කිරි පිටි බං දාන්නේ..තනිකරම වහ..හොඳ තැනකින් මීකිරි අරන් කාපන් ඊට වඩා ගුණයි..වෙන රටවල් වල තියෙනවා ග්‍රීක් යෝගට් කියලා මීකිරි වගේමයි..නියම යෝගට් ඵකක අැඹුල් ගතිය තියෙන්න ඕන.පැණි රස ගතියනේ ලංකාවේ යෝගට් වල තියෙන්නේ..
ලංකාවේ යෝගට් කර්මාන්ත ශාලාවකට ගියා. මුන ගැහුනා කිරි නිශාපාදන සමග ලොකු සම්බන්දයක් තියෙන..ඔහු තමා ඒ කිරි නිශ්පාදන ආයතනයේ නිශ්පාදන මෙහෙයුම් අධ්‍යක්ෂක. ඔහුත් එක්ක මමයි මගෙ යාලුවයි පැය 2ක් විතර කතා කලා ලංකාවේ යෝගට් ගැන..
යෝගට් සඳහා හොදා ගන්නේ එළකිරි.. මුහුන්.. රසකාරක.. ඊට අමතරම පිටිකිරි ස්වල්ප වශයෙනුත්.. කල්තබා ගැනීමේ රසායනික ද්රව්යත් එකතු කරනවා.. ජෙලටින් වලින් තමා උකු ගතිය ගන්නෙ සමහර ආයතන..
යෝගට් එකක් කනකොට දිවට දැනෙන්න ඕනෙ ඇඹුල් රසයක් මිසක් පැනි රසයක් නෙවෙයි.. ඒත් සමහර ප්රසිද්ද යෝගට් කනකොට සෑහෙන්න පැනි රසයි.. ඒ වගේම ඝනයි..
" යෝගට් වලට හොඳම එලකිරි ඕනෙ.. ඒ එක්කම අර කලින් කිව්ව දෙවලුත් සුලු වශයෙන් එකතු කරනවා..මිට අමතරම තනිකරම පිටිකිරිවලින් යෝගට් හදන සමාගම් ලන්කාවේ තියෙනවා..එයාලා කරන්නේ.. ඒ යෝගට් වලට සීනි හා ජෙලටින් අදික ලෙස යොදන එක. ඒ යෝගත් හරි උකුයි.පැනි රසයි.. හැන්දෙන් යෝගට්ගන්නකොටම තේරෙනවා උකුයි කියලා.. ඊලගට ඒ යෝගට් කනකොට වෙනස දැනෙනවා දිවට.. හොද යෝගට් එකක් ඇඹුල්.. කනකොට දිවේ දියවෙනවා අර යෝගට් එක..ඒ හොද එලකිරි දාලා හරියට හදන යෝගට්..ඒත් අර ජෙලටින්..පිටිකිරි හා සීනි දාපුවා එහෙම නෑ..
දැන් මොකක්ද මේ පැනි රස යෝගට් එකේ අවුල.. මම ඒකත් ඇහුවා..
සමහර ගවපට්ටි හිමියන් තමන්ගේ එලකිරිවලට විවිද දෙවල් එකතු කරනවලු.. යුරියා...කිරිපිටි...සීනි වගේ දෙවල්...එහෙම කරලාලු ඒ අය නියමිත ඝනත්වය ගන්නේ කිරිවලඒත් දෙමල අය ගෙන් ගන්න කිරිවලට කිසිම ජරාවක් එකතු කරන්නේ නෑ..ඒ දෙමල අය ගවයව පූජනීය සතෙක් විදියට සලකන නිසාලු.. ඉතාම පිරිසිදු ගුනාත්මක එලකිරි තියෙන්නේ දෙමල අය ඇති කරන ගව පට්ටිවල කියන එක ඒ අය අතර තියෙන සම්මතයක්..
කිරි පිටි දාන එකේ අවුල මොකක්ද..කොහොමත් යෝගට් එකට කිරිපිටි ටිකක් දානවා..අවුල දාන කිරිපිටි වලයි... ලොකු කිරිපිටි නිශ්පාදන ආයතවලින් ඉවත් කරන කිරිපිටි තොග කොලඹ මාකට් එකේ විකිනෙනවා එක එක නම් වලින්.. ඒ නම් ගහන්නෙත් පිට කොටුවෙමලු... නැව්වල ගේනකොට විනාස වෙන ලොකු කන්ටේනර්වල තියෙන පිටි තොග ආපහු සකස් කරලා.. බෑග්වලට දාලා තොග ගානට විකුනනවා පිටකොටුවේ.. ඒ පිටි තමා ලංකාවේ ගොඩාක් හෝටල් වල බොන්න දෙන්නේ.. ගාන ගොඩාක් අඩුයි... අන්න ඒ පිටිකිරි වලින් තමා බොහෝ දෙනෙක් යෝගට් හදන්නෙ ලංකාවේ..
සාමාන්යයෙන් ස්වාභාවික යෝගට් එකක් පාවිච්චි කරන්න පුලුවන් උපරිම කාලය සති 2යි. ඊට වඩා වැඩි කාලයක් යෝගට් එක තියාගන්නවා නම් අපි අනිවාර්යයෙන් පිටින් ඒකට රසායනික සංයෝග එකතු කරන්න ඕනේ...
මහාචාර්ය ශිරාණි රණසිංහ
වෛද්ය පීඨය
පේරාදෙණිය විශ්වවිද්යාලය
උපුටා ගැනිමක්.