යුරෝපයේ ඇති එකම බෞද්ධ රාජ්‍යය.

nnccbb

Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    යුරෝපයේ ඇති එකම බෞද්ධ රාජ්‍යය.

    230px-Map_of_Russia_-_Republic_of_Kalmykia_%282008-03%29.svg.png


    270px-Kalmykia03.png
    100px-Coat_of_Arms_of_Kalmykia.svg.png
    රාජ්‍ය ලාංඡනය
    100px-Flag_of_Kalmykia.svg.png
    ජාතික ධජය
    විශාලත්වය: 76,100වර්ග කිලෝ මීටර්
    කල්මිකියාව නැගෙනහිර යුරෝපයේ වොල්ගා නදියේ පහළ මිටියාවතේ තිබෙන රටකි. කැස්‌පියන් මුහුදේ වයඹ දිග වෙරළ කල්මිකියාවේ එක්‌ සීමාවකි.

    මෙය යුරෝපයේ ඇති එකම බෞද්ධ රාජ්‍යය වේ.
    කල්මීකියා ජනරජය රුසියානු ෆෙඩරේෂනයට අයත් අතර බෞද්ධ ජනාධිපති කෙනෙකු යටතේ පාලනය වේ ලෝකයේ බෝහෝ රටවල බෞද්ධයෝ සිටිති. ඔවුන් අතරින් බොහෝ දෙනා ආසියාතික බෞද්ධ රටවලින් සංක්‍රමණය වූවෝය. සෙසු පිරිස බුදුදහම ගැන පැහැදී ඒ අනුව ජීවත්වන අයයි. අතීතයේ දී යුරෝපය දක්‌වා බොහෝ රටවල පැතිර තිබුණ බුද්ධාගම හා බෞද්ධ ශිෂ්ටාචාරය ජනවාර්ගික ආක්‍රමණ හේතුවෙන් විනාශ විය. එම නිසා වර්තමානයේ දී බුද්ධාගම සැලකෙන්නේ ආසියානු රටවලට සීමා වුණ ආගමක්‌ වශයෙනි. නමුත් බෞද්ධ ජනාධිපතිවරයකු විසින් පාලනය කරනු ලබන බෞද්ධ රාජ්‍යයක්‌ යුරෝපයේ තිබේ. එනම් කල්මිකියා ජනරජයයි. කිර්සාන් නිකොලයවිච් ඉලුම්සිනොව් ඒ රටෙහි ජනාධිපතිවරයා ය. කල්මිකියා ජාතික කොඩියේ තිබෙන්නේ කහ පසුබිමක අඳින ලද සුදු පියුමකි. එය යොදාගෙන ඇත්තේ බෞද්ධ සංකේතයක්‌ වන බැවිනි.
    එහි ජනගහණ තුන් ලක්‍ෂ පනස්‌ දහසක්‌ පමණ වෙයි. එයින් සියයට 85 ක්‌ පමණ බෞද්ධයෝය. ඇමෙරිකාවට සංක්‍රමණය වූ කල්මික්‌ පවුලකින් පැවත එන එර්ඩ්න් ඔම්බඩිකොව්තුමා කල්මිකියාවේ බෞද්ධ ආගමික නායකයාය. එතුමා කල්මිකියාවට ආවේ 1992 වසරේදීය. දෙමවුපියන් විසින් ළමාවියේ දීම ඉන්දියාවේ ධර්මශාලාවට යවන ලද එර්ඩ්න් ඔම්බඩිකොව්තුමා බුදුදහම හැදැරුවේ දලයි ලාමා තුමා ඇසුරෙනි. ටිබෙට්‌ බෞද්ධ උතුමකු ව තිලෝපා ලමාතුමාගේ පුනර්ජන්මය යෑයි විශ්වාස කරන නිසා එතුමා හැඳින්වෙන්නේ තෙලෝ රින්පෝෂේ යන ගෞරව නාමයෙනි. කල්මිකියාවේ තිබෙන්නේ කහ හිස්‌වැසුම් පළඳින තිබ්බතයේ ගෙලුප්සා බෞද්ධ සම්ප්‍රදායයි. කල්මික්‌වරුන්ගේ පාරම්පරික විශ්වාසයන් ද බුද්ධාගමට සම්බන්ධ කර තිබේ. එයින් ප්‍රධාන තැනක්‌ ගනනේ විශ්වය ආරක්‍ෂා කරන දෙවියා වශයෙන් ඔවුන්ගේ මුතුන් මිත්තන් ඇදහූ වයස්‌ගත සුදු මිනිසාගේ පිළිරුවට බෞද්ධ දෙවියකු වශයෙන් සලකා පුදපූජා පැවැත්වීමයි. කල්මිග් බෞද්ධයෝ මැයි මාසයේ දී මහළු සුදු දෙවියා වෙනුවෙන් උත්සව පවත්වති.
    කල්මිකියාවේ ජනගහනයෙන් සියයට 85 ක්‌ බෞද්ධයෝ ය. ඒ අතරන් බුද්ධාගම පිළිපදින්නේ සියයට 40 ක්‌ පමණි. සියයට 60 ක්‌ සර්ව බලධාරි දෙවියන් වහන්සේගේ පණිවුඩය අසා නොමැත බෞද්ධයන් සියයට 38 ක්‌ එය අසා තිබුණත් කිතුදහම වැළඳගෙන නැත. කල්මිකියාවේ ක්‍රිස්‌තියානි ජනගහණය සියයට එකකි.


    ගත්තෙ විකපීඩියා එකෙන්:yes:
     
    Last edited:

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    ඒකට හේතුව මෝංගෝලියන් වරුන්ගේ සංක්‍රමණනයි , මේ රටට 16 වැනි සියවසේ සංක්‍රමණය වුන මෝංගෝලියන් වරුන් ඔක්කොම වගේ බෞද්ධ.. යුරෝපයේ තියෙන ආරක්ෂිතම රටවලින් එකක් මේක
    මම හිතන්නේ බෞද්ධ නිසා වෙන්න ඇති..
     

    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    ඒකට හේතුව මෝංගෝලියන් වරුන්ගේ සංක්‍රමණනයි , මේ රටට 16 වැනි සියවසේ සංක්‍රමණය වුන මෝංගෝලියන් වරුන් ඔක්කොම වගේ බෞද්ධ.. යුරෝපයේ තියෙන ආරක්ෂිතම රටවලින් එකක් මේක
    මම හිතන්නේ බෞද්ධ නිසා වෙන්න ඇති..

    ඇත්ත ඇත්ත...:yes::yes::yes:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඒකට හේතුව මෝංගෝලියන් වරුන්ගේ සංක්‍රමණනයි , මේ රටට 16 වැනි සියවසේ සංක්‍රමණය වුන මෝංගෝලියන් වරුන් ඔක්කොම වගේ බෞද්ධ.. යුරෝපයේ තියෙන ආරක්ෂිතම රටවලින් එකක් මේක
    මම හිතන්නේ බෞද්ධ නිසා වෙන්න ඇති..
    :yes::yes::yes: