යෙහාලි සංගක්කාර මෑණියෝ

dilann

Well-known member
  • Jul 6, 2018
    67,376
    166,757
    113
    එකමත් එක රටක
    බය තමා සේරම ආගම් වල පැවැත්ම.
    බය තියන දෙයින් රැකෙන්න තමා ආගමේ රැඳෙන්නෙ.
    බය කරන එකයි, තමන්ගේ ආගමට ආවම අමුතු දේවල් ලැබෙන එකයි.

    බුද්ධාගම ගත්තත් කියනව බුදුන් කෙරෙයි, ධර්මය කෙරෙයි සැකය පවක් කියලා.
    සාමාන්‍ය දන් දීමයි, හාමුදුරු කෙනෙක්ට දෙන දානයයි වෙනස්. එහෙනම් දානය දෙකම එක වෙන්න ඕනේ. එහෙම නෑ . කටින් පුජාවේ තියනව කියන පින් ටික බලපං.
    තමන්ගේ එකට ආවාම මේ මේ වගේ දේවල් ලැබෙනවා. ඒක පිළිගත්තේ නැත්නම් මේ වගේ දුක් විදින්න වෙන්ව කියලා තමයි ඔය ආගම් ඔක්කොම පවතින්නේ..
     
    • Like
    Reactions: ජොසී

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,912
    113
    මට කියපන්කෝ ධර්මය කෙරෙහි සැකය පවක් ද නැද්ද කියලා ??
    එහෙම පවක් වෙන්න බෑ. තර්කයක් කරන්න ඉඩක් තියෙන්න ඕනි. හැබැයි ප්‍රසිද්දියේ විවේචනයෙන් නම් පව් සිද්ධ වෙනවා. ඔය දේශනා කරලා තියෙන්නේ විශ්වාසයක් නැත්තන් නිවන් දකින්න බෑ කියලා. ඕක හරියට නිවටන්ගේ තියරි බොරු කියලා හිතාගෙන ඒක තේරුම් ගන්න යනවා වගේ වැඩක්. එක්කෝ තමන්ම path එක හොයා ගන්න ඕනි. ඒකට ඉඩ කොතනකවත් වහල නෑ.

    තර්ක නොකර ඉඳපං ඉතිං එහෙනම්. බුද්ධාගම කොහොමත් මාකටිං fail තමා. පළමු 500 නම දුන්න ගේම දැං ඉන්න උං දෙන්නෙ නෑ නෙ. සුලුතරයක් හෙන ගේමක් දෙනවා America වගේ රටවලට ගිහිං මෝඩයෝ ටිකක් අල්ලගන්න. ඊට වඩා impact එකක් නෑ. දලයි ලාමා තව පොඩ්ඩක් ස්පිරිචුවල් පැත්තෙන් සහ ටෝක් ඉෂූ කරමින් digital platform වල හොඳ ගේමක් දෙනවා.
    කොහොම හරි 2050 වෙනකොට බෞද්ධ ප්‍රතිශතය තවත් පහල බහිනවා කියලා තමා data analyst කරන අය නම් කියන්නෙ.
    එහෙම තමයි ඉන්න හිටියේ ප්‍රශ්නයක් අහලා තිබ්බ එකට උත්තරයක් දුන්නේ. ඕකට පස්සේ තවත් ප්‍රශ්නයක් ඇහුවොත් උත්තර දෙන්න වෙනවා.

    ඔව් ඉතින් දැන් මිනිස්සු කොහොමත් spiritual පැත්තට නෙවෙයි නේ යන්නේ. මිනිස්සුන්ගෙ focusing වගේ දේවල් අඩු වෙන්න වෙන්න ඔහොම තමයි වෙන්නේ 🤪
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    එහෙම පවක් වෙන්න බෑ. තර්කයක් කරන්න ඉඩක් තියෙන්න ඕනි. ඔය දේශනා කරලා තියෙන්නේ විශ්වාසයක් නැත්තන් නිවන් දකින්න බෑ කියලා.
    දහම් පාසල් ගියෙ නැද්ද?
    පංච නීවරණ වල අවසාන එක බලන්න.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,912
    113
    බය කරන එකයි, තමන්ගේ ආගමට ආවම අමුතු දේවල් ලැබෙන එකයි.

