රංගෙබණ්ඩාර_ඉල්ලා_අස්වෙයි!

James-Bond

Member
Dec 21, 2010
2,705
308
0
රංගෙබණ්ඩාර_ඉල්ලා_අස්වෙයි!

මේකත් බොරුවක්ද?:shocked:


පාලිත රංගේ බණ්ඩාර එජාපයෙන් ඉල්ලා අස්වෙයි

Friday, 01 April 2011 09:02 lanka C news



පුත්තලම දිස්ත‍්‍රික් එජාප පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාලිත රංගේ බණ්ඩාර මහතා එක්සත් ජාතික පක්‍ෂයේ සියලූම වගකීම්වලින් ඉවත් වූ බව පවසයි. ඒ මහතාගේ අත්සනින් පක්‍ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත යොමුකළ ලිපියකයි මේ බව සඳහන්ය. රංගේ බණ්ඩාර මහතා 2010 වසරේ අපේ‍්‍රල් මස 10 වන දින හලාවත ප‍්‍රදේශයේදී වයඹ පළාත් සභා මන්තී‍්‍ර ශාන්ත අබේසේකර මහතා විසින් සිදු කෙරුණු පහරදීමතට ලක් වූ බව පැවසෙන අතර එය සැලකිල්ලට ගෙන අබේසේකර මහතාට පක්‍ෂයේ විනය නියෝගය යටතේ දඩුවම් ලබාදීමට එක්සත් ජාතික පක්‍ෂයේ විනය කමිටුවක් තීරණය කළේය. එහෙත් පක්‍ෂයේ මහලේකම්වරයා මෙතෙක් ඊට පියවර ගෙන නොමැති බව රංගේ බණ්ඩාර මහතා පවසයි. එවැනි තත්ත්වයක් යටතේ තවදුරටත් පක්‍ෂයේ රැදී සිටීම ගැටලූවක් බව ඒ මහතා රනිල් වික‍්‍රමසිංහ මහතාට යොමු කළ ලිපියේ සඳහන්ය.




lankacnews