රජතුමා හා ඇමතිමණ්ඩලය

sitharaJAYA

Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    රජතුමා හා ඇමතිමණ්ඩලය

    රටට නායකයෙක් අවශ්‍ය රටේ ප්‍රතිපත්ති සම්පාදනයට බවත් ඒවා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ආයතන ව්‍යුහය ගොඩ නැගීමට බවත් ඒවාට නිස්සන් පත්කොට ඒවා මෙහෙයවන්නට බවත් ඒවා අධීක්ෂණයට ක්‍රමවේදයන් සකස් කිරීමට බවත් ඒ සැලසුම්වලට අනුව කටයුතු සිදු නොවන්නේ නම් එයට වගකිව යුතු ඇමතිවරුන්ගෙන් ඒ ගැන විචාරන්නට බවත් අපි සිතා සිටියෙමු.

    දැන් පෙනෙන්නේ ඒ සියල්ල බටහිර මතයන් බව ය. දේශීය මතය නම් රජතුමාම නිලධාරීන් හමුවී සියල්ල විසදිය යුතු බව ය. ඇත්තටම ඇමතිවරු ඉන්නේ කුමකට දැයි මේවා අහන සමහරු ඇසිය හැකි ය.

    ඇත්තටම ඒ අය ඉන්නේ රජතුමාට තනිවට ඇමරිකාවට හෝ ඉරානයට එක්කන් යන්නට ය.

    බොහෝ ඇමැත්තන්ට හිතන්නටවත් පුලුවන් කමක් නැත. රටේ සිදුවන හැම දෙයක්ම පාහේ මහින්ද චින්තනයට අනුව සිදුවන්නේ ඒ නිසා ය. රජතුමාගේම සංකල්පයන් වන්නේ ඒ නිසා ය.

    මෙහෙම රජෙක් ලැබුනේ අපේ වාසනාවට ය. එතුමා සියල්ල දන්නේ ය. සියල්ල නිර්මාණය කරන්නේ ය. සියල්ල විමසන්නේ ය.

    ඉතිරි ගොන්වහන්සේලා රජතුමාට සෙමෙර සලන්නෝය. තනි රකින්නෝ ය.
     
    • Like
    Reactions: udagama