යුරෝපය කොටි තහනම ඉවත් කරයි

kasippu

Banned
Aug 18, 2011
63
5
0
යුරෝපය කොටි තහනම ඉවත් කරයි

යුරෝපීය සංගමය කොටි තහනම මේ වෙනකොට ඉවත් කර ඇත.මේ අනුව කොටි සංවිධානයට යලිත් සිය කාර්යාල එල්ටීටී නමින් විවෘත කිරීමටත් කොටි ධජය එසවීමටත්, කොටි අරමුදල් යලි ‍රැස් කිරීම සහ කොටි සාමජිකයන්ට යුරෝපයේ නිදහසේ හැසිරීමටත් ඉඩකඩ ඇත.ක්‍රිස් නෝනිස් සිදුවීම නිසා මේ වෙනවිට ආණ්ඩුව යුරෝපය තුල එතරම් ප්‍රසාදයක් නැත.
 

kasippu

Banned
Aug 18, 2011
63
5
0
කොටි 2009 මැයි වලින් පස්සේ කිසිම ප්‍රචන්ඩකාරි හෝ ත්‍රස්තවාදීන් ලෙස ක්‍රියාකරලා නෑ.මේක නිසා මේක අයින් කරන්න සාධාරණ හේතුවක් තියෙනවා යුරෝපයට.හැබයි දිගටම මෙහෙම හිටියොත් එයාලාට ආපහු ජනබලයක් එයි.ඊලම වුනත් ප්‍රජාතන්ත්‍රවාදීව අහිංසාවාදීව ඉල්ලනවනම් අපට ප්‍රශ්නයක් නෑ.
 

signshop

Well-known member
  • May 30, 2011
    12,202
    8,950
    113
    Dubai
    දැන් කට්ටියටම සනීප ඇති. විදේශ කටයුතු අමාත්යන්ශයේ ඉන්න සක්කිලි හැතිකරේ එකතු වෙලා රටට වැඩක් කරපු වැඩක් කරන තානාපතිවරු ඔක්කොම අයින් කරා.. මේ හැම දෙයකින්ම වාසියක් ගත්තේ කොටි සංවිදානය. සජින් වාස්ලා වගේ තක්කඩියො මේ රටේ ඉන්නකල් මේ රටට සෙතක් වෙන්නේ නෑ.. මට පේන්නේ මේ ආරම්භයක් විතරයි වගේ.. මුන් කොහොම හරි මුන්ගේ වැඩේ කර ගන්නවා.. අපේ ගොන් හරක් එකාට එකා කපා ගන්නවා:angry:
     

    nazore

    Member
    Oct 16, 2014
    29
    2
    0
    තහනම ඉවත් කරල කොටි යුරොපයේන්ම ඊලම ඉල්ලපුවම සුද්දන්ට තේරෙයි, මෙහෙ නම් ඊලම බෑ දැන් ඉන්දියාවෙත් බැ මොඩි, සුබ්‍රමනියන් සාමිල කියන්නෙ එල පොරවල්.
     

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    මේන්න මේක හොදට කියවල බලපල්ලා.

    මේන්න මේක හොදට කියවල බලපල්ලා.
    ආණ්ඩුව කිසිවක් නොකර යුරෝපා එල්ටීටීඊ තහනම ඉවත් වෙන්න ඉඩ හරින්නේ දැන් නිදහස් වන එල්ටීටීඊ ගිණුම් වල ඇති කෝටි ගණනක යුරෝ කේ.පී. හරහා ලබා ගන්නයි -මංගල සමරවිර-------

    (ලංකා ඊ නිව්ස් -2014.ඔක්.16, ප.ව.11.00) එල්ටීටීඊ සංවිධානය ත්‍රස්තවාදී ලැයිස්තුවට ඇතුළත් කිරීමේදී යුරෝපා කවුන්සලය විසින් අනුගමනය කරනු ලැබ ඇති ක්‍රියා පටිපාටිමය පදනම යුරෝපා අධිකරණය විසින් නිශ්ප්‍රභා කරමින් එල්ටීටීඊය පිලිබඳ ලිහිල් පිලිවෙතකට මාරුවීමට ඉඩ සැලැස්වීම වත්මන් ආණ්ඩුවේ විදේශ අමාත්‍යාංශයේ නොසැලකිල්ලට වඩා එය රාජපක්ෂ රෙජීමය විසින් සිතා මතා සිදුකළ ඉඩ හැරීමක් යයි එල්ටීටීඊය යුරෝපයේ තහනම් කිරීමෙහිලා විශාල වැඩ කොටසක් කළ හිටපු විදේශ ඇමැති මංගල සමරවීර මහතා ‘ලංකා ඊ නිව්ස්‘ වෙත පැවසීය.