    බුද්ධාගම ගත්තත් කියනව බුදුන් කෙරෙයි, ධර්මය කෙරෙයි සැකය පවක් කියලා.
    සාමාන්‍ය දන් දීමයි, හාමුදුරු කෙනෙක්ට දෙන දානයයි වෙනස්. එහෙනම් දානය දෙකම එක වෙන්න ඕනේ. එහෙම නෑ . කටින් පුජාවේ තියනව කියන පින් ටික බලපං.
    තමන්ගේ එකට ආවාම මේ මේ වගේ දේවල් ලැබෙනවා. ඒක පිළිගත්තේ නැත්නම් මේ වගේ දුක් විදින්න වෙන්ව කියලා තමයි ඔය ආගම් ඔක්කොම පවතින්නේ..
    ඔව් ඉතින් පවක් තමයි. පව කියන්නේ කර්මය. කර්මය කියන්නේ නරකක් වෙන්න තියෙන ඉඩ. ඇත්තක් ගැන සැකයක් තිබ්බාම බොරුවට ළං වෙනවා. බොරුවට ළං වුණාම හොඳක් ද වෙන්නේ නරකක් ද? හරියට එක ජනාධිපති අපේක්ෂකයෙක් කියනවා මං ගැන විශ්වාසය තියන්න මම මේ රට සංවර්ධනය කරන්න ඔයාලට පාර හදලා දෙන්නම් කියලා. පොර ඇත්තටම කියන්නේ අවංකව. එතකොට රනිල් හරි මහින්ද කියනවා මට ඡන්දෙ දෙන්න මේක දිව්‍යලෝකේ වගේ කරලා දෙන්නම් කියලා. මිනිස්සු මහින්දට හරි රනිල්ට ඡන්දෙ දෙනවා. ඉතුරු ටික හිතා ගන්න.

    දහම් පාසල් ගියෙ නැද්ද?
    පංච නීවරණ වල අවසාන එක බලන්න.
    හරි ඉතින් ඔය දේශනා කරලා තියෙන්නේ අපාගත වෙනවම කියලා නෙවෙයි. හැබැයි පිරිහෙන ලක්ෂණ. පංචනීවරණ කියන්නේ කෙනෙක් පිරිහෙන ලක්ෂණ. කමමැලිකම එහෙම තියෙන්නෙත් ඔයා පංචානීවරණවල තමයි 😂 ඔයාට අමතකයි නේ පාඩම. කම්මැලි වුණාම අපායේ යනවා කියල නම් අහලා නෑ
    ------ Post added on Nov 20, 2022 at 3:16 PM
     
    දේසපාලුවෝ කරන්නෙත් මාකටින් , ආගම් වල කරන්නෙත් මාකටින් තමයි බන් ඉතින්..
    තමන්ගේ එකේ එකට ආවම හම්බෙන ලාබ ප්‍රයෝජන ගැනයි, ඒක ප්‍රතික්ෂේප කරාම වෙන හානි ගැනයී කියලා මක්ට් කරන්නේ ඔය ඔක්කොම ආගම්. බුද්දාගම විතරක් නෙවෙයි.
    හැබැයි ඒවා වල නායකයෝ වගේ ඉන්න සෙට් එක නම් අනුගාමිකයෝ ටික අන්දලා වෙනම ගේමක් ගහල සැපේ ඉන්නව. එතන තියෙන්නේ වෙනම මාකටින් එකක්.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    හරි ඉතින් ඔය දේශනා කරලා තියෙන්නේ අපාගත වෙනවම කියලා නෙවෙයි. හැබැයි පිරිහෙන ලක්ෂණ. පංචනීවරණ කියන්නේ කෙනෙක් පිරිහෙන ලක්ෂණ. කමමැලිකම එහෙම තියෙන්නෙත් ඔයා පංචානීවරණවල තමයි 😂 ඔයාට අමතකයි නේ පාඩම. කම්මැලි වුණාම අපායේ යනවා කියල නම් අහලා නෑ
    ------ Post added on Nov 20, 2022 at 3:16 PM
    https://www.budusarana.lk/budusarana/2017/09/13/tmp.asp?ID=vision06
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    වහාම ක්‍රියාත්මක වන පරිදි මැතිවරණ කොමිසම අහෝසි කලයුතු අතර සේවකයො වෙන ආයතනවලට මාරුකරන්න.

