කට කට...

වහල් අපිට නම් ඔය කොයි කෑමත් එකයි...ඒ වගේද අපේ රාජ කුමාරවරු?

අපි දුවගෙන ගිහින් රජතුමාට චන්දෙ දුන්නේ ඒ බේබිලාට සම්බෝල කන්න නෙමෙයි...

අපේ ළමයි නම් සම්බෝල කාපු දෙන්...උන් මොක්කුද...

ඒ වගේද අපේ රාජ කුමාරයා...යෝෂිත බේබි සම්බෝලයි බතුයි කෑවා කිව්වම පපුව දැවිල අලුවෙලා ගියා...


අපි, ගෑනි ළමයි හැමදාම කන්නේ සම්බෝලයි බතුයි...ඒ උනාට දැන් අපි කොහොමද තවත් මේවා කන්නේ...අපි යෝෂිත බේබි හිරේ දාපු දවසේ ඉදන් කෑවේ නැහැ..මම කිව්වා ගෑනිට උයන්න එපා කියල...රාජ කුමාරයා කන කෑමම අපිත් කෑවම රාජ කුමාරයට එක නිග්රහයක්..
හිරේ අනිත් උනුත් කන්නේ ඒවා...උන්නම් කාලකන්නි නේ...උන් කෑවට කමක් නැහැ...

එත් අපේ යෝසිත බේබි...මගේ දෙයියෝ...