යෝනිසෝ මනසිකාරය අපිට අවශ්‍යමයි

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,327
    2,186
    113
    මේ අනුව සතිපට්ඨානයෝ වැඩීම යනු අෂ්ටාඩ්ගික මාර්ගය වැඩිමම තමයි සෝවාන් වෙනව කියන්නෙ අෂ්ටාඩ්ගික මාර්ගයට අවතීර්ණ වීම මම හිතන්නෙ අෂ්ටාඩ්ගික මාර්ගයට අවතීර්ණ වූ විගස මුල් සංයෝජන තුන නැතිවෙනව. මේක ක්ෂණිකව වෙන දෙයක් කියලයි මම හිතන්නෙ.

    "අෂ්ටාඩ්ගික මාර්ගයට අවතීර්ණ" - aryashtangika margaya kiyanne - seela -> samadhi -> prajna..

    eekata awatheerna wenawa kiyanne mokakda?
    kohomada awatheerna wenne?
    awatheerna wuu wigasa sanjoyana 3 kadenne kohomada?
    eeka kshankiawa wenne kohomada?
     
    • Like
    Reactions: asliyanage

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571

    මම හිතන විදියට;

    අෂ්ටාඩ්ගික මාර්ගයට අවතීර්ණවුනා කියන්නෙ සීල සමාධි ප්‍රඥා නැත්නම් සතර සතිපට්ඨානය වැඩීමට පටන් ගැනීමයි

    kohomada awatheerna wenne?
    චතුරාර්‍ය සත්‍ය අසා ඇතිවන අවබෝධයෙන්

    චතුරාර්‍ය සත්‍ය අවබෝධය නිසා
    1. සක්කාය ධිට්ඨිය - මම/මගේ කියා ගැනීමට දෙයක් නැති බව දැනගනී
    2. විචිකිච්චා - මේ ධර්මය හැර වෙන ධර්මයක් විමුක්තිය පිණිස නැති බව දැනගනී
    3. සීලබ්බත පරාමාස - ප්‍රඥාවෙන් පිහිටන සීලයක් හැරුනුකොට සිල් වෘත රැකීමෙන් විමුක්තිය නොලැබෙන බව දැනගැනී

    eeka kshankiawa wenne kohomada?
    මේක අවබෝධය, අවබෝධය ක්ෂනිකයි
     
    • Like
    Reactions: NRTG and asliyanage

    දැන් මෙ කීයල තියෙන විදිහට චතුරර්ය සත්ය අවබොද වෙලානෙ සති පට්ටානයට අවතීරින වෙන්නෙ. ඒ එක්කම කියල තියෙනවනෙ චතුරර්ය සත්ය අවබොද විම සෝවාන් වීම කියල. ඒකෙන් කියවෙන්නෙ සෝවන් කෙනා තමය් සති පට්ටානයට එන්නෙ කියලනෙ. ඒ උනාට සුත්‍රයෙ තියෙන්නෙ සොවන් වෙන්නත් සති පට්ටානය වඩන්න කියලනෙ. අවුලක් තෙරෙන්නෙ නැද්ද ඔබ තුමා කියන දේ ගැන?
     
    • Like
    Reactions: asliyanage

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    දැන් මෙ කීයල තියෙන විදිහට චතුරර්ය සත්ය අවබොද වෙලානෙ සති පට්ටානයට අවතීරින වෙන්නෙ. ඒ එක්කම කියල තියෙනවනෙ චතුරර්ය සත්ය අවබොද විම සෝවාන් වීම කියල. ඒකෙන් කියවෙන්නෙ සෝවන් කෙනා තමය් සති පට්ටානයට එන්නෙ කියලනෙ. ඒ උනාට සුත්‍රයෙ තියෙන්නෙ සොවන් වෙන්නත් සති පට්ටානය වඩන්න කියලනෙ. අවුලක් තෙරෙන්නෙ නැද්ද ඔබ තුමා කියන දේ ගැන?
    ඉහත සුත්‍ර දෙක අනුව සතිපට්ඨානය වැඩීම කියන්නේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වැඩීමම නේද? ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගය වඩන්න ආර්යෙක් (ආර්යන් අටදෙනාගෙන් එක්කෙනෙක්) විය යුතුයි කියල ඔබතුමා පිළිගන්නවද?

    මේ අනුව මම හිතන්නෙ නම් චතුරාර්‍ය සත්‍ය අවබෝධයත්, සතිපට්ඨානය වැඩීමත් ඉන්පසු පලවෙනි සංයෝජන තුන ප්‍රහාණයවීමත් සිදුවෙන්නෙ සෝවාන් මාර්ග සිතේ සහ ඵල සිතේ විය යුතුයි කියල? අනික් මාර්ග ඵල වලට යන්නෙත් මේ ආකාරයටම කියල මට හිතෙන්නෙ ඔබතුමාගෙ අදහස මොකක්ද?
     
    • Like
    Reactions: asliyanage

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,327
    2,186
    113
    මේ අනුව මම හිතන්නෙ නම් චතුරාර්‍ය සත්‍ය අවබෝධයත්, සතිපට්ඨානය වැඩීමත් ඉන්පසු පලවෙනි සංයෝජන තුන ප්‍රහාණයවීමත් සිදුවෙන්නෙ සෝවාන් මාර්ග සිතේ සහ ඵල සිතේ විය යුතුයි කියල? අනික් මාර්ග ඵල වලට යන්නෙත් මේ ආකාරයටම කියල මට හිතෙන්නෙ ඔබතුමාගෙ අදහස මොකක්ද?

    ඔබතුමා කියන එක තාම හරියට මට පැහදිලි මදි. ඔබතුමා කියන්නෙ:

    1. චතුරර්ය සත්ය අවබොදයෙන් පසුව සති පට්ටනය වැඩිය යුතුයි?
    2. 3 සන්යොජන ප්‍රහනය වන්නෙ චතුරර්ය සත්ය අවබොද වීමෙන්? නැත්තම් සතිපට්ටනයෙන්? නැත්තම් දෙකෙන්ම?
    3. සොවාන් මර්ග සිතයි පල සිතයි කියන්නෙ සම්පුර්න වෙනස් දෙකක්නෙ ඔබතුමා "සෝවාන් මාර්ග සිතේ සහ ඵල සිතේ විය යුතුයි කියල?". ඔබතුමා හරියටම ඔය දෙකෙන් මොකක් ගැනද කියන්නෙ මෙතන? මාර්ග සිතේ සන්යොජන ප්‍රහානයක් නැනෙ

    ඔබ තුමා කියන දේ හරියට මට තෙරුනොත් මගේ අදහස කියන්න පුලුවන්.
     
    • Like
    Reactions: asliyanage

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ඔබතුමා කියන එක තාම හරියට මට පැහදිලි මදි. ඔබතුමා කියන්නෙ:

    1. චතුරර්ය සත්ය අවබොදයෙන් පසුව සති පට්ටනය වැඩිය යුතුයි?
    2. 3 සන්යොජන ප්‍රහනය වන්නෙ චතුරර්ය සත්ය අවබොද වීමෙන්? නැත්තම් සතිපට්ටනයෙන්? නැත්තම් දෙකෙන්ම?
    3. සොවාන් මර්ග සිතයි පල සිතයි කියන්නෙ සම්පුර්න වෙනස් දෙකක්නෙ ඔබතුමා "සෝවාන් මාර්ග සිතේ සහ ඵල සිතේ විය යුතුයි කියල?". ඔබතුමා හරියටම ඔය දෙකෙන් මොකක් ගැනද කියන්නෙ මෙතන? මාර්ග සිතේ සන්යොජන ප්‍රහානයක් නැනෙ

    ඔබ තුමා කියන දේ හරියට මට තෙරුනොත් මගේ අදහස කියන්න පුලුවන්.
    මෙන්න මේ වගෙ දෙයක් තමයි මම අදහස් කලේ. මම හිතනව ඔබතුමාගේ ප්‍රශ්න වලට උත්තර මෙතන තියනව කියල

    1655613111210.png
     
    Last edited:

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,327
    2,186
    113
    මෙන්න මේ වගෙ දෙයක් තමයි මම අදහස් කලේ. මම හිතනව ඔබතුමාගේ ප්‍රශ්න වලට උත්තර මෙතන තියනව කියල