    මැච් වලට ඔහොම කරන්න පුලුවන්නම් ඉලෙක්ශන් එපා පාස්ටර්ලට බාරදෙන්න ආශිර්වාදලත් සුපිරි 225ක් තෝරල දෙන්න කියල.. විසාල වියදම් ඉතුරුවක්

    Shall we ask Pastors to give 225 best people for parliament
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේවා මාකටින් නෙවෙයිද ??
    මෙහෙම ඕන ලෙඩක් හොද වෙනවද ??
    මෙහෙම සල්ලි හම්බෙනවද පිරිත් වලින් ??

    යු ට්යුබ් විඩියෝ දාන එකයි, තරග පාවල දෙන එකයි දෙකක්.. තේරෙන් නැ වගේ මායම් දාන්ඩ එපා

    මට කියපන්කෝ ධර්මය කෙරෙහි සැකය පවක් ද නැද්ද කියලා ??
    පවක් නෙමේ,නීවරණයක්..දැන් නිවරන කියන්නෙ මොකක්ද කියල ගූගල් කරල දුවන් වරෙන්
    ------ Post added on Nov 20, 2022 at 3:59 PM

    බය කරන එකයි, තමන්ගේ ආගමට ආවම අමුතු දේවල් ලැබෙන එකයි.

    බුද්ධාගම ගත්තත් කියනව බුදුන් කෙරෙයි, ධර්මය කෙරෙයි සැකය පවක් කියලා.
    සාමාන්‍ය දන් දීමයි, හාමුදුරු කෙනෙක්ට දෙන දානයයි වෙනස්. එහෙනම් දානය දෙකම එක වෙන්න ඕනේ. එහෙම නෑ . කටින් පුජාවේ තියනව කියන පින් ටික බලපං.
    තමන්ගේ එකට ආවාම මේ මේ වගේ දේවල් ලැබෙනවා. ඒක පිළිගත්තේ නැත්නම් මේ වගේ දුක් විදින්න වෙන්ව කියලා තමයි ඔය ආගම් ඔක්කොම පවතින්නේ..
    මෙහෙම එකක් බුද්ධාගමේ නැ ටොන් පච කියවන්ඩ එපා, උබ කතෝලිකනෙ නොදන්න බුද්ධාගම ගැන දන්නවවගේ කියවන්ඩ එපා, ගූගල් කරාට බුද්ධාගම ඉගෙන ගන්ඩ බැ..
    ------ Post added on Nov 20, 2022 at 4:01 PM
     
    • Like
    Reactions: elajani

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    තමන් කැමති ආගමක් ඇදහීමේ හා විශ්වාස කිරීමේ අයිතිය අපි හැමෝටම තියෙනවා. ඒක මානව අයිතිවාසිකමක්.

    කෙනෙකුට ආගමික වෙන්නත්, කෙනෙකුට නිරාගමික වෙන්නත් මේ දේශපාලන අවකාශය තුල ඉඩ තිබෙනවා. ඒවා පුද්ගල නිදහස සම්බන්ධ අයිතීන්.

    අපේ ලංකාවේ බහු ආගමික මිනිසුන් සිටිනවා. ඒ ඒ ආගම් වල විවිධ ඇදහිලි හා විශ්වාස තියෙනවා. අපි එකිනෙකාට ඇඟිලි දික් කර ගන්නේ නැතුව තමන්ගේ විශ්වාසය ඇදහිල්ල කර ගෙන සිටීමයි වැදගත්.

    හරිත දේශපාලනයේ වැදගත් මූලධර්මයක් තමයි Respect Diversity කියන්නේ. ඒ කියන්නේ විවිධත්වයට ගරු කිරීම. එය නූතන බහු සංස්කෘතික බහු ආගමික සමාජයක අත්‍යාවශ්‍යතාවයක්. එසේ නොවී සමාජයක් සතුටින් තියන්න බෑ.

    බුද්ධාගම තුල වුවත් විවිධ ඇදහිලි ක්‍රම තියෙනවා. පන්සල් ඇතුලට දේවාල ඇවිත් තියෙනවා. එක පන්සලක විශාල පූජා, පිංකම් තියෙන කොට තවත් පන්සලක වෙනත් ආකාරයේ දේවල්. කඨිනය මහෝත්සවයක් වෙන කොට තවත් ආරණ්‍යයක නිහැඬියාවක් තියෙනවා.

    මේ කුමන ආකාරයට හෝ පුර්වැසියන් අධ්‍යාත්මික වීමයි වැදගත්. තමන්ට අධ්‍යාත්මය ලැබෙන දේ වෙනකෙකු විසින් තෝරා දිය යුතු හෝ තීන්දු කළ යුතු නෑ.

    එකිනෙකා විවේචනය කර ගැනීමෙන් තොරව ජීවත් වෙන රටක් හදමු.

    සංහිඳ ළඟ භාරයට කිරි ඉතිරීම
    වන අතු කඩා ගස් දෙබලක දැවටීම
    කෙම්මුර දවස් වල පහනින් සැරසීම
    මම නොකෙරුවත් නොකළෙමි එය ගැරහිම

    පැතුම්
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    මෙතන සමහරු කපටි විදියට මේවා විශ්වාස පිටින් දාලා ශේප් කරන්න හදනවා. උන්ට සිංහලෙන් කියන්නම්.

    1) මේ ආගමික විශ්වාසයක් නෙවෙයි, යෙහාලිම කියනවා යෙහාලි දැන් සාම්ප්‍රදායික ක්‍රිස්තියානි නෙවෙයි කියලා, මේක ඊට එහා ගිය මිත්‍යාවක්, ආක්‍රමණයක්.

    2) යෙහාලි කියනවා ක්‍රිකට් යාලුවන්ට ප්‍රශ්න ආවම එයාලා ලඟට අරන් ප්‍රේ කළාලු. ඒ කියන්නේ ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට තිබුනු ආගමික බලපෑම මෙතනින් පැහැදිලිව යෙහාලිගේ කටින්ම කියවෙනවා නේද ?

    3) තමන් අදහන විශ්වාසයෙන් එහා ගිහින් යෙහාලි අනුන්ට, රට වෙනුවෙන් ක්‍රීඩා කරන ක්‍රීඩකයොන්ට තමන්ගේ විශ්වාස ඔබ්බවලා. ඒක හරිද ? අපි කට පු* වහන් ඉන්න ඕනද ?

    4) යෙහාලි මෙතන කියනවා දවසක් වැස්සලු, එයා ප්‍රේ කරාම වැස්ස නැවතුනාලු. ඒ කියන්නේ සෙව්වන්දිගෙයි මෙයාගෙයි මොකක්ද වෙනස ? සෙව්වන්දි බුලි කරලා මෙයා රකින්නෙ ඇයි ?

    5) මේවා පාවිච්චි වෙන්න අන්‍යාගමීකරන මාකටිං ට්‍රික්ස් විදියට. මෙයා පැහැදිලිව අන්තිමට කියනවා, හැමෝම දෙවියො ඉන්නවා කියලා හිතලා ජීසස්ට කතා කරන්නලු, ඒ මොකක්ද ඒ?

    - a comment copied from facebook
    තොපෙ අරගල වීරයෝ
    දැන් රෙද්දෙ රෙවුනම ඒවත් රැට්ට වේ පුතාට කියල හෝද ගනින්
     
    • Haha
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකද බන් එහෙම නැත්තේ?
    මේව කරාම මේව ලැබෙනව අරව ලැබෙනව කියල කොච්චර බණ වල කියනවද??
    ලැබෙනව තමයි පාරෙ යන බල්ලෙක්ට කන්ඩ දීපන්කො, අඩුම ගානෙ ඌ නැට්ට හරි වනනව .
     
    • Haha
    Reactions: dilann

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,912
    113

    "මේ අට ස්ථාන පිළිබඳ ඇතිවන සැකය ධර්මයේ විචිකිච්ඡාව ලෙස හඳුන්වනවා. ගලා ගෙන යන වතුර දිගටම ගලාගෙන නො ගොස් මුහුදට නො වැටී අතරමඟ නතර වන්නා සේ මේ පිළිබඳව සැක කරන පුද්ගලයාට ආර්ය මාර්ගයේ ගමන් කිරීමට නොහැකි වෙනවා. "

    අපායේ යනවා කියලා නෑ. නිවන් ලබන්න බෑ කියලා කියන්නේ. කලින් කිව්ව වගේ තමයි. නිව්ටන් ගේ theory විශ්වාස නොකරන පොරක් ගුරුත්වාකර්ෂණ ගැන විශ්වාසය ඇති කරගන්න යනවා වගේ වැඩක් කියලා කියන්නේ. නැතුව අපායේ යන්නේ නෑ එහෙම
     
    ගුගල් කරන් කියවන්ඩ එන ගොන් හැත්ත පොඩ්ඩක් ඉගෙන ගනිල්ල, දෙයිය දෙන ලබ්බක් නැ එහෙනම් ඌ සහරානට මිටියෙන් ගහල තොපිව බේර ගන්නව,
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,912
    113
    මේවා මාකටින් නෙවෙයිද ??
    මෙහෙම ඕන ලෙඩක් හොද වෙනවද ??
    මෙහෙම සල්ලි හම්බෙනවද පිරිත් වලින් ??

    අනේ බං මෙතන point එක මොකක් ද? උඹ මේ තර්ක කරන්නේ මොකක් ගැන ධය?මෙතන point එක අන්‍යාාගම්කරණය. බලපන්කෝ ඉතින් ඔක්කෝම පටලවාගෙන නේ.

    P.s. මම thumbnail හරියට බැලුවේ දැන් මේ views ගන්න දාපු ඒවනෙ 😂 මේවාට ද ඔයාලා අන්‍යාගම්කරනය කියන්නේ. හරියට මොළයක් තියෙන එකෙක් මේවගේ ඇත්ත තේරුම් ගන්නවා නේ. මේ දේවල් බුදුන් වහන්සේගේ හරියටම මෙහෙම වෙනවා කියලා දේශනා කරපු දේවල් නෙවෙයි නේ බං. මේවා අදාල කරගන්න බෑ.
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,376
    166,757
    113
    එකමත් එක රටක
    අනේ බං මෙතන point එක මොකක් ද? උඹ මේ තර්ක කරන්නේ මොකක් ගැන ධය?මෙතන point එක අන්‍යාාගම්කරණය. බලපන්කෝ ඉතින් ඔක්කෝම පටලවාගෙන නේ
    අගම් අදහන උන් තමන්ගේ ආගම ගැන පච පතුරවල මාකට් කරන එක…
    ඔය තියෙන්නෙත් ඒ වගේ දෙයක්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බල්ල නැට්ට වනන එකද දානයෙන් ලැබෙන විපාකය? 🤭
    පේන රියක්ශන් එක ඇතිනෙ, තමන්ගෙ හිතන සැනසීමක් නැද්ද උගෙ බඩගින්න නිමුවම, නොතේරෙන සසර, පිo ,ලැබීම් ගැන හිතන්ඩ එපා ඒව නිකන්ම හම්බෙනව, ඕන්න ඕකයි බුද්ධාගම..

