රජයේ ටෙන්ඩර් පරිපාටිය

euler

Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    රජයේ ටෙන්ඩර් පරිපාටිය

    රජයේ ටෙන්ඩර් පරිපාටිය

    Following thread inspired me to write this thread. Thanks my neighboring Uncle )
    http://www.elakiri.com/forum/showthread.php?t=1900295

    රජයේ ආයතනයක් විසින් මූල්‍ය වටිනාකමක් සහිත භාන්ඩයක් රජයට භාවිතා කිරීමට නොහැකි හෝ නොගැලපෙන හෝ අවස්තාවක් නොමැති විට එම භාණ්ඩය විකුණා දැමිය යුතුය. රජයේ ආයතන වලට විවිධ වර්ගයේ මූල්‍ය වටිනාකමක් සහිත දේවල් අවශ්‍යය. භාන්ඩ හා සේවා

    example:-

    ddHtJcQ.jpg

    ඒ සඳහා යොදාගන්නා විධිමත් ක්‍රමවේදය සම්බන්ධයෙන් මා ඉගෙන ගත් කරුණු ඔබ වෙත ලියමි

    1. රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් මූලික ග්‍රන්ථ හා රජය වරින්වර නිකුත් කරන චක්‍රලේඛ අනූව ටෙන්ඩර් කිරීම සිදු කරයි

    2. ටෙන්ඩර් කරන වටිනාකම/ස්වභාවය අනූව ටෙන්ඩර් ක්‍රමය තීරණය කරයි

    3. ඒ අනූව පුවත් පත් දැන්වීම් හෝ ලියාපදිංචි ආයතන වලට දැන්වීමෙන් හෝ තවත් ක්‍රම වලින් ටෙන්ඩර් දැන්වීම් දමයි

    4. මේ එවැනි ටෙන්ඩර් දැන්වීමකි.

    සරලව තේරුම් ගැනීම සඳහා මෙම දැන්වීම විස්තර කරන්නම්

    http://www.customs.gov.lk/public/files/tender/General_Tender_2019_05_23.pdf

    Wy1cj6x.jpg

    මේ ටෙන්ඩරයේ හැටියට " රේගුවෙන් භාන්ඩ කැමතිකෙනෙකුට ගන්න විකුණනනවා" ඒකට කන්ඩිෂන් තිබෙනවා

    A. අපි භාන්ඩ වලට ගෙවන්න බලාපොරොත්තු වෙන ගණන රහසිගතයි. තරඟයක් තිබෙන්නේ. එම නිසා ටෙන්ඩර් මිල ගණන් ලියන කොලය අපි දාන්න ඕනේ ටෙන්ඩර් පෙට්ටියට. ලිපිනයත් එක්කම තිබෙනවා නේද? පෙට්ටියේ ස්තානය. 2019.05.23 උදේ දහය වෙනකම් විතරයි. හරියටම 10 ට ටෙන්ඩර් පෙට්ටියේ ලොක් අරිනවා. ඒ වෙලාවට ටෙන්ඩර් දාපු අය හැමෝටම බලාගෙන ඉන්න පුලුවන් මිනිස්සු දැමු ටෙන්ඩර බලන්න. බලන්න කිව්වට බලන්නේ නිලධාරීන්. එකින් එක ටෙන්ඩර එන්ලොප් එක කඩලා ටෙන්ඩර් කරපු භාන්ඩ සහ මුලු ටෙන්ඩර් මුදල කියනවා සද්දෙට. හැමෝගෙම ඒව කියවනවා.

    B. මේ තිබෙන්නේ දැන්වීමේ දැක්වෙන භාන්ඩ තමන්ගේ ඇසින්ම බලාගත හැකි දවස් හා වෙලාව. තමන් ඉල්ලන භාන්ඩ වල මිළ ගණන අනූව ආපසු ගෙවන මුදලක් රජයේ තැන්පත් කරන්න ඕනේ. නැථ්නම් ඔයාලා ටෙන්ඩර් ගණන් දාලා නොගෙන ඉන්නත් පුලුවන්නේ.

    C. මෙහි තිබෙන්නේ රුපියල් 25 ක් ගෙවලා ටෙන්ඩර් කරන භාන්ඩ එකතුව ගන්න පුලුවන් දවස් හා වෙලාව (එහි ටෙන්ඩරයට අදාළ කන්ඩිෂන් සහ වෙනත් තොරතුරු තිබෙනවා )

    D. රුපියල් 300 ක් ගෙවලා ටෙන්ඩර් ෆෝම් එක ගන්න පුලුවන් වෙලාවනේ කියන්නේ. ගණන් දාන්නේ මේ කොලේ

    E. අත්සන් කරන්නලු ඉල්ලලා තිබෙන හැමතැනම

    F. (ඊ ගණන් වචනෙමුත් ලියන්නලු.
    (ඊ) වැරදීමක් උනාම එආ තැන් අත්සන් කරන්නලු. ඒකෙන් තමන් වෙනස් කලේ කියලා පේනවනේ. ටැක්ස් එහෙමත් තමන් ගෙවන්න ඕනෙලු

