රජයෙන් සතයක් නොගනිති
ත්‍රි මලේ ගැමියෝ ඇළක් කපති
රජයෙන් සතයක් නොගනිති
තුන්මාසයක නියඟය නිසා ත්‍රිකුණාමලයේ සියලු වැව් අමුණු සිදී යද්දී ධෛර්ය සම්පන්න ගොවියෝ පිරිසක් රජයෙන් සතයක්වත් නොගෙන කිලෝමීටර් හතර හමාරක ඇළක් කපා කුඹුරු අක්කර හත්සිය පනහක් වගා කිරීමට මංගල දියවර අද නිකුත් කළහ.
ගෝමරන්කඩවල කල්‍යාණිපුර ,පන්කුලම වැවෙන් ඔවුහු මේ වික්‍රමය කළහ.
ගමේ ගොවි සමාජ නායකයකු වන එස් සුමනරත්න මහතා මේ කාර්යයේ නියමුවාය.
ඇළ කැපීමට වැය වී ඇත්තේ රුපියල් අට ලක්ෂ හැත්තෑ පන්දහසක් පමණ මුදලකි.ඒ සියල්ලම ගමෙන් එකතු කැරිණී.
කල්‍යාණපුර චිත්ත විවේකාරාමයේ විහාරාධිපති මා කඳුරේ මහින්ද සෝම හිමි,ගෝමරන්කඩවල ප්‍රාදේශිය ලේකම් රුවන් ජයසුන්දර මහතා,ප්‍රාදේශිය සභා උප සභාපතිනි නිරංජලා සරෝජනී මහත්මිය,ගොවිජන සේවා සහකාර කොමසාරිස් උලිඳ කුමාර් මහතා හා සුමනරත්න මහතා ඇතුළු ගැමියන් මේ කාර්යයේදී දිරිමත් කළ බව ගැමියෝ කියති.
රජය උදව් කරන්නේ නම් තවත් වැව් තුනක් සම්බන්ධ වන සේ ඇළ මාර්ගයක් කපා කුඹුරු අක්කර පහළොස් දහසකට දියවර සැපයීමට තමන් සුදානම් බව කල්‍යාණපුර වැසියෝ පවසති.
මෙන්න රටක් වටින මිනිස්සු. හැම දේම දේශපාලුවන් කරනකන් බල බල ඉන්නේ නැතුව තමන්ගේම මහන්සියෙන් වැඩේ කරගත්තා. මේකට දේශපාලුවෙක් ගෑවුනා නන් ලක්ෂ ගානක් සාකුවේ. මේ ගැමියන්ට මාගේ හද පිරි ප්‍රණාමය.