රංගෙ බණ්ඩාරගෙ පුතා

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    රංගෙ බණ්ඩාරගෙ පුතා

    14721445_1234444956616486_8968076774714242545_n.jpg
    රංගෙ බණ්ඩාරගෙ පුතා
    මිනිසෙකු යට කොට
    ඔහු මැරි වැටෙන විට
    පලා යන අතර...
    වෙනත් පිරිසක් ඔහු අල්ලා
    පොලිසියට භාර දී
    උසාවියට ඉදිරිපත් කල විට
    පසුදාම ඇප ලැබෙන්නේ
    රුපියල් පහලොස් දහසකට ය...

    තවම මැරිලද නැත්දැයි නොදන්නා
    එක්නැලිගොඩ නම් පුද්ගලයෙකු
    මරා දැම්මයි නිශ්චිත චෝදනා හෝ
    ගොනු නොකල යුධ හමුදා බුද්ධි අංශ
    ලුතිනන් කර්නල්වරයාට සහ
    අනිත් නිලධාරියාට මාස 14 කට පසු
    ඇප ලැබෙන්නේ...එක් අයෙකුට
    රුපියල් ලක්ෂ පහලොවකටය...

    හොදම කථාව...
    පුතා රංගෙ බණ්ඩාර පියා සමග
    සිනා සෙමින් පහලොස් දහස ගෙවා
    බන්ධනාගාරයෙන් පිට වෙන විට...
    අර හමුදා නිලධාරීන් ඇපයට
    ලක්ෂ තිහ නැතිව නැවත
    බන්ධනාගාර ගත වේ...

    යහපාලනය කියන්නෙ
    මේකට තමයි...

    අවුලක් නෑ ඕවා ගැන හිතලා
    'මහින්ද හොරා' කියලා
    අමතක කරන්න එහෙම එපා..
    ඒ ගැන අවදානෙන්ම ඉන්න හිටංලා..
    යහපාලනයෙන් තම තමුන්ටම
    දැනෙන්න ඇරෙනකල්...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේද කියන්නෙ දැන් සර්ව සාධාරන නිතියක් හැදිල, කො මුන්ට චන්දෙ දුන්න ලක්ශ 62 මිහරක්.
     

    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    Im not a UnP and not either JVP or UPFA. But yesterday Minister pointed out a valid point.He said Should the passengers should arrest when driver did the accident? if that is so if a bus kills a person in the road the passengers who goes in the bus should be arrested.

    සංවාදයට ගනිමු.......
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Im not a UnP and not either JVP or UPFA. But yesterday Minister pointed out a valid point.He said Should the passengers should arrest when driver did the accident? if that is so if a bus kills a person in the road the passengers who goes in the bus should be arrested.

    සංවාදයට ගනිමු.......

    Good point...
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    ඔව් බන් මේක මහා හු*න නීතියක් නේ...රිය අනතුරක් කරලා මිනිහෙක්ව මරලා පලා යාමේ චෝදනාවට කොහොමද ඇපපිට නිදහස් කරන්නේ...අපි එහෙම කළා නම් සති 2 නෙමෙයි මාස 6 විතර හිරේ
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    කෝ මේකෙ ඉන්න හස ලකුන හද ලකුන කරගත් සරිව සාදාරන පිරිසිදු උත්තමයෝ...?
     

    katu imbula

    Member
    Sep 17, 2016
    11
    6
    0
    පසුගිය ජනාධිපතිවරන වේදීකාවේ ඉමහත් කථා බහට ලක් වූ එක් කරුණක් වූයේ රාජපක්ෂ පුතුන්ගේ සුපිරි මෝටර් රථ සම්බන්ධවයි. එමෙන්ම පසු කාලීනව එම වාහාන සොයා ගැනීම හා සම්බන්ධව ඇති වූ යම් යම් සිදුවීම් කරුණු කොටගෙන යහපාලන ආණ්ඩුවට බොහෝ පිරිසකගෙන් චෝදනාද එල්ල වෙමින් තිබෙනවා.

    අපි මේ හෙළිකිරීමට යන්නේ රාජපක්ෂ පාලන සමයෙහි සමාජ ජාලා ආශ්‍රිතව විශාල කථා බහක් ඇති වූ නාරහේන්පිටදී අනතුරකට ලක්ව පසුව පොලිස් විශේෂ කාර්ය බලකාය පැමිණ රැගෙන ගිය , ඒ හා සමානවම මාධ්‍යවලට දැඩි තහංචියක් පැනවූ සිදුවීමේ සත්‍යතාවයයි.

    for42014 මැයි 1 දින නාරාහේන්පිට බේස්ලයින් පාරේ අංක තහඩු නොමැතිව අධික වේගයෙන් පැමිණි ෆෝර්ඩ් මස්ටැන්ක් වර්ගයේ කාර් රථයක් ත්‍රිරෝද රථයක් සමග ගැටී එහි සිටි තරුණයෙක් තුවාල වූ සිදුදියක් එදා ජනමාධ්‍ය තුළ වාරණයට ලක් වූ ප්‍රවෘත්තියක් වූවත් සමාජ මාධ්‍ය ඔස්සේ මේ පිළිබඳව විවිධ ආකාරෙය පින්තූර හුවමාරූ වූවා.

    මෙම අනතුර සිදුවූ වහාම එම ස්ථානයට විශේෂ කාර්ය බලකායෙ බටපිරිස් පැමිණියා ඉතාමත් ඉක්මනින් ක්‍රියාත්මක වූ බට පිරිස් කාර් රථය එතනින් ඉවත් කොට රැගෙන යාමට ක්‍රියා කර අතර, අනතුරට පත්වූ ත්‍රී රෝද රථයේ තරුණයාව රෝහල් ගත කිරීමට ප්‍රථම වාහනය රැගෙන ගොස් තිබුනා.for8
    පසුව හෙළි වූයේ කිසිදු පොලිස් ස්ථානයකට රැගෙන නොගොස් එම රථය ගෙන ගොස් ඇත්තේ කඩුවෙල වාහන අලුත් වැඩියා කරන ස්ථානයට බවයි.



    for6මෙසේ සිද්දි දාමය වනවිට මෙම කාර් රථය කාගේද යන්න බොහො දෙනා අවදානය යොමුකර අංක තහඩු නොමැති මෙම වාහනය පොලිස් බාරයට නොගැනීම කාගේ උවමනාවට සිදුවුවාදැයි සෙවීමට එදා මාධ්‍ය පවා බිය වුනා.



    එමෙන්ම අවස්ථා ගණනාවකදීම මෙම කාර් රථය ගාලු මෝදර පාර වසා රාජපක්ෂ දරුවන් රාත්‍රිකාලයේ පදවන අයුරු බොහෝ දැක තිබෙනවා. එමෙමෙන්ම CSN නාලිකාව සංවිධානය කරන නයිට් රේස් සදහා මෙම කාරය සමග රාජපක්ෂ දරුවන් පැමිණි අවස්ථා බොහො අය දැක තිබෙනවා.

    මේ ඒ හරහා මෙම සිදුවීම යළිත් වතාවක් නව රජය බලයට පත්වීමේන් අනතුරුව මතු වූයේ බෝකුන්දර ප්‍රදේශයේ අංක තහඩු වෙනස්කරන ලද නිසාන් ජි ට් ර් GTR කාර් රථයක් සොයාගැනීමත් සමගය.එම කාර් රථයද රාජපක්ෂ දරුවන් මෝටර් රථ තරග සදහා යොදාගත් වාහනයක් ලෙස හදුනාගත්තා.



    KADUWELAඅපට හෙළි වී ඇති කරුණු අනුව මැයි පළවෙනිදා අනතුරට පත් අදික වටිනාකමකින් යුත් මෙම කාර් රථය අද ඉතා සුක්ෂම ලෙස කඩුවෙල පිහිටි වාහන අංගනයක සගවා ඇති බව තොරතුරු අනාවරණය වී ඇත.

    රාජපක්ෂවරුන් තමන්ට හිමි වාහන ඉතා සූක්ෂම ලෙස ලියාපදිංචි නොකර විවිධ පුද්ගලයන් බාරේ තබා නීතියෙන් බේරීමට ඔවුන් මෙම වාහන ලියාපදිංචි නොකර තමන්ට ඇති දේශපාලන බලය පාවිච්චි කර ලග තබාගැනීම සිදුකර තිබෙන්නේ.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    Im not a UnP and not either JVP or UPFA. But yesterday Minister pointed out a valid point.He said Should the passengers should arrest when driver did the accident? if that is so if a bus kills a person in the road the passengers who goes in the bus should be arrested.

    සංවාදයට ගනිමු.......

    Bro that is not the point.....
    they trying to take a Driver to Passenger and make a driver from elsewhere.
    Is it resalable?