යූරෝපයේ ඉදිවූ විශාලතම සෑ රජාණන් වහන්සේ

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    එංගලන්තයේ ශ්‍රී ලාංකිකයින්ට සුවිශේෂී ඓතිහාසික දිනයක්!

    2023 සැප්තැම්බර් 16 සෙනසුරාදා දිනයට එංගලන්තයේ බර්මිංහැම් නගරයට උඩින් හිරු උදා වෙන්නේ මෙරට ශ්‍රී ලාංකිකයින්ට තවත් සුවිශේෂී ඓතිහාසික දිනයක් සනිටුහන් කරමින් බව මෙලෙස සටහන් තබන්නේ හද පිරි සතුටිනි. ඒ අලුතින් ඉදි වූ බර්මිංහැම් බෞද්ධ මහා විහාරයේ (Birmingham Buddhist Maha Vihara) අභිනව විහාර ගොඩනැගිල්ල සහ එහි ඉහළ මාළයේ අහස් කුස සිප ගන්නා බුබ්බුලාකාරයෙන් ඉදි වූ චෛත්‍ය රාජයාණන් වහන්සේ මහ බ්‍රිතාන්‍යයේ බෞද්ධ හා අබෞද්ධ ජනතාවට විවෘත වන දිනය නිසාවෙනි. මෙම චෛත්‍ය රාජයාණන් වහන්සේ යුරෝපයේ මෙතෙක් ඉදි වූ විශාලතම චෛත්‍යය ලෙස ඉතිහාස ගත වන්හ.
    තවද මෙම විහාරස්ථානය සුවිශේෂී වන්නේ, හුදෙක් බෞද්ධයින්ට පමණක් සීමා වූ මධ්‍යස්ථානයක් නොවීමත් ය. එය ඕනෑම ආගමක් අදහන, ඕනෑම ජාතියකට අයත් කෙනෙකුට අවශ්‍ය පහසුකම් සපයා ගත හැකි ස්ථානයකි.
    එසේ සැළකීමේදී මෙම විහාරස්ථානයෙන් සිදුවන සේවාවන් රාශියකි. එය එක්තරා ආකාරයට ජනතාවට නිරතුරුවම විවිධ සේවා හා පහසුකම් සපයන කේන්ද්‍රස්ථානයකි.
    එහෙයින් මෙම විවෘත වන අභිනව බර්මින්හැම් මහා විහාරය මෙරට ජීවත්වෙන ශ්‍රී ලාංකිකයින්ටත්, මෙම ස්ථානයට වන්දනා මාන කිරීමටත් විවිධ ජාතික, ආගමික, සංස්කෘතික හා සමාජ වැඩ කටයුතු කර ගැනීමට නිරතුරුවම පැමිණෙන අම්බෙඩ්කාර්, චීන, වියට්නාම්, තායි, ඉන්දියානු, බුරුම ඇතුළු අනෙකුත් බෞද්ධ ජනතාවටත්, බ්‍රිතාන්‍යයේ ඉංග්‍රීසි බෞද්ධ ජනතාවටත් වැදගත් දිනයක් වන්නේ ඒ නිසාවෙනි.
    එක්සත් රාජධානියේ බර්මිංහැම් බෞද්ධ මහා විහාරය, ලෙස්ටර් ධර්මාශෝක බෞද්ධ විහාරය, ස්ටොක් ඔන් ට්‍රෙන්ට් බෞද්ධ විහාරය යන විහාරත්‍රයාධිපති, ජාත්‍යන්තර සහන පදනමේ සභාපති, ශ්‍රී රෝහණ රත්න පරියාප්ති විශාරද, සද්ධර්මවාගිශ්වරාචාර්‍ය, විශ්ව කීර්ති ශ්‍රී සුමංගල, මහා විහාරවංසික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහා බ්‍රිතාන්‍යයේ උප ප්‍රධාන සංඝ නායක,මහා බ්‍රිතාන්‍යයේ රැජින විසින් පිරිනමනු ලබන OBE (Order of the British Empire) සම්මානයෙන් පිදුම් ලැබූ,ආචාර්ය අතිපූජනීය විතාරන්දෙණියේ කස්සප නායක මහා ස්වාමින් වහන්සේගේ අප්‍රතිහත උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස මෙම අවස්ථාව හඳුන්වාදිය හැක.

    https://www.facebook.com/share/p/sayghoEMr5jBCadf/

    381059972_666047732256806_943322210755967270_n.jpg

    374205686_666046958923550_701652484180411821_n.jpg

    378813781_10161203202299427_197777337985954887_n.jpg

    376632059_3574764479404506_3057380026015855523_n.jpg

    379238164_10161203211699427_8296966661278197059_n.jpg
     
    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    677
    914
    93
    අවශ්‍ය උනොත් ගලවන්න පුළුවන් විදිහට නේද හදලා තියෙන්නේ?
     
    • Haha
    Reactions: Candid-B

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,253
    1
    2,931

    🙏🙏🙏 thawth විශාල seyak හදන්න wasanawa labewa 🙏🙏🙏
     
    • Haha
    Reactions: dilann and Candid-B