මේ ඉරිදා, සාකච්චාවට බඳුන් කරන්න ...
- සිංහලෙන් ඒකීය රාජ්‍යය, දෙමලෙන් ඔරුමිත්ත නාඩු !
-ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පාර්ලිමේන්තු බහුතර කැමැත්තෙන් (ඒ කියන්නේ අර රතු අලි සට්ටැඹියා කියපු කුණුමාලු වල ඡන්ද වලින්!)
- ජනාධිපති පාර්ලිමේන්තුවට සම්බන්ධ නැති පුද්ගලයෙක් විය යුතු අතර කිසිම පක්ෂයක සාමාජිකත්වය හෝ නිලයක් නොදරන්නෙකු විය යුතුයි (ඒ කියන්නෙ අර ව්‍යවස්ථාදායක සභාවට ඔහොම කියල පත්කලා වගේ අමු එන්.ජී.ඕ කාරයෙක්)
- ජනාධිපති ඉවත් කිරීමට දෝෂාභියෝග ක්‍රියාවලියක් වෙනුවට පාර්ලිමේන්තු 2/3 ක විශ්වාස්භංග ක්‍රියාවලියකින් කල හැකියි
- ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ මූලාසනය දැරීම, පාර්ලිමේන්තුව කැඳවීම, විසුරුවා හැරීම, අග්‍රාමාත්‍යවරයා ඇතුලු අමාත්‍ය මණ්ඩලය පත්කිරීම, පලාත් ආණ්ඩුකාරවරු පත්කිරීම, තානාපතිවරු පත් කිරීම අගමැති සහ ඇමති මණ්ඩලය සන්නිවේදනය කර ඇති ආකාරයට (උන් කියන විදිහට ) කල යුතුයි.
- අගමැති කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වන අතර ඇමතිවරු සහ ඔවුන්ගේ විෂය තීරණය කරන පුද්ගලයාද වේ.
- කැබිනට් ඇමතිල 30යි, කැබිනට් නොවන ඇමතිල 30යි!
- පාර්ලිමේන්තුවෙ මන්ත්‍රී මණ්ඩල දෙකයි, මන්ත්‍රීල 233යි.
- ඉහත දෙවන මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීල 55යි. ඒ සඳහා සෑම පලාත් සභාවකින්ම 4 දෙනා බැගින් නම් කරයි. උතුරු පලාතට අතිරේක ආසන 4ක් පත්කිරීමේ විශේෂ බලයක්!
- පලාත් ආණ්ඩුකාරවරයා පලාත් මහ ඇමති සහ ඇමති මණ්ඩලයේ "උපදෙස්" මත ක්‍රියා කලයුතුයි!
- සෑම පලාතකටම වෙන වෙනම පොලීසි සහ පොලිස් කොමිසම් පිහිටුවා ගැනීමට බලතල!