    අගම් අදහන උන් තමන්ගේ ආගම ගැන පච පතුරවල මාකට් කරන එක…
    ඔය තියෙන්නෙත් ඒ වගේ දෙයක්
    පච පැතුරුවට කොහෙද මර්කට් වෙන්නෙ, බෝම්බෙ කෙලිනකන් බලන් උන්න දෙයියට ආමේන් ගාන්ඩ නම් බල්ලෙක්වත් යන්නෙ නැ , 🤣🤣🤭🤭පිස්සො ගැන කතා නොකර ඉමු උන්ට පිස්සු හින්ද ...
    ------ Post added on Nov 20, 2022 at 4:18 PM
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,912
    113
    අගම් අදහන උන් තමන්ගේ ආගම ගැන පච පතුරවල මාකට් කරන එක…
    ඔය තියෙන්නෙත් ඒ වගේ දෙයක්
    හරි හරි දැන් ඔය කියලා තියෙන දේවල් මුලික බුදු දහමේ තියෙන ඒව නෙවෙයි නේ. ඔය කියන විදියට විනාඩි පහෙන් වෙන කතා කොතනකවත් නෑ. හැබැයි යහපතක් වෙන්න පුළුවන් කියලා නම් දේශනා කරලා තියෙනවා. ඒක හින්දා ඕක point එකක් නෙවෙයි. මුලිකව ධර්මයේ කොතැනක හරි තිබ්බ නම් පිළිගන්න තිබ්බා. අනික මෙතන point එකෙන් පිට ගිහින් ඔයා කතා කරන්නේ. මෙතන තර්ක කරන්න ඕනි මාතෘකාව සාධාරණීකරණය කරලා කිසිම අන්‍යාආගම්කරණයක් නැති බෞද්ධ දර්ශනයට අන්‍යාගම්කරණය කියලා කියනවා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,376
    166,757
    113
    එකමත් එක රටක
    "මේ අට ස්ථාන පිළිබඳ ඇතිවන සැකය ධර්මයේ විචිකිච්ඡාව ලෙස හඳුන්වනවා. ගලා ගෙන යන වතුර දිගටම ගලාගෙන නො ගොස් මුහුදට නො වැටී අතරමඟ නතර වන්නා සේ මේ පිළිබඳව සැක කරන පුද්ගලයාට ආර්ය මාර්ගයේ ගමන් කිරීමට නොහැකි වෙනවා. "

    අපායේ යනවා කියලා නෑ. නිවන් ලබන්න බෑ කියලා කියන්නේ. කලින් කිව්ව වගේ තමයි. නිව්ටන් ගේ theory විශ්වාස නොකරන පොරක් ගුරුත්වාකර්ෂණ ගැන විශ්වාසය ඇති කරගන්න යනවා වගේ වැඩක් කියලා කියන්නේ. නැතුව අපායේ යන්නේ නෑ එහෙම

    දස අකුසල් කියන ඒව අකුසල් නෙවෙයිද එතකොට?
    ඒකේ එන මිත්‍යාදෘෂ්ටිය කියන එක බලපං.. බුද්ධාගමේ එන නිවන , කර්ම පල, දේවල් විශ්වාස නොකරන එක අකුසලයක් විදියට තියෙන්නේ.. පොඩි අකුසලයක් නෙවෙයි කල්ප විනාසයෙන් පස්සෙත් දිගටම පල දෙන අකුසලයක් විදියට