යුන්පි-මත-දෙකක්
නව සන්ධානය ගැන එජාපයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය මත දෙකක-යෝජනාව ප්‍රතික්ෂේප වෙයි
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී නව සන්ධානයක් බිහි කිරීම පිළිබඳ වූ යෝජනාව ප්‍රතික්ෂේප වූ බව වාර්තා වෙයි.
මෙම යෝජනවට විරුද්ධව එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ වැඩි පිරිසක් ඡන්දය භාවිතා කර කිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යධිකාරි මණ්ඩලය අරලියගහ මන්දිරයේදී අද උදෑසන රැස්විය.
ඒ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.
අද පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ යුතු බවට පවසන අමාත්‍යවරුන් වන අජිත් පී. පෙරේරා, සුජීව සේනසිංහ ඇතුළු පිරිස ඉල්ලා සිටියේ අගොස්තු 05 වනදා බිහි කිරීමට නියමිත නව සන්ධානයේ අවබෝධතා ගිවිසුම් අත්සන් නොකරන ලෙසයි.
මේ අතර ආමත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට සහය දක්වන පාර්ශවය වැඩිදුරටත් කියා සිටියේ එක්සත් ජාතික පෙරමුණ ප්රමුඛ පක්ෂ කිහිපයක් එක්ව බිහි කිරීමට නියමිත නව සන්ධානයේ ව්‍යවස්ථාවට විරුද්ධ බවය.
එහිදී අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් කියා සිටියේ කෘත්‍යධිකාරි මණ්ඩලයේ බහුතර මත එය සිදුවිය යුතු බවයි.
පසුව බහුතර මතය විසීම සඳහා ඡන්දයක් පැවති අතර එහිදී වැඩි ඡන්ද ප්‍රමාණයක් ලැබී තිබුනේ සන්ධානයක් බිහි කිරීම පිළිබඳ වූ යෝජනාවට විරුද්ධව බව වාර්තා වෙයි.
අප කළ විමසීමකදී එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කියා සිටියේ නව සන්ධානයක් බිහි කිරීම පිළිබඳ වූ යෝජනාව සඳහා පැවති ඡන්ද විමසීමේදී වැඩි ඡන්දයෙන් සම්මත වූ බවයි.
එම ඡන්ද විමසේමේදී අදාළ යෝජනාවට පක්ෂව ඡන්ද 35ක් ලැබී තිබූ අතර අදාළ යෝජනාවට විපක්ෂව ඡන්ද 7ක් ලැබුණු බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා වැඩිදුරටත් කියා සිටියේ මෙම ඡන්ද විමසීමෙදී අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඡන්දය භාවිතා නොකර සිටි බවයි.