යොවුන් වියේ ගැබ් ගැනීම්

siripala

Member
Oct 10, 2006
2,869
442
0
යොවුන් වියේ ගැබ් ගැනීම්

යොවුන් වියේ ගැබ් ගැනීම්

131224051236_pregnant_woman_304x171_pa_nocredit.jpg


නව යොවුන් වියේ ගැබ් ගැනීම් ශ්‍රී ලංකාවේ වරින් වර සංවාදයට ලක් වන මාතෘකාවක්.

පසුගිය වකවානුවේ පැවතී යුද්ධය, දුප්පත්කම මෙන්ම ක්‍රමවත් ලිංගික අධ්‍යාපනය හෙවත් ප්‍රජනන අධ්‍යාපනයක් නව යොවුන් වියේ පසු වන්නන් හට නොමැති වීම මෙවැනි ගැබ් ගැනීම් සඳහා හේතු සාධක වී ඇති බවට තර්ක විතර්ක ඉදිරිපත් වී තිබේ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ නව යොවුන් වියේ ගැබ් ගැනීම් පහත වැටෙන ප්‍රවණතාවක් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය දීප්ති පෙරේරා සංදේශය කළ විමසුමක දී කියා සිටියාය
“ඉස්සරම තිබුණා සියයට අටක් විතර වගේ (teenage pregnancy), සියයට හතක් වුනා, දැන් ඒක සියයට හයක් වගේ වෙලා තියෙනවා “


දැනුවත් කිරීම
එහෙත් නව යොවුන් වියේ පසු වන පාසල් සිසුන් හට ප්‍රමාණවත් දැනුවත් කිරීමක් සිදුවනවාද යන සැකය මතු කරනු ලබන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරි පාලිත ජයරත්න විසින්.

“නූතනයේ පාසල් පද්ධතිය තුල ළමයි විවිධ වූ වෙනත් ක්‍රියාවන් වලට යොමුවෙලා තියෙනවා. ඒකෙ ප්‍රධාන තැනක් වෙලා තියෙනවා මේ ප්‍රේම සබඳතාව කියන එක. ප්‍රේම සබඳතා හරහා අපි අතීතයේ දැකපු අර ශුද්ධ වූ ප්‍රේමයට වඩා ලිංගිකත්වය කියන කාරණය ඉස්මතු වෙලා තියෙනවා.”

අනුරාධපුර දිස්ත්‍රික්කයේ නව යොවුන් වියේ ගැබ් ගැනීමේ ප්‍රශ්නය සෞඛ්‍ය ප්‍රශ්නයකට වඩා සමාජ ප්‍රශ්නයක් ව නිර්මාණය වී ඇති බව මේ අතර ප්‍රකාශ කරන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මාතෘ හා ළමා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ධම්මික ද සිල්වා.

“ විශේෂයෙන්ම අඩු වයස් විවාහ ධෛර්යමත් කරනවා දෙමව්පියෝ. අඩු ආදායම්ලාභී අය, හේතුව රජයේ ඉඩම් ලබා ගැනීමේ දී විවාහ සහතිකයක් අවශ්‍යතාවක් තියෙනවා. ඉතින් ඒවගේ පරිසරවල ඉන්න ජනතාව මේ වගේ විවාහ වලට පෙළඹවීමකුත් එක්තරා ප්‍රවණතාවක් විදිහට තියෙනවා.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරි පාලිත ජයරත්න පැවසුවේ රජයේ වගකිවයුතු නිලධාරීන් ලෙස මේ සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් විය යුතු බවයි.

“මේ විවාහ ලියා පදංචි කරන කොට තමන්ගේ සත්‍ය වයස වසන් කර තමන්ගේ අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා නොයෙකුත් උපක්‍රම යොදමින් මේ විවාහය කියන එක ලියා පදිංචි කරනවා. එහෙම කරල තමයි නීත්‍යනුකූල විදිහට එයාල විවාහ සහතික ඉදිරිපත් කරන්නේ.”


අවදානම
මෙය අවදානම් තත්වයක් බව සඳහන් කරන්නේ අනුරාධපුර දිස්ත්‍රික් මාතෘ හා ළමා සෞඛ්‍ය සේවා වෛද්‍ය නිලධාරී ධම්මික ද සිල්වා යි.

“විශේෂයෙන්ම පාසල්වල පාසල් හැර යන වයසේ ළමයි ඉලක්ක කර ගෙන මේ අවදානම පැහැදිලි කරනවා. මේකෙන් තියෙන වෛද්‍ය විද්‍යාත්මක අවදානමත්, විශේෂයෙන්ම අඩු වයස් විවාහයක් හෝ එකට වාසය කිරීමක් සිදු වුනාට පස්සේ ඇති වන පිළිසිඳ ගැනීම් ඔස්සේ ඇති වන වෛද්‍යමය අවදානම වගේම සමාජීය බිඳ වැටීම. මොකද ඉතා අඩු වයසෙන් විවාහ වන අය තමයි ඉතා ඉක්මනින් විවාහ වලින් වෙන් වීම සිද්ධ වෙන්නේ. මොකද ළමය මවක් වෙන්න සුදුසු නැති අවස්ථාවක මවක් බවට පත් වන නිසා.”

ප්‍රායෝගිකව ප්‍රජනන විද්‍යාව හෙවත් ලිංගික අධ්‍යාපනය පාසල් සිසුන් වෙත ලබා දීමේ පරිසරය නිසියාකාර ගොඩ නැගී තිබේ ද යන ප්‍රශ්නය මෙහි දී මතු කරන්නේ සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරි පාලිත ජයරත්න යි.

“අපි උදාහරණයක් ගත්තොත් එහෙම, ගැහැණු ගුරුවරයෙක් ඒ පාඩම පටන් ගත්තොත්, ඒ පාසලේ ඉන්න දරුවො, මොකද මේක වැඩි හිටි ළමයි ඉන්නේ; ඒ ළමයි යම් යම් කුකුස ඇති කර ගෙන විවිධ වූ ප්‍රශ්න නගමින් මේ ගුරුවරයා අපහසුතාවට පත් කිරීමට ස්වභාවයක් තියෙනවා. මේ පැටලිල්ල නිසා ගුරුවරයා බොහෝ වෙලාවට මේ ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත පාඩම කරන්නේ නෑ”

අනවශ්‍ය ගැබ් ගැනීම් හේතුවෙන් ගබ්සාව වැනි නීති විරෝධී ක්‍රියාවන් වෙත යොමු වීමේ ප්‍රවණතාව අද සුලභව දකින්නට ඇති බව සෞඛ්‍ය බලධාරීහු පෙන්වා දෙති.


BBC Sandeshaya
 
Last edited:

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    උපත් පාලන ක්‍රම ගැන නිසි දැනුමක් ලබා දෙන්නේ නැති එක තමයි ලොකුම වැරැද්ද
    SEX කරන්න පුළුවන් 16+ නම් MARRY කරන්න 18+ වෙන්න ඕන මේවා පට්ට විහිලු
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes:
    උපත් පාලන ක්‍රම ගැන නිසි දැනුමක් ලබා දෙන්නේ නැති එක තමයි ලොකුම වැරැද්ද
    SEX කරන්න පුළුවන් 16+ නම් MARRY කරන්න 18+ වෙන්න ඕන මේවා පට්ට විහිලු