රජයෙන් සතයක් නොගනිති

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    රජයෙන් සතයක් නොගනිති

    ත්‍රි මලේ ගැමියෝ ඇළක් කපති

    රජයෙන් සතයක් නොගනිති

    තුන්මාසයක නියඟය නිසා ත්‍රිකුණාමලයේ සියලු වැව් අමුණු සිදී යද්දී ධෛර්ය සම්පන්න ගොවියෝ පිරිසක් රජයෙන් සතයක්වත් නොගෙන කිලෝමීටර් හතර හමාරක ඇළක් කපා කුඹුරු අක්කර හත්සිය පනහක් වගා කිරීමට මංගල දියවර අද නිකුත් කළහ.

    10(317).jpg


    09(290).jpg


    13(250).jpg


    12(285).jpg


    ගෝමරන්කඩවල කල්‍යාණිපුර ,පන්කුලම වැවෙන් ඔවුහු මේ වික්‍රමය කළහ.

    ගමේ ගොවි සමාජ නායකයකු වන එස් සුමනරත්න මහතා මේ කාර්යයේ නියමුවාය.

    ඇළ කැපීමට වැය වී ඇත්තේ රුපියල් අට ලක්ෂ හැත්තෑ පන්දහසක් පමණ මුදලකි.ඒ සියල්ලම ගමෙන් එකතු කැරිණී.

    කල්‍යාණපුර චිත්ත විවේකාරාමයේ විහාරාධිපති මා කඳුරේ මහින්ද සෝම හිමි,ගෝමරන්කඩවල ප්‍රාදේශිය ලේකම් රුවන් ජයසුන්දර මහතා,ප්‍රාදේශිය සභා උප සභාපතිනි නිරංජලා සරෝජනී මහත්මිය,ගොවිජන සේවා සහකාර කොමසාරිස් උලිඳ කුමාර් මහතා හා සුමනරත්න මහතා ඇතුළු ගැමියන් මේ කාර්යයේදී දිරිමත් කළ බව ගැමියෝ කියති.

    රජය උදව් කරන්නේ නම් තවත් වැව් තුනක් සම්බන්ධ වන සේ ඇළ මාර්ගයක් කපා කුඹුරු අක්කර පහළොස් දහසකට දියවර සැපයීමට තමන් සුදානම් බව කල්‍යාණපුර වැසියෝ පවසති.


    මෙන්න රටක් වටින මිනිස්සු. හැම දේම දේශපාලුවන් කරනකන් බල බල ඉන්නේ නැතුව තමන්ගේම මහන්සියෙන් වැඩේ කරගත්තා. මේකට දේශපාලුවෙක් ගෑවුනා නන් ලක්ෂ ගානක් සාකුවේ. මේ ගැමියන්ට මාගේ හද පිරි ප්‍රණාමය.
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අපෝ ඔය ගොන් කබරයො ගෑ උනේ නැති එකම තමා හොද නැතන් මේ මිනිස්සුන්ගෙ සල්ලිත් ගසා කාලා ඔය වටේ පිටේ තියන ගස් ටිකත් කපලා අවුරුදු 5 කට්වත් ඕක හදලා ඉවර කරන්නෙ නෑ ...
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    ado ado ehema karanna be oya wede nawaththala parata behela udgoshana karapan. poster gahapan wiplawa karapan. moda gowiyo athal kudu karanawa. apita poster gahanna chance ekak diyan gowi then karanna wathura ne kiyala... moda gowiyoo
    - Jeppekge wilapaya
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    කලු පූසා;16264515 said:
    ado ado ehema karanna be oya wede nawaththala parata behela udgoshana karapan. poster gahapan wiplawa karapan. moda gowiyo athal kudu karanawa. apita poster gahanna chance ekak diyan gowi then karanna wathura ne kiyala... moda gowiyoo
    - Jeppekge wilapaya

    ponniye, jeppo newe, umbe aanduwe ewun thamay awilla ookata wali danne..dekkane pahugiya dawasaka rathnapure peththe gamakata current deela una wede..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මෙන්න රටක් වටින මිනිස්සු.

    එතකොට යුද්දේ දිනපු™ රාජෆක්ස රටක් වටිනා මිනිහෙක් නෙවීද ? අනේ තොපි වගේ කුහක මිනිස්සු :angry: