රජයෙන් විහාරස්ථාන වෙත පණිවිඩයක්
"ශ්‍රී ලංකාවේ සියලු විහාරස්ථානවල අප්‍රේල් 1වනදා සිට 7 වනදා දක්වා වූ දින 7ක කාලය තුළ දිනපතා පැයක කාලයක් ජනතාවට ආශිර්වාදය කිරීම සඳහා යොදා ගන්නැයි රජය ඉල්ලීමක් සිදු කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය මෙම ඉල්ලීම සිදු කර තිබෙනවා.
ඒ අනුව අප්‍රේල් 01 වැනිදා සිට දින 07ක් දිනපතා රාත්‍රී 07.00ට සියලු විහාරස්ථානවල ඝණ්ඨාර නාද කොට, ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් පන්සිල් සමාදන් කර, අනතුරු බුද්ධ වන්දනාව සිදු කල යුතුයි.
පසුව රත්න සුත්‍රය සහ ගිරිමානන්ද සුත්‍රය ඇතුලුව පිරිත් දේශනා කොට ප්‍රදේශවාසී පිංවතුන්ටත් රටවාසී හා ලෝකවාසී ජනතාවටත් නීරෝගී බව හා ජිවිත ආරක්ෂා වෙත්වා යන සත්ක්‍රියාවක් සිදු කරන ලෙසයි රජය මහා සංඝරතනයෙන් ඉල්ලා ඇත්තේ.
එම දිනවල එකම වේලාවට ආරම්භ කර එකම වේලාවට මෙය අවසන් කල යුතුයි.
අවසානයේ රාත්‍රී 7.55ට සත්ක්‍රියාව සිද්ධ කිරීම තුළින් එය විශාල අධ්‍යාත්මික බලයක් වී අප රටේ ජනතාවටත් ලෝකවාසීන්ටත් යහපතක් වන බව අපගේ විශ්වාසය බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ."