යුරෝපයට ගිය චාරිකාව

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ජීවිතේ පලවෙනි වතාවට යුරෝපයට ගියා..ලන්කාව වටේ රටවල් වල ඇවිදලා තිබ්බත් යුරෝපෙට යන එක හීනයක් වෙලා තිබ්බේ..ගියොත් පනින්න බලාගෙන ඉන්න ලන්කාවේ අය නිසා මේවගේ ලස්සන රටවල් බලන්න යන්න ලන්කාවේ අයට කොච්චර සල්ලි තිබ්බත් දැන් දෙන්නෙම නැති සීන් එකක් තියෙන්නේ..ලක්ශ 500න් එහා වගේ තියන ලොකු පොරකට ඇරෙන්න යුරෝපෙට විසිට් වීසා එකක් දැන් ගන්නම බැරි තරම්..හේතුව අපේ උන්ගෙම කෙරුවාව..හරියට මොලේ කල්පනා කරලා හම්බ කරනවනම් ලන්කාවේ සල්ලි හම්බ කරන්න ඕනිතරම් ක්‍රම තියනවා..හැබැයි රැල්ලට රටින් පනින එකනේ දැන් ට්‍රෙන්ඩ් එක..ලන්කාවේ කොහොමත් රැලිනේ කාලෙන් කාලෙට තියෙන්නේ.ඒකෙන් වෙලා තියෙන්නේ සල්ලි තියන ලන්කාවේ කෙනෙකුට උනත් පලවෙනි වතාවනම් යන්නේ හරිම අමාරුයි වීසා ගන්න...කොහොමහරි කතාවෙන් වැඩක් නෑ අපි ගමන බලමු..පලවෙනි වතාවට තමයි කිරියට ෆොටෝ එක්ක ත්‍රෙඩ් එකක් දාන්නේ ෆෝන් එකෙන්..ෆොටෝ එහෙම අවුල්නම් සොරි වෙන්න ඕනි හොදේ..

    කොළඹ ඉදන් ස්විට්සර්ලන්තයට යන්න තිබ්බේ එමිරේට්ස් එකේ..
    Screenshot 2022-09-24 041142.jpg

    කොලඹින් පිටත් උනේ පාන්දර 3ට..ඩුබායි ගිහින් එතන පැය දෙක හමාරක් ඉදලා ඩුබායි වලින් උදේ අට හමාරට තිබ්බේ එතන ඉදන් යන්න..කොලඹ ඉදන් ඩුබායි යන ටිකනම් රෑ..එච්චර ෆොටෝ ගත්තේ නෑ..
    Screenshot 2022-09-24 041435.jpg

    ඩුබායි ඉදන් ස්විට්සර්ලන්තයට..
    Screenshot 2022-09-24 040223.jpg

    Screenshot 2022-09-24 041533.jpg
    Screenshot 2022-09-20 074720.jpg

    ඉරාකයට උඩින්
    Screenshot 2022-09-20 074912.jpg

    Screenshot 2022-09-20 075045.jpg

    Screenshot 2022-09-20 074952.jpg

    ස්විට්සර්ලන්තයේ කදු අතරින් ජිනීවා වැව ලගින් යුරෝපයට ගොඩ බැස්ස මොහොත..
    Screenshot 2022-09-20 025520.jpg

    Screenshot 2022-09-20 025027.jpg

    ගොඩක් ෆොටෝ තියනවා..ඊලග ටික පල්ලෙහා..
    මේ ෆොටෝ go pro 8 එකෙන් ගත්ත ඒවා.මේකේ කමෙන්ට් අතරේ ටිකක් පස්සට ගියාම ෆොටෝ සෙට් එකක්ම දාලා තියනවා..කැමති අය බලන්න..
     
