යුන්පි-මත-දෙකක්

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    යුන්පි-මත-දෙකක්

    නව සන්ධානය ගැන එජාපයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය මත දෙකක-යෝජනාව ප්‍රතික්ෂේප වෙයි



    එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී නව සන්ධානයක් බිහි කිරීම පිළිබඳ වූ යෝජනාව ප්‍රතික්ෂේප වූ බව වාර්තා වෙයි.

    මෙම යෝජනවට විරුද්ධව එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ වැඩි පිරිසක් ඡන්දය භාවිතා කර කිබේ.

    එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යධිකාරි මණ්ඩලය අරලියගහ මන්දිරයේදී අද උදෑසන රැස්විය.

    ඒ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

    අද පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ යුතු බවට පවසන අමාත්‍යවරුන් වන අජිත් පී. පෙරේරා, සුජීව සේනසිංහ ඇතුළු පිරිස ඉල්ලා සිටියේ අගොස්තු 05 වනදා බිහි කිරීමට නියමිත නව සන්ධානයේ අවබෝධතා ගිවිසුම් අත්සන් නොකරන ලෙසයි.

    මේ අතර ආමත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට සහය දක්වන පාර්ශවය වැඩිදුරටත් කියා සිටියේ එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ පක්ෂ කිහිපයක් එක්ව බිහි කිරීමට නියමිත නව සන්ධානයේ ව්‍යවස්ථාවට විරුද්ධ බවය.

    එහිදී අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් කියා සිටියේ කෘත්‍යධිකාරි මණ්ඩලයේ බහුතර මත එය සිදුවිය යුතු බවයි.

    පසුව බහුතර මතය විසීම සඳහා ඡන්දයක් පැවති අතර එහිදී වැඩි ඡන්ද ප්‍රමාණයක් ලැබී තිබුනේ සන්ධානයක් බිහි කිරීම පිළිබඳ වූ යෝජනාවට විරුද්ධව බව වාර්තා වෙයි.

    අප කළ විමසීමකදී එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කියා සිටියේ නව සන්ධානයක් බිහි කිරීම පිළිබඳ වූ යෝජනාව සඳහා පැවති ඡන්ද විමසීමේදී වැඩි ඡන්දයෙන් සම්මත වූ බවයි.

    එම ඡන්ද විමසේමේදී අදාළ යෝජනාවට පක්ෂව ඡන්ද 35ක් ලැබී තිබූ අතර අදාළ යෝජනාවට විපක්ෂව ඡන්ද 7ක් ලැබුණු බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

    අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා වැඩිදුරටත් කියා සිටියේ මෙම ඡන්ද විමසීමෙදී අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඡන්දය භාවිතා නොකර සිටි බවයි.
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    රටේ මිනිස්සුන්ට කෙලවපු කෙලවිල්ලට, මුන්ට කෙලවේද්දි හෙන කාලකන්නි සතුටක් දැනෙන්නේ මට විතරයි ද?
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    reputation_neg.gif
    යුන්පි-මත-දෙකක් 08-01-2019 09:18 PM elakiriya kanne nathiwa palayan ban. menna venda. ube thread dakiddith vamane yanava


    :lol::lol::lol::lol::lol:
    අසරන වෙච්ච අලි පැටියෙක්.
     

    TrueTalk

    Active member
  • Jun 4, 2017
    392
    124
    43
    සමරන්නද එපාද කිව්වේ නෑනේ අජිත් මහත්තයා:baffled::baffled:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    රටේ මිනිස්සුන්ට කෙලවපු කෙලවිල්ලට, මුන්ට කෙලවේද්දි හෙන කාලකන්නි සතුටක් දැනෙන්නේ මට විතරයි ද?
    නැ අපිත් ඉන්නවා :lol::lol::lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,875
    40,631
    113
    කරු ෆොටෝ ශූටින්ලු. රනිල් සජිත්ට දෙන එකක් නෑ. සජිත් මේපාර නම් පට්ට විදිහට අපේක්ශක කම ගන්න ෆෝම් වෙලයි ඉන්නෙ. සජිත් එජාපයෙ කෑල්ලක් කඩාවි. ස්වාධීනව හරි ඉල්ලන සීන් එහෙක පොර ඉන්නෙ.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    රටේ මිනිස්සුන්ට කෙලවපු කෙලවිල්ලට, මුන්ට කෙලවේද්දි හෙන කාලකන්නි සතුටක් දැනෙන්නේ මට විතරයි ද?




    මහරජාගේ රජවාසල පැත්තෙත් ඔහොම තමා වැඩි වෙනසක් නෑ ! සහෝදරයෝ , දරුවෝ , ගෑනු-මිනිස්සු , බත් බැලයෝ මරාගන්නවා බලය වෙනුවෙන් :P:P:rofl::P:P
     
    • Like
    Reactions: 541100