද තිබෙනවා. අපේ බර දරන්න පුළුවන් වන පරිදි ඒ හැම කේබලයක්ම කේබල් හතරක කඹයක් වන ලෙස අඹරා තිබෙනවා. අද මේ නිම්නය හරහා අපි ගමන් බිමන් යන්නෙත් මේ කේබල් මගින්."
කොහොම වුණත් ගත වූ කාලය තුළ මේ කේබල්වලින් ඇද වැටීම නිසා තුන්දෙනෙක් මියගිහින් තිබෙනවා. එක් ගොවියකුගේ සිරුර කැබැලිවලට කැඩී ගොස් තිබුණා.
ලතින් ඇමරිකාවේ 'කෝපි කාලය' නිම වූ පසු එළැඹුණේ කොකා කොළ යුගයයි. කොකා කොළ ඉන්කාවරුන්ගේ කාලයේ සිටම ජනප්‍රිය වී තිබුණා. ඒ කාලයේ මිනිසුන් විඩාව නිවා ගැනීම සඳහා කොකා කොළ හැපුවා.
කොකේන් කුඩු නිෂ්පාදනය කරන කම්හල් රැසක් අන්දිස් කඳුවැටිය පාමුල තිබෙනවා. කොකේන් නිපදවන්නේ එහි ඉස්ම තවත් රසායනික ද්‍රව්‍ය කිහිපයක් සමඟ මිශ්‍ර කිරීමෙන්.
වීඩියෝ එකනම් ටිකක් දිගයි. එත් පොඩ්ඩක් ඉස්සරහට ඇදලා හරි බැලුවොත් පුදුම හිතේවි මුන් යන හැටි දැක්කම.
විස්තර ගත්තේ "දිවයිනෙන්"

TFS!
4+...