    අද සවස යුරෝපා සංගමයේ අධිකරණය විසින් දුන් ආන්දෝලනාත්මක තීන්දුව සම්බන්ධයෙන් ලංකා ඊ නිව්ස් හිටපු විදේශ ඇමැතිවරයාගෙන් කළ විමසීමකට පිළිතුරු වශයෙන් ඔහු එසේ කීය. වැඩිදුරටත් අදහස් දැක්වූ මංගල සමරවීර මහතා...

    ‘‘එල්ටීටීඊය යුරෝපා සංගමය තුල තහනම් කිරීමට වැඩ කටයුතු කෙළේ මමයි. ඊට හේතු වුනේ එල්ටීටීඊය සතුව විශාල වශයෙන් විදේශ වත්කම් තිබුනේ යුරෝපා රටවලයි. එම වත්කම් යොදා ගත්තේ ලංකාවේ ත්‍රස්තවාදය සඳහා බැවින් අපට එල්ටීටීඊ ක්‍රියාකාරකම් මෙන්ම එහි මූල්‍යමය පදනම අහෝසි කිරීම අත්‍යාවශ්‍ය වී තිබුනා. එකළ යුරෝපා සංගමයට රටවල් 25 ක් අයත් වුනා. මා වෙන් වෙන් වශයෙන් සෑම රටක් සමගම සාකච්ඡා කරලා එල්ටීටීඊය තහනම් කරන්න යෝජනා කළත් රටවල් 7 ක් කැමැති වුනේ නෑ. යුරෝපා සංගමයේ ප්‍රතිපත්ති අනුව තීන්දුවක් ගන්නවා නම් සංගමයට අයත් සියළු රටවල් ඒකමතිකව කැමැති විය යුතුයි. එසේ නැතිව බහුතරයක කැමැත්තෙන් යුරෝපා සංගමය තීන්දු තීරණ වලට එන්නේ නෑ. ඒ නිසා අකමැති වූ රටවල් 7 කැමැත්ත ලබා ගැනීම අපට ගැටළුවක් වුනා. ඉන්පසුව මා ඇමරිකානු එවක රාජ්‍ය ලේකම් වරිය වූ කොන්ඩලීසා රයිස් මහත්මියත්, ගලේන් බර්න්ස් ආසියාව බාර ලේකම්වරයාත් සමග සාකච්ඡා කළා. පසුව ඒ දෙදෙනා අර අකමැති වූ රටවල් හතේ රාජ්‍ය නායකයන් සමග පුද්ගලිකව සාකච්ඡා කර ඒ අයගේ කැමැත්ත ලබා ගත්තා. එහෙම විශාල ප්‍රයත්නයකට පස්සේ තමයි 2006 මැයි 29 වෙනිදා යුරෝපා සංගමය එල්ටීටීඊය ත්‍රස්ත සංවිධානයක් ලෙස පිලිගෙන තහනම් කර ඒ අයගේ තිබුනු මහා විශාල ධනයක් සහිත බැංකු ගිණුම් සහ වත්කම් යුරෝපය තුල වාරණය කරන්නේ.

