මට ඉක්මනටම හොයාගන්න පුළුවන් වුනේ
නජීරති සූත්‍රය, තව හොයාගත්තොත් ඔබතුමා සමග share කරන්නම්. මට මතකයි මේ ගැන තව reference තිබුන.
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.) “සත්ත්වයන්ගේ
රූපය දිරයි.
නම් ගොත් නොදිරයි. රාගය නොමග යයි කියන ලදී. ලෝභය ධර්මයන්ට උවදුරය. වයස රෑ දාවල් ගෙවන්නේය. ස්ත්‍රිය පුරුෂයන්ගේ බඹසරට කිලුටෙකි. මෙහි මේ සත්ත්ව සමූහයා ඇලේ. “තපසද බඹසරට යන යමෙක් ඇද්ද, එය දිය නැති නෑමයි. කුශීත (අලස) බවද, ප්‍රමාදයද, වීර්‍ය්‍ය නැති බවද, ශීල සංයමය නැති බවද, නිදි බහුල බවද, ආගන්තුක අලස බවද යන මොහු ලොව සිත නොසිටිනා සිදුරු සයයි. ඒ සිදුරු සය සර්වප්රකාරයෙන් දුරලන්නේය.”
[P.S.] මෙතන
රූපය කිව්වට පංචස්කන්ධයම මෙතන තියනව (මේක මාතෘකා පාලියක්)
මේක මටත් තියන ප්‍රශ්නයක්, දල අදහසක් හැටියට මම හිතන්නේ නාම ගෝත්‍ර කියන්නේ රුප, චිත්ත්, චයිතසික සහ නිබ්බන වල සලකුණු කියල. හිතන්නකො ඔබතුම වෙරළේ ඇවිදගන යනව කියල, ඔබතුමාගේ යටි පතුල රුප, චිත්ත්, චයිතසික හෝ නිබ්බන නම්, නාම ගෝත්‍ර කියන්නේ වෙරළේ සටහන් වුන අඩි පාර.
මේක මම තවත් අධ්‍යයනය කරනව, ඔබතුමාට යමක් හමු උනොත් share කරන්න. බොහොම පිං.