    Last edited:

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    Screenshot 2022-09-20 024922.jpg
    Screenshot 2022-09-20 024835.jpg
    Screenshot 2022-09-20 024627.jpg
    Screenshot 2022-09-20 024347.jpg

    ජිනීවා නුවර ලස්සන තැන් ටිකක් බලමු..ජිනීවා ලේක් එක වටේ හරිම ලස්සනයි..ලෝකේ ජීවන වියදම වැඩිම දෙවෙනි නගරය කියලා තමයි ආරන්චි උනේ..
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    මේක බලන ගොඩක් දෙනෙක්ට තව අවුරුදු 30-50 ඇතුලත ලෝකෙ මේ ඕනම රටකට යන්න පුලුවන් වෙයි බන් කිසිම වියදමක් මහන්සියක් නැතිව. (including me) :lol:

    Anyway Good Thread! Keep it up! :)
     
    Last edited:

    lilman

    Well-known member
  • May 10, 2009
    40,918
    54,490
    113
    Colombo
    මචන් මේකේ upload file large කියලා එනවනේ..ඉමේජ් එකක් ඇටෑච් කරද්දී..පුලුවන් තරම් සයිස් අඩු කරලා තියෙන්නේ..☹️😲☹️😲

    Imgbb.com එකට අප්ලෝඩ් කරල ලින්ක් දාන්න
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    තව ෆොටෝස් දාපන් සංචාරය කරන්න හම්බ වුනහම.
    උඹ ගොඩක් රටවලට යන්නද ඉන්නේ?
    සුබ පැතුම් මචං!
    කොහොමත් තව අවුරුදු 20 කින් විතර ඔය තියෙන යුරෝපේ ඉතිරි වෙයිද කියලත් සැකයි!
    උන්ට ලොකු පොටෙන්ෂල් එකක් තිබුනත් මාර විදිහට නේටෝ එක මත ඩිපෙන්ඩ් වෙනවා.
    ඒ අස්සේ එක එක රටවල ජාතිකවාදී මතවාද නිසා EU බිඳිලා විසිරිලා යන්න තියෙන ඉඩ වැඩියි!
     

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    Thnks

    Imgbb.com එකට අප්ලෝඩ් කරල ලින්ක් දාන්න
    මචන්..ඒකේ එකවුන්ට් එකක් හදලා ෆොටෝ අප්ලෝඩ් කරා..ලින්ක් එක මෙතන දාපුවම ක්ලික් කරලද ඒවා බලන්න ඕනි..මෙතන ෆොටෝ එක පෙන්නන්නේ නැද්ද
    ------ Post added on Sep 24, 2022 at 10:25 AM
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,918
    54,490
    113
    Colombo
    Thnks


    මචන්..ඒකේ එකවුන්ට් එකක් හදලා ෆොටෝ අප්ලෝඩ් කරා..ලින්ක් එක මෙතන දාපුවම ක්ලික් කරලද ඒවා බලන්න ඕනි..මෙතන ෆොටෝ එක පෙන්නන්නේ නැද්ද
    ------ Post added on Sep 24, 2022 at 10:25 AM

    Embeded code drop down එකෙන් BBcode full linked කියන එක සිලෙක්ට් කරල එන ලින්ක්ස් ටික මේකෙ දාන්න
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,323
    49,690
    113
    සේදවත්ත
    තව ෆොටෝස් දාපන් සංචාරය කරන්න හම්බ වුනහම.
    උඹ ගොඩක් රටවලට යන්නද ඉන්නේ?
    සුබ පැතුම් මචං!
    කොහොමත් තව අවුරුදු 20 කින් විතර ඔය තියෙන යුරෝපේ ඉතිරි වෙයිද කියලත් සැකයි!
    උන්ට ලොකු පොටෙන්ෂල් එකක් තිබුනත් මාර විදිහට නේටෝ එක මත ඩිපෙන්ඩ් වෙනවා.
    ඒ අස්සේ එක එක රටවල ජාතිකවාදී මතවාද නිසා EU බිඳිලා විසිරිලා යන්න තියෙන ඉඩ වැඩියි!
    එකට තමා නෙටෝ එක තියෙන්නේ . දකුණු ආසුයාවේ ඉදන් නෙටෝ එක ගැන කමෙන්ට් ගහන එක වැරදී අස්සට ඇවිත් නෙටෝ එකේ වැඩ මොනාද බලන්න . පුටින්ට දිරවගන්නත් බැරි ඔය සෝවියට රුසියාව වගේ තියන නෙටෝව තමා.