යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියකට සම්බන්ද වීමේදී ඔබ අසා නිරවුල් කරගත යුතුම ප්‍රශ්න කීපයක් (නඩු දිනය දැන ගැනීමට අමතරව)
1. යෙහෝවා විත්තිකාර පාර්ශවයද, පැමිණිලිකාර පාර්ශ්වයද?
2. පැමිණිල්ල නම්, යෙහෝවාට සිදුවූ අගතිය කුමක්ද? ඒ කිනම් පුදගලයෙකුගෙන් / කණ්ඩායමකින්ද?
3. විත්තිය නම්, යෙහෝවාට එල්ල වී ඇති චෝදනා කවරේද? චෝදනා ගොනු කර ඇත්තේ කිනම් පුද්ගලයෙක් / කණ්ඩායමකින්ද?
4. යෙහෝවා දැන් සිටින්නේ රක්ශිත බන්ධනාගාර ගතවද? පොලිස්/ මහේස්ත්‍රාත් ඇප මතද?
5. පෙර වැරදි තිබේද? (දෙපාර්ශවයේම)
6. කිනම් හෝ පොලිස් ස්ථානයක් මෙම නඩුවේ සාක්ශි මෙහෙයවීම සඳහා සම්බන්ද වන්නේද? ඒ කිනම් පොලිස් ස්ථානයද? (කොටදෙණියාව පොලීසිය සම්බන්ද වේ නම් විශේශ අවධානයක් යොමු කරන්න)
7. නඩු විභාගය පැවැත්වෙන්නේ කුමන උසාවියේද?
8. මේ නඩුවේ සාක්ශිකරුවෙකු වීමෙන් නීතිගරුක පුරවැසියෙකු ලෙස තම වගකීම ඉටු කරනවාට අමතරව ඔබට ලැබෙන වෙනත් අමතර ප්‍රතිලාභ මොනවාද?