    View attachment 174728

    මේක ඉන්ටෙරෙස්ටින්ග්. මේකට ඇග්‍රී හරි ඩිස්-ඇග්‍රී වෙනව නෙවේ. මේ මොකක්ද කියන්නෙ කියල දැන ගන්න සහ මම දන්න නැති දෙයක් නම් තෙරුම් ගන්න උත්සහ කරන්නෙ.
    1. චතුරර්ය සත්ය අසු පමනින් මාර්ග සිතක් ඇති වෙනවද?
    2.පෙර පුන්ය කර්ම මගින්...... මේකෙන් කියන්නෙ මොකක්ද?
    3. අතිවු සිත නාම ගෝත්‍රවල..... මේකෙනුත් කියන්නෙ මොකක්ද?
    4. මෙතන සන්ජොයන කියන්නෙ පලමු තුන ද?
    5. නාම ගෝත්‍ර කියන්නෙ? විජ්ජාන සීකුඑන්ස් එකද?
     
    • Like
    Reactions: asliyanage

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මේක ඉන්ටෙරෙස්ටින්ග්. මේකට ඇග්‍රී හරි ඩිස්-ඇග්‍රී වෙනව නෙවේ. මේ මොකක්ද කියන්නෙ කියල දැන ගන්න සහ මම දන්න නැති දෙයක් නම් තෙරුම් ගන්න උත්සහ කරන්නෙ.
    1. චතුරර්ය සත්ය අසු පමනින් මාර්ග සිතක් ඇති වෙනවද?
    නැහැ, ශ්‍රාවක පාරමිතාවේ මාර්ග සිතක් ඇතිවෙන්න පෙර නිවන පතා කල පුණ්‍ය කර්මත් අවශ්‍ය වෙනව. නිවන පතා කල පුණ්‍ය කාර්ම වලින් ඇතිවූ සිත් නිරුද්ධ වීමත් සමග ඇතිවන දත්ත ගබඩා වෙලා තියෙන්නෙ නාම ගෝත්‍ර වල. මෙතනදී ක්‍රියාත්මක වෙන්නෙ අන්තර-සමනන්තර ප්‍රත්‍ (ප්‍රත්‍ය 24න් එකක්), චතුරාර්‍ය සත්‍ය දේශනාව් ශබ්ධයත් කනත් ස්පර්ශයෙන් උපදින සොත විඥානය සමනන්තරය ලෙසත් නාම ගෝත්‍ර වල ඇති දත්ත අනන්තරය ලෙසත් ක්‍රියා කරමින් මාර්ග සිත උදාකර දෙනව. සත්වයෙක්ගේ ආරම්භයේ සිට ඇතිවූ සියලු සිත්වලින් නිකුත්වූ දත්ත ගබඩාවෙල තියෙන database එක තමයි නාම ගෝත්‍ර කියන්නෙ. මේක විනාශ වෙන දෙයක් නොවෙයි. අපි ඔය කතාවටත් කියන්නෙ "නාමේ නොදිරනා, කුණු කය දිරනා" කියල. මෙතන "නාමේ" කිව්වේ නාම ගෝත්‍ර වලට. මේ නාම ගෝත්‍ර නිසා තමයි අපිට සාමාන්‍ය ජීවිතයේ දේවල් දැන අඳුනගන්න පුළුවන් වෙලා තියෙන්නෙ. මොකද සිත් උදා වෙමින් වැය වෙමින් යන මේ ක්‍රියාවලියේ පරණ සිත් වල දත්ත දැන් උදාවූ නව සිතට ලබාදෙන යාන්ත්‍රනය තමයි මේ නාම ගෝත්‍ර ක්‍රියාවලිය. අභිධර්මය ගැන ගොඩක් හොඳට දන්න කෙනෙක්ට මේක චිත්ත වීති මට්ටමෙන් පැහැදිලි කරන්න පුළුවන්වෙයි.

    2.පෙර පුන්ය කර්ම මගින්...... මේකෙන් කියන්නෙ මොකක්ද?
    මම කලින් උත්ත්රේදී කිව්වා වගේ පෙර පහලවූ පුණ්‍ය සිතක් මගින් නාම ගෝත්‍ර වල තැම්පත් කරපු දත්ත තමයි මෙතනදී අවශ්‍ය වෙන්නෙ.

    3. අතිවු සිත නාම ගෝත්‍රවල..... මේකෙනුත් කියන්නෙ මොකක්ද?
    ඇතිවූ සෑම සිතක්ම නාම ගෝත්‍රවල දත්ත තැම්පත් කරනව. ඵල සිතත් කරන්නේ මේ දෙයම තමයි. මෙතනින් පසු ඇතිවන හැම සිතක්ම මේ දත්ත පාවිච්ච් කරන නිසා මාර්ග ඵල ලාභියෙකුගේ හැම සිතක්ම ඵල සිතක් වෙනව.

    4. මෙතන සන්ජොයන කියන්නෙ පලමු තුන ද?
    ඔව් මම මෙතනදී අදහස් කලේ සෝවාන් ඵලය, අනිත් ඒවටත් මේ වගේම විස්තර කරන්න පුළුවන්. නමුත් ඒවගේ ප්‍රධාන වෙනස තමයි මාර්ග සිත ඇතිවෙන්නේ (කන + ශබ්ධය) වෙනුවට (මන + ධම්ම) වලින්

    5. නාම ගෝත්‍ර කියන්නෙ? විජ්ජාන සීකුඑන්ස් එකද?
    විඥාන විතරක් නෙමෙයි මෙතන ඥානත් තියනව, මොකද ඵල සිත් වලින් පස්සේ ඥාන store වෙන්නෙත් මෙතන.
     
    • Like
    Reactions: asliyanage

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,327
    2,186
    113
    නැහැ, ශ්‍රාවක පාරමිතාවේ මාර්ග සිතක් ඇතිවෙන්න පෙර නිවන පතා කල පුණ්‍ය කර්මත් අවශ්‍ය වෙනව. නිවන පතා කල පුණ්‍ය කාර්ම වලින් ඇතිවූ සිත් නිරුද්ධ වීමත් සමග ඇතිවන දත්ත ගබඩා වෙලා තියෙන්නෙ නාම ගෝත්‍ර වල. මෙතනදී ක්‍රියාත්මක වෙන්නෙ අන්තර-සමනන්තර ප්‍රත්‍ (ප්‍රත්‍ය 24න් එකක්), චතුරාර්‍ය සත්‍ය දේශනාව් ශබ්ධයත් කනත් ස්පර්ශයෙන් උපදින සොත විඥානය සමනන්තරය ලෙසත් නාම ගෝත්‍ර වල ඇති දත්ත අනන්තරය ලෙසත් ක්‍රියා කරමින් මාර්ග සිත උදාකර දෙනව. සත්වයෙක්ගේ ආරම්භයේ සිට ඇතිවූ සියලු සිත්වලින් නිකුත්වූ දත්ත ගබඩාවෙල තියෙන database එක තමයි නාම ගෝත්‍ර කියන්නෙ. මේක විනාශ වෙන දෙයක් නොවෙයි. අපි ඔය කතාවටත් කියන්නෙ "නාමේ නොදිරනා, කුණු කය දිරනා" කියල. මෙතන "නාමේ" කිව්වේ නාම ගෝත්‍ර වලට. මේ නාම ගෝත්‍ර නිසා තමයි අපිට සාමාන්‍ය ජීවිතයේ දේවල් දැන අඳුනගන්න පුළුවන් වෙලා තියෙන්නෙ. මොකද සිත් උදා වෙමින් වැය වෙමින් යන මේ ක්‍රියාවලියේ පරණ සිත් වල දත්ත දැන් උදාවූ නව සිතට ලබාදෙන යාන්ත්‍රනය තමයි මේ නාම ගෝත්‍ර ක්‍රියාවලිය. අභිධර්මය ගැන ගොඩක් හොඳට දන්න කෙනෙක්ට මේක චිත්ත වීති මට්ටමෙන් පැහැදිලි කරන්න පුළුවන්වෙයි.

    නාම ගෝත්‍ර ගැන ත්‍රිපිටකයෙ රෙෆෙරෙන්ස් එකක් දෙන්න පුලුවන් ද වඩිපුර අද්යනය සන්දහා?

    "මේක විනාශ වෙන දෙයක් නොවෙයි" :

    අභිදර්මයට අනුව කොටස් 4ක් නෙ තියෙන්නෙ. රුප, චිත්ත්, චයිතසික, නිබ්බන. ඔකෙන් නිබ්බන අරෙන්නෙ අනිත් තුනම සන්කාර. එතකොට ඔබතුම කියන විදිහේ විනාශ නොවන නාම ගෝත්‍රයක් තියෙන්නෙ මේ 4න් මොකේද?
     
    • Like
    Reactions: asliyanage

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    නාම ගෝත්‍ර ගැන ත්‍රිපිටකයෙ රෙෆෙරෙන්ස් එකක් දෙන්න පුලුවන් ද වඩිපුර අද්යනය සන්දහා?
    මට ඉක්මනටම හොයාගන්න පුළුවන් වුනේ නජීරති සූත්‍රය, තව හොයාගත්තොත් ඔබතුමා සමග share කරන්නම්. මට මතකයි මේ ගැන තව reference තිබුන.

    (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) “සත්ත්‍වයන්ගේ රූපය දිරයි. නම් ගොත් නොදිරයි. රාගය නොමග යයි කියන ලදී. ලෝභය ධර්‍මයන්ට උවදුරය. වයස රෑ දාවල් ගෙවන්නේය. ස්ත්‍රිය පුරුෂයන්ගේ බඹසරට කිලුටෙකි. මෙහි මේ සත්ත්‍ව සමූහයා ඇලේ. “තපසද බඹසරට යන යමෙක් ඇද්ද, එය දිය නැති නෑමයි. කුශීත (අලස) බවද, ප්‍රමාදයද, වීර්‍ය්‍ය නැති බවද, ශීල සංයමය නැති බවද, නිදි බහුල බවද, ආගන්තුක අලස බවද යන මොහු ලොව සිත නොසිටිනා සිදුරු සයයි. ඒ සිදුරු සය සර්‍වප්‍රකාරයෙන් දුරලන්නේය.”

    [P.S.] මෙතන රූපය කිව්වට පංචස්කන්ධයම මෙතන තියනව (මේක මාතෘකා පාලියක්)

    මේක මටත් තියන ප්‍රශ්නයක්, දල අදහසක් හැටියට මම හිතන්නේ නාම ගෝත්‍ර කියන්නේ රුප, චිත්ත්, චයිතසික සහ නිබ්බන වල සලකුණු කියල. හිතන්නකො ඔබතුම වෙරළේ ඇවිදගන යනව කියල, ඔබතුමාගේ යටි පතුල රුප, චිත්ත්, චයිතසික හෝ නිබ්බන නම්, නාම ගෝත්‍ර කියන්නේ වෙරළේ සටහන් වුන අඩි පාර.

    මේක මම තවත් අධ්‍යයනය කරනව, ඔබතුමාට යමක් හමු උනොත් share කරන්න. බොහොම පිං.
     
    Last edited:

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    නාම ගෝත්‍ර ගැන ත්‍රිපිටකයෙ රෙෆෙරෙන්ස් එකක් දෙන්න පුලුවන් ද වඩිපුර අද්යනය සන්දහා?

    අපරිමෙය්‍යෙ ඉතො කප‍්පෙ ඔක‍්කාකකුලසම‍්භවො,
    ගොතමො නාම ගොත‍්තෙන සත්‍ථා ලොකෙ භවිස‍්සති.

    මෙයින් ඒකාසඞ්ඛ්‍ය කල්පලක්‍ෂයක් මතුයෙහි “ඔක්කාක” කුලයෙහි උපදින ගෝත්‍රයෙන් “ගෞතම” නම් වූ ශාස්තෲන් වහන්සේ ලෝකයෙහි පහළ වන සේක.

    තස‍්ස ධම‍්මෙසු දායාදො ඔරසො ධම‍්මනිම‍්මිතො,
    සාරිපුත‍්තො ‘ති නාමෙන හෙස‍්සති අග‍්ගසාවකො.

    උන්වහන්සේගේ ධර්‍මය දායාද්‍යයකොට ඇති ඖරස බුද්ධපුත්‍ර වූ ධර්‍මයෙන් ම මවාලූවාක් වැනි වූ නමින් ශාරීපුත්‍ර නම් වූ අග්‍රශ්‍රාවකයෙක් වන්නේ ය.

