යෞවන_මදය දුරුකරගනිමු

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    යෞවන_මදය දුරුකරගනිමු

    මේක මට මේල් එකකින් ආපු එකක් මට හිතුනා මේක අපේ BROTHERSලාත් එක්ක SHARE කර ගන්න

    යෞවන මදය දුරුකරගනිමු

    යෞවන මදය කියල කියන්නේ යෞවනබව නිසා නොව, යෞවනබව වරදවා තේරුම්ගැනීම නිසා කෙනෙකුට ඇතිවන අනවබෝධයකටයි.

    භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනව, "යෞවන මදය නිසා යමෙක් මත්වෙනව" කියල. යෞවන මදය කියල කියන්නේ, "තරුණබව නැතිවෙන්නෙ නෑ, දිගටම තියෙනවා" කියන අනවබෝධයට, වැරදි අදහසට. අන්න ඒ අදහසේ ඉන්නකොට එයා මත්වෙනව. ඒකට කියනව යෞවන මදය කියල.

    යම් කෙනෙක් යෞවන මදෙන් මත්වුනායින් පස්සෙ එයා අතින් දුෂ්චරිතය කෙරෙනව. එයා අතින් කායික දුෂ්චරිතය, වාචසික දුෂ්චරිතය, මානසික දුෂ්චරිතය කෙරෙනව. ඇයි එයා අතින් ඒ විදිහට දුෂ්චරිතය කෙරෙන්නෙ? එයා හිතනව, " මගේ තරුණබව නැතිවෙන්නෙ නෑ" කියල. තරුණබව නැතිවෙන්නෙ නැත්නම් ඇත්තෙන්ම මොනව කලත් ගැටලුවක් නෑ නේද? නමුත් තරුණබවස්ථිරව තියෙන එකක්ද? නැතිවෙන එකක්ද? නියත වශයෙන්ම නැතිවෙනව.

    එහෙනම් බලන්න සමාන්‍ය කෙනාගේ අදහස තමයි "තරුණබව නැතිවෙන්නෙ නෑ" කියන එක. එහෙනම් ඒ නැතිවෙන්නෙ නෑ කියන අදහසේ ඉන්නතාක් එයා සුචරිතය කරන්ට පෙළඹෙන්නෙ නෑ, දුෂ්චරිතය කරන්ට පෙළඹෙනව.

    භාග්‍යවතුන් වහන්සේ පෙන්වාදෙනව, අපේ ජීවිතයට සිදුවන ඇත්ත සිහිකරන්න කියල. "මම වයසට යන කෙනෙක්, වයසට යන ස්වභාවය ඉක්මවල නෑ" කියල. එහෙම ඇත්ත සිහිකරන්ට කරන්ට එයාගේ හිතේ තියෙන අර බොරු අදහස, වැරදි අදහස දුරුවෙලා යනව කියල දේශනා කරනව.

    ඔන්න මඩ වතුර තියෙන වීදුරවක් තියෙනව. යම් කෙනෙක් පිරිසිඳූ වතුර එකක් අරගෙන අර මඩ වතුර තියෙන වීදුරුවට ටික ටික වක්කරනව. මඩ වතුර ටික ටික අයින් වෙනව. දීර්ඝ කලක් මේක කරන්ට කරන්ට මොකද වෙන්නෙ? මඩ තිබුනද කියල හොයාගන්ට බැරි විදිහට මඩ වතුර අයින්වෙලා, පිරිසිඳූ වතුර භාජනේ ඉතුරුවෙන කලක් එනව.

    අන්න ඒ වගේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කලා, "මේකට පිරිසිඳූ දේ එකතුකරන්ට, සත්‍යය එකතුකරන්ට" කියල. මොකක්ද ඒ සත්‍යය? වයසට යනව කියන එක සත්‍යයක්. තුන් ලෝකේ කාටවත් ඒක අසත්‍යයි කියල කියන්න බෑ. නුවණ තියෙන කාටවත් කරුණු සහිතව මෙය අසත්‍යයි කියල කියන්න බෑ. වයසටයාම අනිත් පැත්තට හරවන්න කිසිකෙනෙකුට බෑ. එනිසා භාගවතුන් වහන්සේ පෙන්වාදෙනව, ඒක පරම සත්‍යයක්. අන්න ඒ සත්‍යය සිහිකරන්න කිව්ව.

    අන්න ඒ සත්‍යය සිහිකරන්නෙ කෙහොමද? "මම වයසට යන කෙනෙක්, ඒ වයසට යන ස්වභාවය ඉක්මවල නෑ" කියල සිහිකරන්න කිව්ව. එහෙම සිහිකරන්න කරන්න එයාගෙ යෞවන මදය දුරුවෙලා යනව. යෞවන මදය දුරුවුනායින් පස්සෙ යෞවන මදය නිසා ඇති වූ මත්බව නැතිවෙලා යනව. ඒ මදය දුරුවුනායින් පස්සෙ එයා අතින් දුෂ්චරිතය කෙරෙන්නෙ නෑ. එයා අතින් සුචරිතයයි කෙරෙන්නෙ.
    එතකොට කවුරුත් නීති දාන්න ඕනෙ නෑ. එයාගෙ දෑතට විලංගු දාන්ට ඕනෙ නෑ. එයාගේ දෑතින් වැරදි දේ කරන්නෙ නෑ. නැත්නම් මදය තියෙනව නම්, විලංගු කඩාගෙන ගිහිල්ල හරි එයා වැරදි දේ කරනව. එනිසා මේ මදය දුරුවුනායින් පස්සෙ එයා ඉතා ම සංසුන්ව වාසය කරන, සුචරිතයකරන කෙනෙක් බවට පත්වෙනව. එතකොට ඒ යෞවන මදය දුරුකරගන්ට තියෙන්නෙ වයසට යන ස්වභාවය සිහිකිරීමෙන්.

    SOURCE:
    From: http://www.dinamina.lk/kalanamithuro/?fn=n1102191&nav=0

     
    Last edited:
    • Like
    Reactions: pc kush and prabo22

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේක ගිය මාසයේ දිනමිණ පත්තරයේ තිබ්බ
    ලිපියක් නේ..
    එහෙන් පිටින්ම කොපි කරලා වගේ..
    හි.හි. හරි කමක් නෑ.. කොහොම වුනත් උපුටා ගත්තේ කොහෙන්ද කියලාත් දාන්න.
    නැත්නම් මේ නිර්මාණයේ මුල් අයිතිකරුට කරන අගෞරවයක් වෙයි...

    කොහොම වුනත් ස්තුතියි අපිත් එක්ක බෙදා ගත්තාට..
     

    reshadie

    Well-known member
  • Oct 9, 2008
    4,383
    203
    63
    ai brotherslata witharak kiyala thiyenne. sistersla okkoma wayasata giya kattiyada :P
    anyway watina thread ekak. thanx for sharing :D
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මේක ගිය මාසයේ දිනමිණ පත්තරයේ තිබ්බ
    ලිපියක් නේ..
    එහෙන් පිටින්ම කොපි කරලා වගේ..
    හි.හි. හරි කමක් නෑ.. කොහොම වුනත් උපුටා ගත්තේ කොහෙන්ද කියලාත් දාන්න.
    නැත්නම් මේ නිර්මාණයේ මුල් අයිතිකරුට කරන අගෞරවයක් වෙයි...

    කොහොම වුනත් ස්තුතියි අපිත් එක්ක බෙදා ගත්තාට..
    :P:P oka hamuduru kenek kiwwa banak.... mata hariyata hamuduruwange nama mataka naha...:D:D