යෝද වට්ටක්කා තරඟෙට එයි
රාත්තල් 1600ක් බර යෝද වට්ටක්කා ගෙඩියක් එංගලන්තයේ හැම්ස්ෆයර් හි සොහොයුරන් දෙදෙනකුගේ ගෙවත්තක හටගෙන තිබේ.
ඉයන් පැටන් හා ස්ට්‍රෝට් පැටන් නමැති මේ දෙදනා පවසන්නේ ඉදිරියේ දී මෙතෙක් ලොව විශාලතම වට්ටක්කා ගෙඩිය සෑදෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවයි. ඔවුන්ගේ වට්ටක්කා ගෙඩිය අඩි 16ක් උසැතිය. මීටර් 4.5ක වපසරියක් වසාගෙන පැතිර පවතී. මේ වර්ෂයේ වාර්තා වූ විශාලතම වට්ටක්කා ගෙඩිය මෙයයි. සොහොයුරන් දෙදෙනා පවසන්නේ පසුගිය වසරේ සිටවූ වැලට හොඳින් සාත්තුකළ බැවින් මේ ආකාරයේ ඵල දරණ බවයි.
ලබන 11 වැනි දින හෙම්ස්ෆයර් හි රාජකීය වික්ටෝරියා උද්‍යානයේ දී පැවැත්වීමට නියමිත තරඟයකට ද මේ වට්ටක්කා ගෙඩිය ඉදිරිපත් කිරීමට නියමිතය. මෙතෙක් වාර්තා වූ විශාලතම වට්ටක්කා ගෙඩියේ බර රාත්ත්ල් 2,032කි.

Last edited: