යෝෂිත සහ යසාරා සුපිරි කෘෘස් නෞකාවක

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    යෝෂිත සහ යසාරා සුපිරි කෘෘස් නෞකාවක

    48044_516513858413784_1647521795_n.jpg

    ඊයේ විදුලි බිල එකට එකකින් වැඩි කළ රාජපක්ෂලා අද අලගෙඩියේ බදු වැඩි කෙළේය. දැන් තහනම් ගහේ ගෙඩි මෙන් අල ගෙඩියත් තහනම් ලැයිස්තුවට එක් කර ගැනීමට දුප්පත් අපට සිදු වනවා ඇත. අපගේ අත්‍යාවශ්‍ය ලැයිස්තුවෙන් එකින් එක තහනමී වී කැපී ගියද රාජපක්ෂලාට එසේ නැත. ඔව්හු කති බොති සුඛයෙන් වෙසෙති. ඔවුන් පමණක් නොව ඔවුන් ඇසුරු කරන්නෝ ද කති බොති සුඛයෙන් වෙසෙති.

    මෙහි ඇති සේයාරූ වලින් දැක්වෙන්නේ රාජපක්ෂ පුතෙකු වන යෝෂිත රාජපක්ෂ, ඔහුගේ පෙම්වතිය වන යසාරා අබේනායක සහ යසාරාගේ පවුලේ සැවොම (ආච්චීද ඇතුළුව) පෙර කී ලෙස කා බී සුඛයෙන් විසීමට සුපිරි කෘෘස් නෞකාවක් තෝරාගත් අවස්ථාවකි. මේ සිංගප්පූරු කෘෘස් නෞකාවේ ඔවුන් මෙලෙස සුඛයෙන් කල් ගත කෙළේ පසුගිය නිවාඩු සමයේ ය.

    නාවික හමුදාවේ සාමාන්‍ය නිලධාරියෙකුට තමා ලබන වැටුපෙන් සුපිරි කෘෘස් නෞකාවක පවුල් පිටින් නිවාඩුවක් ගත කිරීමට නොලැබුනද එවැනිම නිලධාරියෙකු ලෙස සේවය කරනා යෝෂිතට එම හැකියාව තිබේ. ඒ හැකියාව ඔහුට ලැබුනේ දිනෙන් දින තහනම් ලැයිස්තුව දිගු කරගන්නා, ලයිට් බිල ගෙවා ගැනීමට නොහැකි අප වැනි මෝඩ හුදී ජනයා ඔහුගේ පියාට ඡන්දය දුන් මහිමයෙනි.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,595
    17,666
    113
    Auckland
    යකෝ රජ කුමාරවරු සැප ගන්නව බලල සතුටු වෙන්න පුරුදු වෙයන් අතවැසියො උනාම :dull:

    තො අත වෙසියෙක් වෙන්න ඇති. ලොල්
     
    තොපිට ඊරිසියයි නෙහ් ,:P:P:P
    උන්ට චන්දී දීල උඹල බස් වල දාඩිය පෙරාගෙන කොන්දොන්ගෙන් කුණු කතා අහ අහා , කට්ට කාගෙන වැඩට ගිහින් හම්බ කරන තුට්ටු දෙකෙන් ගෙවන බදු වලින් උන් ආතල් ගන්නකොට සතුටු වෙයල්ලා ඩෝ , :yes::yes::D
    තොපිට නැතත් තොපේ ළමයින්ට තිය හත්මුතු පරම්පරාවේ එකෙක්කුටවත් බැරි උනත් මොකෝ, :Pඋඹලගේ රජාගේ කොල්ලනේ, ;) උන් නිසානේ තොපි මෙහෙම හරි පාරේ බැහැල යන්නේ :P:lol::lol::lol::lol::lol:
     
    Last edited:

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,772
    2,800
    113
    සතුටු වෙයන් බන්. ඔය අපේ උඹලගේ සල්ලිනෙ. ඒ සල්ලිවලින් රජතුමාගේ පවුල ජීවත් කරවනවා කියන එක කොච්චර ආඩම්බරයක්ද.
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    අනේ මන්ද බන්. අපේ රටට නම් ගොඩ යාමක් නෑ. මිනීමරුවො හොරු නීතියෙන් ගැලවෙනව ගානක් නැතුව. හොරකම වංචාව ඉහවහා ගිහින්. මිනිස්සුන්ටත් දැන් මේව දැකලම ගානක් නෑ. කුඩු ගහල වගේ ආතල් එකේ බලන් ඉන්නවා. ආයෙත් චන්දයක් තිබ්බොත් ගිහින් මහරජාටම ගහල එනව වෙන දෙන්න එකෙක් නෑ කියල. :angry::angry::angry:
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    දන්සෑල් දෙරෙහි නෑත දුගියෝ
    සල්පිල් වලය පුරවෑසියෝ
    පන්සිල් රකිති මෑරවරයෝ..
    මේ කේතුමතී නුවරයි..