යො වදතං පවරො මනුජෙසු
සක්‍යමුනී භගවා කතකිච්චො
කතා බස් කරන මනුෂ්‍ය වර්ගයා අතර උත්තම වූ යම් කෙනෙක් ඉන්නවා. උන්වහන්සේ තමයි නිවන් මග සම්පූර්ණ කළ ශාක්‍ය මුනින්ද්‍ර වූ භාග්‍යවතුන් වහන්සේ.
පාරගතො බලවිරියසමඞ්ගී
තං සුගතං සරණත්‍ථමුපෙහි
තමන් වහන්සේගේ ප්‍රඥා බලමහිමයත් චතුරංග සමන්වාගත වීර්යයත් නිසා සංසාරෙන් එතෙරට වැඩියා. අන්න ඒ සුගතයන් වහන්සේව සරණ යන්න.
රාගවිරාගමනෙජමසොකං
ධම්මමසඞ්ඛතමප්පටිකූලං
ධර්මයක් තියෙනවා. ඒ ධර්මයෙන් රාගය දුරු කරනවා. තෘෂ්ණාව නැති, ශෝක නැති, පිළිකුල් රහිත වූ අසංඛත නිවනයි ඒ ධර්මය.
මධුරමිමං පගුණං සුවිභත්තං
ධම්මමිමං සරණත්‍ථමුපෙහි
මේ ධර්මය මධුරයි. හොඳින් ප්‍රගුණ වෙනවා. විස්තර විභාග සහිතයි. මේ ධර්මයත් සරණ යන්න.
යත්‍ථ ච දින්නමහප්ඵලමාහු
චතුසු සුචීසු පුරිසයුගෙසු
යම් ආර්ය සඟ පිරිසකට දානයක් පූජා කළ විට මහත්ඵල ලැබෙනවා කියලා කියනවා නම් උන්වහන්සේලා පාරිශුද්ධ පුරුෂයින් යුගල හතරකින් යුක්තයි.
අට්ඨ ච පුග්ගල ධම්මදසා තෙ
සඞ්ඝමිමං සරණත්‍ථමුපෙහි
ධර්මයේ පිහිටි උන්වහන්සේලා පුද්ගල වශයෙන් අට දෙනෙක් වෙනවා. මේ ආර්ය සංඝයාද සරණ යන්න.
* කතා බස් කරන මනුෂ්‍ය වර්ගයා අතර උත්තම වූ; බුදුරජාණන් වහන්සේ කතා කළ (දේශනා කළ) දේ තුළ තිබුණේ උතුම්ම, ශ්‍රේෂ්ඨම දෙය වන ධර්මය නිසා
* උතුම් පුරුෂයින් යුගල වශයෙන් හතර දෙනා; සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරහත්
* පුද්ගල වශයෙන් අට දෙනා; සෝවාන් මාර්ගයේ යන, සෝවාන් ඵලයට පත් වූ, සකදාගාමී මාර්ගයේ යන, .............., අරහත් මාර්ගයේ යන, අරහත් ඵලයට පත් වූ
* සරණත්‍ථමුපෙහි = සරණ යන්න
* සරණත්‍ථමුපෙමි = සරණ යමි
https://tipitaka.lk/kn-vv-5-3
https://mahamevnawa.lk/sutta/kn3_1-5-3/
.
සිංහල අර්ථය සමඟ (විනාඩි 4:00)