    දැන් එච්චර අමාරුවෙන් කර ගත්ත දෙයක් රැක ගැනීමට රාජපක්ෂ රෙජීමය අසමත් වෙලා තියෙනවා. ඒකට ප්‍රධාන හේතුවක් තමයි වත්මන් ආණ්ඩුවට නිසි විදේශ ප්‍රතිපත්තියක් නැති කම. මෙතැන කේපී කරුණා වැනි එල්ටීටීඊ නායකයන්ට සුර සැප දෙන ගමන් අසරණ දෙමළ ජනයා එල්ටීටීඊ කියා සිරගත කරගෙන සිටිනවා. මේවා මගින් ලෝකයාට දෙන පණිවුඩය කුමක්ද..? ලංකාවේ එල්ටීටීඊ නායකයන්ට නිදහසේ එන්ජීඕ කරගෙන යන්න පිලිවන් නම් ලෝකයේ අනෙක් රටවල් එල්ටීටීඊය තහනම් කරගෙන සිටීද? මේ සියල්ලටම වඩා මට ලැබී තිබෙන ආරංචි අනුව එල්ටීටීඊ තහනම යුරෝපයේ දිගටම පවත්වාගෙන යෑමට අදාල කටයුතු විදේශ අමාත්‍යාංශ විසින් අරගෙන නෑ. ඒකට හේතුවක් තියෙනවා. එල්ටීටීඊ තහනම ඉවත් වුනාම යුරෝපයේ අර තහනම් කර තිබුනු ගිණුම් වල සල්ලි සහ විශාල වත්කම් යලින් නිදහස් වෙනවා. ඒ කෝටි ගණනක යුරෝ මුදල් සහ දේපොල තිබෙන්නේ වැඩියක්ම කේ.පී. යටතේ. මොකද දැන් ප්‍රභාකරන් ඇවිල්ලා ඒවායේ අයිතිවාසිකම් කියන්නේ නෑනේ. මේ අති විශාල ධනය කේ.පී හරහා රාජපක්ෂ රෙජීමයට ලබා ගන්න පිළිවන් නිසා තමයි එල්ටීටීඊ වාරණය යුරෝපයේ දිගටම තබා ගැනීමට ආණ්ඩුව කිසිවක් සිදු නොකෙළේ. “ මංගල සමරවීර මහතා පැවසීය.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    දැන් කට්ටියටම සනීප ඇති. විදේශ කටයුතු අමාත්යන්ශයේ ඉන්න සක්කිලි හැතිකරේ එකතු වෙලා රටට වැඩක් කරපු වැඩක් කරන තානාපතිවරු ඔක්කොම අයින් කරා.. මේ හැම දෙයකින්ම වාසියක් ගත්තේ කොටි සංවිදානය. සජින් වාස්ලා වගේ තක්කඩියො මේ රටේ ඉන්නකල් මේ රටට සෙතක් වෙන්නේ නෑ.. මට පේන්නේ මේ ආරම්භයක් විතරයි වගේ.. මුන් කොහොම හරි මුන්ගේ වැඩේ කර ගන්නවා.. අපේ ගොන් හරක් එකාට එකා කපා ගන්නවා:angry:

    රටක බුද්ධිමත්ම මිනිස්සු ඉන්න ඕන තැනක, රටේ හොඳම අම්බරුවෝ ටික ඉන්න කොට ඔහොම වෙනවා බන්. ඒක ස්වාභාවිකයි. :)
     

    kasippu

    Banned
    Aug 18, 2011
    63
    5
    0
    තහනම ඉවත් කරල කොටි යුරොපයේන්ම ඊලම ඉල්ලපුවම සුද්දන්ට තේරෙයි, මෙහෙ නම් ඊලම බෑ දැන් ඉන්දියාවෙත් බැ මොඩි, සුබ්‍රමනියන් සාමිල කියන්නෙ එල පොරවල්.

    uba vage modayek.mee harakek.koti kohomada hutto europe vala eelam illanne.europe vala tamils aya visirila inne.tamils aya vadiyen inna areas naha.
     

    nazore

    Member
    Oct 16, 2014
    29
    2
    0
    uba vage modayek.mee harakek.koti kohomada hutto europe vala eelam illanne.europe vala tamils aya visirila inne.tamils aya vadiyen inna areas naha.
    උබ වගේ මොඩයෙක් එතකොට මුස්ලිම් රාජ්ජයක් ඉල්ලන්නෙ යුරොපයෙ, :P:P උබ දන්නවද ඊශ්ශයලය හැදුනෙ කොහොමද කියල. :P:P:P:P:P අනික ඊලම යුරොපය හැදෙයි කියුවම දුක හිතුනද සුද්දගෙ .........:rofl::rofl:
     

    kasippu

    Banned
    Aug 18, 2011
    63
    5
    0
    ආණ්ඩුවෙ දක්ශකම හින්දද එතකොට තහනම් වෙලා තිබ්බෙ, :P:P