    සාරිපුත්තථේරාපදාන සූත්ත

    අප‍්පෙකච‍්චෙ භගවතා සද‍්ධිං සම‍්මොදිංසු. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදිංසු. අප‍්පෙකච‍්චෙ යෙන භගවා තෙනඤ‍්ජලිං පණාමෙත්‍වා එකමන‍්තං නිසීදිංසු. අප‍්පෙකච‍්චෙ භගවතො සන‍්තිකෙ නාමගොත‍්තං සාවෙත්‍වා එකමන‍්තං නිසීදිංසු. අප‍්පෙකච‍්චෙ තුණ‍්හීභූතා එකමන‍්තං නිසීදිංසු.

    එළඹ ඇතැම් කෙනෙක් භාග වහන්සේ වැඳ එකත් පස් ව හුන්හ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූහ. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් ව හුන්හ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ එකත් පස් ව හුන්හ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි නම් ගොත් අස්වා එකත්පස් ව හුන්හ. ඇතැම් කෙනෙක් මුවින් නො බැණ එකත්පස් ව හුන්හ.

    වේළුද්වාරෙයිය සූත්ත

    සමඤ‍්ඤා හෙසා ලොකස‍්මිං නාමගොත‍්තං පකප‍්පිතං, සම‍්මුච‍්චා සමුදාගතං තත්‍ථ තත්‍ථ පකප‍්පිතං

    ලොවැ (ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණාදි විසිනුදු භාරද්වාජ, වාසෙට්ඨ ආදි විසිනුදු) යම් නාමග්‍රොතයෙක් ප්‍රකල්පිත වේ නම්, තෙල ප්‍රඥප්ති ව්‍යවහාරමාත්‍රයෙක් මැයි. ඒ ඒ කාලයෙහි ඔහට ප්‍රකල්පිත වූ එ නම් ගොත්වහර සම්මුතියෙන් පැමිණියේ ය.

    වාසෙට්ඨ සූත්‍රය

    නාමගොත්ත යෙදුම යෙදෙන කන්ටෙක්ස්ට් තුනක් ඔය. ඒ කන්ටෙක්ස්ට් සලකලා බලන්න. ඒවගේම පහල ශබ්දකෝෂ නිර්වචනයත් බලන්න.

    නාමගොත්ත - නාමය, ගොත්‍රය. (name and clan)

    Edited (added dictionary definition)
     
    නාමගොත්ත යෙදුම යෙදෙන කන්ටෙක්ස්ට් තුනක් ඔය. ඒ කන්ටෙක්ස්ට් සලකලා බලන්න.
    බොහොම පිං greenthunder
     
    • Like
    Reactions: asliyanage

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,327
    2,186
    113
    මට ඉක්මනටම හොයාගන්න පුළුවන් වුනේ නජීරති සූත්‍රය, තව හොයාගත්තොත් ඔබතුමා සමග share කරන්නම්. මට මතකයි මේ ගැන තව reference තිබුන.

    (භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) “සත්ත්‍වයන්ගේ රූපය දිරයි. නම් ගොත් නොදිරයි. රාගය නොමග යයි කියන ලදී. ලෝභය ධර්‍මයන්ට උවදුරය. වයස රෑ දාවල් ගෙවන්නේය. ස්ත්‍රිය පුරුෂයන්ගේ බඹසරට කිලුටෙකි. මෙහි මේ සත්ත්‍ව සමූහයා ඇලේ. “තපසද බඹසරට යන යමෙක් ඇද්ද, එය දිය නැති නෑමයි. කුශීත (අලස) බවද, ප්‍රමාදයද, වීර්‍ය්‍ය නැති බවද, ශීල සංයමය නැති බවද, නිදි බහුල බවද, ආගන්තුක අලස බවද යන මොහු ලොව සිත නොසිටිනා සිදුරු සයයි. ඒ සිදුරු සය සර්‍වප්‍රකාරයෙන් දුරලන්නේය.”

    [P.S.] මෙතන රූපය කිව්වට පංචස්කන්ධයම මෙතන තියනව (මේක මාතෘකා පාලියක්)

    මේක මටත් තියන ප්‍රශ්නයක්, දල අදහසක් හැටියට මම හිතන්නේ නාම ගෝත්‍ර කියන්නේ රුප, චිත්ත්, චයිතසික සහ නිබ්බන වල සලකුණු කියල. හිතන්නකො ඔබතුම වෙරළේ ඇවිදගන යනව කියල, ඔබතුමාගේ යටි පතුල රුප, චිත්ත්, චයිතසික හෝ නිබ්බන නම්, නාම ගෝත්‍ර කියන්නේ වෙරළේ සටහන් වුන අඩි පාර.

    මේක මම තවත් අධ්‍යයනය කරනව, ඔබතුමාට යමක් හමු උනොත් share කරන්න. බොහොම පිං.

    මෙතන රූපය කියන්නෙ ශරිරය වෙලා නම්ගොත් කියන්නෙ නම සහ ගෝත්‍රය වෙන්නත් පුලුවන්. ශරීරය දිරනව, නමයි ගෝත්‍රයයි දිරන්නෙ නෑ කියන අදහස වෙන්නත් පුලුවන්.

    "මෙතන රූපය කිව්වට පංචස්කන්ධයම මෙතන තියනව" -

    මේකට proof ekak තියෙනවද?

    අපරිමෙය්‍යෙ ඉතො කප‍්පෙ ඔක‍්කාකකුලසම‍්භවො,
    ගොතමො නාම ගොත‍්තෙන සත්‍ථා ලොකෙ භවිස‍්සති.

    මෙයින් ඒකාසඞ්ඛ්‍ය කල්පලක්‍ෂයක් මතුයෙහි “ඔක්කාක” කුලයෙහි උපදින ගෝත්‍රයෙන් “ගෞතම” නම් වූ ශාස්තෲන් වහන්සේ ලෝකයෙහි පහළ වන සේක.

    තස‍්ස ධම‍්මෙසු දායාදො ඔරසො ධම‍්මනිම‍්මිතො,
    සාරිපුත‍්තො ‘ති නාමෙන හෙස‍්සති අග‍්ගසාවකො.

    උන්වහන්සේගේ ධර්‍මය දායාද්‍යයකොට ඇති ඖරස බුද්ධපුත්‍ර වූ ධර්‍මයෙන් ම මවාලූවාක් වැනි වූ නමින් ශාරීපුත්‍ර නම් වූ අග්‍රශ්‍රාවකයෙක් වන්නේ ය.

    සාරිපුත්තථේරාපදාන සූත්ත

    අප‍්පෙකච‍්චෙ භගවතා සද‍්ධිං සම‍්මොදිංසු. සම‍්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්‍වා එකමන‍්තං නිසීදිංසු. අප‍්පෙකච‍්චෙ යෙන භගවා තෙනඤ‍්ජලිං පණාමෙත්‍වා එකමන‍්තං නිසීදිංසු. අප‍්පෙකච‍්චෙ භගවතො සන‍්තිකෙ නාමගොත‍්තං සාවෙත්‍වා එකමන‍්තං නිසීදිංසු. අප‍්පෙකච‍්චෙ තුණ‍්හීභූතා එකමන‍්තං නිසීදිංසු.

    එළඹ ඇතැම් කෙනෙක් භාග වහන්සේ වැඳ එකත් පස් ව හුන්හ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූහ. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් ව හුන්හ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ එකත් පස් ව හුන්හ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි නම් ගොත් අස්වා එකත්පස් ව හුන්හ. ඇතැම් කෙනෙක් මුවින් නො බැණ එකත්පස් ව හුන්හ.

    වේළුද්වාරෙයිය සූත්ත

    සමඤ‍්ඤා හෙසා ලොකස‍්මිං නාමගොත‍්තං පකප‍්පිතං, සම‍්මුච‍්චා සමුදාගතං තත්‍ථ තත්‍ථ පකප‍්පිතං

    ලොවැ (ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණාදි විසිනුදු භාරද්වාජ, වාසෙට්ඨ ආදි විසිනුදු) යම් නාමග්‍රොතයෙක් ප්‍රකල්පිත වේ නම්, තෙල ප්‍රඥප්ති ව්‍යවහාරමාත්‍රයෙක් මැයි. ඒ ඒ කාලයෙහි ඔහට ප්‍රකල්පිත වූ එ නම් ගොත්වහර සම්මුතියෙන් පැමිණියේ ය.

    වාසෙට්ඨ සූත්‍රය

    නාමගොත්ත යෙදුම යෙදෙන කන්ටෙක්ස්ට් තුනක් ඔය. ඒ කන්ටෙක්ස්ට් සලකලා බලන්න. ඒවගේම පහල ශබ්දකෝෂ නිර්වචනයත් බලන්න.

    නාමගොත්ත - නාමය, ගොත්‍රය. (name and clan)

    Edited (added dictionary definition)

    මේවට අනුව නම්, නම්ගොත් කියන්නෙ නමයි ගෝත්‍රයයි. පරමාර්ත දර්ම නෙවේ. හුදෙක් සම්මුතියක්.
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මෙතන රූපය කියන්නෙ ශරිරය වෙලා නම්ගොත් කියන්නෙ නම සහ ගෝත්‍රය වෙන්නත් පුලුවන්. ශරීරය දිරනව, නමයි ගෝත්‍රයයි දිරන්නෙ නෑ කියන අදහස වෙන්නත් පුලුවන්.

    "මෙතන රූපය කිව්වට පංචස්කන්ධයම මෙතන තියනව" -

    මේකට proof ekak තියෙනවද?

    මේවට අනුව නම්, නම්ගොත් කියන්නෙ නමයි ගෝත්‍රයයි. පරමාර්ත දර්ම නෙවේ. හුදෙක් සම්මුතියක්.
    අපිට මේ අදහසින් අරගෙන නමයි ගෝත්‍රයයි දිරන්නෙ නෑ කියන්න බැහැ නේද? මොකද සම්මුතියක් වශයෙන් කියන නම සහ ගෝත්‍රය යන දෙකම කාලෙකදී දිරනවනෙ. උදාහරණයක් හැටියට මම ඔබතුමාගේ සීයාගේ, සීයාගේ නමයි ගෝත්‍රයයි ඇහුවොත් කියන්න පුලුවන්ද?
    සාධාරණව හිතුවොත් බුදු කෙනෙක් මේ වගේ දෙයක් දේශනා කරයි කියල මට නම් හිතන්න බැහැ. හැබැයි නාම ගෝත්‍ර කියන වචන සම්මුතියක් වශයෙන් තියන නම සහ ගෝත්‍රය අදහස් කරන්නත් පරමාර්ථ වශයෙන් ඇති පෙර විසු කඳ පිළිවෙත (නැත්නම් පෙර ස්කන්ධ පිළිවෙල) අදහස් කරන්නත් යන මේ දෙකටම පාවිච්චි කලා වෙන්න බැරිද?
    කොහොම වෙතත් අපි තව මේක ගැන හොයමු.

    Reference හමුවෙනකොට මම මෙතන දාන්නම්:

    Ref1: වේරඤ්ජකාණ්ඩය

    මෙබඳු ආයුෂ කෙළවර කොට ඇත්තෙම් වීම්. ඒ මම් එයින් චුත වූයෙම් මෙහි උපනිමි කියා යි. මෙසේ ආකාර සහිත වූ නාමගොත්‍රාදී උදෙසීම් සහිත වූ නන්වැදෑරුම් වූ පෙර වුසූ කඳපිළිවෙළ සිහි කරමි. බමුණ මා විසින් රැයෙහි පෙරයම්හි දී මේ පෙර වුසූ කඳ පිළිවෙළ සිහි කරණ නුවණ නැමැති ප්‍රථම විද්‍යාව ලබන ලදී.

    Ref2: මහාසච්චක සූත්‍රය

    මෙබඳු (සත්පනස්කෙළසැටසුවහස්වා) ආයුකාල කෙළවර කෙළෙම් වීමි. මම එයින් සැව මෙහි (මහාමායාවන් කුස) උපන්මි”යි. මෙසෙයින් (වර්ණාදිවිසින්) ආකාර සහිත (නාමගොත්‍රාදිවිසින්) උද්දෙශසහිත බහුප්‍රකාර පූර්වෙනිවාසය සිහිකරමි. ගිනිවෙස්න, මා විසින් රැය පළමු යම්හි මේ (පූර්වෙනිවාසය දත් හෙයින්) ප්‍රථම වූ විද්‍යාව අධිගත වූය.
     
    Last edited:
    • Like
    Reactions: asliyanage