රජතුමාම ගම්සභා විචාරීම

sitharaJAYA

Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    රජතුමාම ගම්සභා විචාරීම

    ගල්විහාරය අසළ වැසිකිලියක් නැති කමත් අහවල් පාරට තාර ටිකක් නොදැම්මේ කුමක්දැයි කියාත් විචාරීමට දැන් රජතුමා පොළොන්නරුවට හා පානදුරයට යන්නේ ය.

    එසේ විචාරා නිලධාරීන්ට බැණ වදින්නේ ය. ඒවා කැමරාවට හසුකර ඉන්පසු අපට පෙන්නන්නේ ය.

    ඒවා දකින අපට අපේ ආතල් එක උඩට ම නගින්නේ ය.

    ජනතාවගේ වැසිකිළියක් පාරක් ගැන සොයා බලන්නට ලෑස්ති රජකෙනෙක් අපට ලැබී තිබේ. කොළඹ නගර සභාව විසුරුවා මදි ය. සියලු නගර සභා ගම් සභා විසුරුවා ඒවාගේ පාලනය මේ රජතුමාට බාර දිය යුතු ය.

    ඇත්තටම බෝක්කුවක් කක්කුස්සක් පාරක් හදා දෙනවා නම් ඇති ය. ඒවා නොකරන්නේ නිලධාරීන් ය. දැන් ඒ අලස නිලධාරීන් ගස් බැදීම හා උන්ට කට උත්තර නැති වෙන්නට ප්‍රශ්න අසන නායක කාරකාදීන්ට අමතරව රජතුමා ද ඒ මට්ටමට වැටී පොළොවේම පය ගසා සිටින්නේ ය.

    අපේ බෝක්කු කටත් දැන් කැඩිලා ය. ටෙලිවිෂොන් කට්ටියට කියලා බැලුවත් හරි ගියේ නැත. රජතුමා හෝ ඔහුගේ බෑයා ගෙන්වා ගත්තොත් නම් හරි ය.

    අපේ ගම් සභාවේ ප්‍රගති සමාලෝචනයටත් රජතුමාව ගෙන්වා ගන්නට හැකි විදිහක් කාට හරි කියන්නට පුලුවන් නම් අගේ ය. එතකොට බෝක්කුව ගොඩ ය.

    සමහර විට රටේ ප්‍රශ්න විසදා අවසන් නිසා ගමේ ප්‍රශ්න ගැන සොයන්නට එතුමා හිතන්නට ඇත. ඇත්තට ඔය කුමන්ත්‍රණකාරයින් නිසා මිසක් රටේ ප්‍රශ්නයක් දැන් ඇත්තේම නැති තරම් ය. එහෙම වුන එක හොද ය. නැතිනම් මේ කැඩුනු බෝක්කුකට හදා ගන්නේ කාට කියලා ද?

    මෙහෙම රජෙක් ලැබුණු අප වාසනාවන්ත ය. චිරං ජයතු!

    ෙම්වා බලා අප අාතල් ගන්නා අතරතුර ෙහට අනිද්දාට නීති විශාරද පාස්ටින් ස්ටාර් තුම්මුල්ෙල් විමෙල් කට අරිනු අැත.

    “පාරට තාර දමන්ෙන් නැති, වැසිකිළි හදන්ෙන් නැති අැමති මණ්ඩලයද, නිළධාරීන්ද අප වැඩකට නැත. ඒනිසා පාර්ලිෙම්න්තුවද වැඩකට නැත්ෙත්ය. රට අාශ්චර්ය කරා යෑමට නම් අධිකාරියක් අවශ්‍යය. ඒනිසා රටම අධිකාරියක් කළ යුතුමය. පාන් පිටි ත්‍රස්තවාදය ෙමන්ම පාර්ලිෙම්න්තු ත්‍රස්තවාදයට ද තිත තැබිය යුතුය.”

    කස කරැවන් ඒන්ෙන් ෙපරහැර ඒන බව අගවන්නටය.

    “අපටත් රෙජක් පහළව අැෙත්”
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    0.jpg
    0.jpg



    අපටත් මහ රජෙක් ඇත්තේය
    පෙරහැර කරඤ්ඤං
    කිරි බත් බෙදඤ්ඤං
    පුන්නක්කු බොන්ඤං