    ල්ටීටීඊ සංවිධානය ත්‍රස්තවාදී ලැයිස්තුවට ඇතුළත් කිරීමේදී යුරෝපා කවුන්සලය විසින් අනුගමනය කරනු ලැබ ඇති ක්‍රියා පටිපාටිමය පදනම යුරෝපා අධිකරණය විසින් නිශ්ප්‍රභා කරමින් එල්ටීටීඊය පිලිබඳ ලිහිල් පිලිවෙතකට මාරුවීමට ඉඩ සැලැස්වීම වත්මන් ආණ්ඩුවේ විදේශ අමාත්‍යාංශයේ නොසැලකිල්ලට වඩා එය රාජපක්ෂ රෙජීමය විසින් සිතා මතා සිදුකළ ඉඩ හැරීමක් යයි එල්ටීටීඊය යුරෝපයේ තහනම් කිරීමෙහිලා විශාල වැඩ කොටසක් කළ හිටපු විදේශ ඇමැති මංගල සමරවීර මහතා ‘ලංකා ඊ නිව්ස්‘ වෙත පැවසීය.

    අද සවස යුරෝපා සංගමයේ අධිකරණය විසින් දුන් ආන්දෝලනාත්මක තීන්දුව සම්බන්ධයෙන් ලංකා ඊ නිව්ස් හිටපු විදේශ ඇමැතිවරයාගෙන් කළ විමසීමකට පිළිතුරු වශයෙන් ඔහු එසේ කීය. වැඩිදුරටත් අදහස් දැක්වූ මංගල සමරවීර මහතා...

    ‘‘එල්ටීටීඊය යුරෝපා සංගමය තුල තහනම් කිරීමට වැඩ කටයුතු කෙළේ මමයි. ඊට හේතු වුනේ එල්ටීටීඊය සතුව විශාල වශයෙන් විදේශ වත්කම් තිබුනේ යුරෝපා රටවලයි. එම වත්කම් යොදා ගත්තේ ලංකාවේ ත්‍රස්තවාදය සඳහා බැවින් අපට එල්ටීටීඊ ක්‍රියාකාරකම් මෙන්ම එහි මූල්‍යමය පදනම අහෝසි කිරීම අත්‍යාවශ්‍ය වී තිබුනා. එකළ යුරෝපා සංගමයට රටවල් 25 ක් අයත් වුනා. මා වෙන් වෙන් වශයෙන් සෑම රටක් සමගම සාකච්ඡා කරලා එල්ටීටීඊය තහනම් කරන්න යෝජනා කළත් රටවල් 7 ක් කැමැති වුනේ නෑ. යුරෝපා සංගමයේ ප්‍රතිපත්ති අනුව තීන්දුවක් ගන්නවා නම් සංගමයට අයත් සියළු රටවල් ඒකමතිකව කැමැති විය යුතුයි. එසේ නැතිව බහුතරයක කැමැත්තෙන් යුරෝපා සංගමය තීන්දු තීරණ වලට එන්නේ නෑ. ඒ නිසා අකමැති වූ රටවල් 7 කැමැත්ත ලබා ගැනීම අපට ගැටළුවක් වුනා. ඉන්පසුව මා ඇමරිකානු එවක රාජ්‍ය ලේකම් වරිය වූ කොන්ඩලීසා රයිස් මහත්මියත්, ගලේන් බර්න්ස් ආසියාව බාර ලේකම්වරයාත් සමග සාකච්ඡා කළා. පසුව ඒ දෙදෙනා අර අකමැති වූ රටවල් හතේ රාජ්‍ය නායකයන් සමග පුද්ගලිකව සාකච්ඡා කර ඒ අයගේ කැමැත්ත ලබා ගත්තා. එහෙම විශාල ප්‍රයත්නයකට පස්සේ තමයි 2006 මැයි 29 වෙනිදා යුරෝපා සංගමය එල්ටීටීඊය ත්‍රස්ත සංවිධානයක් ලෙස පිලිගෙන තහනම් කර ඒ අයගේ තිබුනු මහා විශාල ධනයක් සහිත බැංකු ගිණුම් සහ වත්කම් යුරෝපය තුල වාරණය කරන්නේ