    G. ගෙවීම් ගැන කියන්නේ. 50% ක් පැය 24 ක් තුල. ඉතිරි ඒවා දවස් 3 ක් ඇතුළත. (මේ ඉතින් ටෙන්ඩරේ ඔයාට ලැබුනොත් )

    H. ටෙන්ඩර් වල සම්පූර්ණ බලය රේගු අධ්‍යක්ෂ සතුයි

    I. තමන්ගේ ඇස් දෙකෙන්ම භාන්ඩ වල කොලිටි එක බලන්නලු. පස්සේ අනා අනේ මම හිතුවේ රෝස පාට එකක්නේ වගේ කම්ප්ලේන්ස් කියන්න එපාලු

    තව දැනගතයුතුදේවල් අහන්න.
    මම අහලා, කියවලා කියා දෙන්නම
     
    Last edited:

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    සුපිරි යාලුව..
    අර තම්බි වැඩේ තත්වෙ මොකද?
    අත අරින්න එපා ඒක ගොඩක් වටින වැඩක්
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁

    B. මේ තිබෙන්නේ දැන්වීමේ දැක්වෙන භාන්ඩ තමන්ගේ ඇසින්ම බලාගත හැකි දවස් හා වෙලාව. තමන් ඉල්ලන භාන්ඩ වල මිළ ගණන අනූව ආපසු නොගෙවන මුදලක් රජයේ තැන්පත් කරන්න ඕනේ. නැථ්නම් ඔයාලා ටෙන්ඩර් ගණන් දාලා නොගෙන ඉන්නත් පුලුවන්නේ.

    මේක මචං refundable deposit එකක් නේද ඉල්ලන්නේ ඒ කියන්නේ නැවත ඒ මුදල දෙනවා කියන එක නේද :confused:
     
    • Like
    Reactions: euler

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113

    මේක මචං refundable deposit එකක් නේද ඉල්ලන්නේ ඒ කියන්නේ නැවත ඒ මුදල දෙනවා කියන එක නේද :confused:

    I'm sorry friend. Yes. It is. I'll correct it.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,784
    21,096
    113
    adala nene

    මේක මචං refundable deposit එකක් නේද ඉල්ලන්නේ ඒ කියන්නේ නැවත ඒ මුදල දෙනවා කියන එක නේද :confused:

    eka depend wenawa samahara welawata refundable samahara welawata denne ne :dull::rolleyes:
     
    • Like
    Reactions: euler

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    eka depend wenawa samahara welawata refundable samahara welawata denne ne :dull::rolleyes:

    ඒ උනාට බන් ටෙන්ඩර් පරිපාටියේ තියෙන්නේ refundable කියල නේ අනිවාර්යෙන් refund කරන්න ඕනේ එතකොට :dull:
     
    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    වටින විස්තරයක්...

    මම දන්න පොඩි දේවල් ටිකක් එකතු කරන්නම්... මේ අරන් තියෙන උදාහරණයේ තියෙන්නෙ රජය භාරයේ තියෙන වත්කමක් විකිණීම සම්බන්ධ ප්‍රසම්පාදනයක්.. තවත් ප්‍රසම්පාදන වර්ග තියෙනවා..

    • භාණ්ඩ මිළදී ගැනීම

    • සේවාවන් ලබා ගැනීම

    මේ කාරණා වලදී ඇප මුදලක් තැන්පත් කරන්න ඕනි. ඒ මුදල තීරණය වෙන්නේ මිළදී ගන්නා භාණ්ඩයේ / සේවාවේ ඇස්තමේන්තුගත වටිනාකම අනුව. මේ තැන්පත් කරන ඇප මුදලට කියන්නේ ලංසු ඇපකරය (Bid Bond) කියලයි. මේක මුදලින් / බැංකු හෝ රක්‍ෂණ ආයතනයක ඇපකරයක් මගින් තියන්න පුළුවන්. මේ ඇප මුදල වලංගු කාලසීමාවක් පනවනවා අදාල ප්‍රසම්පාදන ආයතනය විසින්. මේ මුදල අදාල කාලසීමාව අවසානයේ ආපසු ලබා ගන්න පුළුවන්.

    ඊට අමතරව අදාල ලංසුකරුගේ සුදුසුකම් පරීක්‍ෂා කිරීමට අදාල ලියවිලි ලංසු ලියවිල්ල (Bid Document) සමඟ ඉදිරිපත් කරන්න ඕනි.

    උදාහරණයක් විදියට ගොඩනැගිල්ලක් ඉදිකිරීමක් වගේ එකකදී ICTAD (දැන් නම් SLIDA මතක විදියට) සහතික, කලින් කරපු ටෙන්ඩර් වල විස්තර ආදිය ඉදිරිපත් කරන්න ඕනි.
    භාණ්ඩයක් මිළදී ගැනීමකදී නම් අදාල භාණ්ඩය ලංකාව තුල බෙදා හැරීමට බලය ලත් ආයතනයේ (Authorized Distributor) අනුමැතිය සහිත ලියවිලි, තාක්‍ෂණික පිරිවිතර (Technical Specification) විස්තර, Product Catalogue ආදිය ඉදිරිපත් කරන්න ඕනි.

    තව පොදු කොන්ත්‍රාත් ගිවිසුම් රෙජිස්ට්‍රාර් ගේ සහතිකය (පො. කො. ප. 3 ආකෘතිය) දැන් අනිවාර්ය කරල තියෙනවා. ඒ වගේම වැට් ලියාපදිංචි සහතික එහෙමත් අමුණන්න ඕනි. මීට වඩා මම සුදුසුකම් සහ ඒ අදාල ලියවිලි සම්බන්ධ විස්තර කරන්නෙ නෑ. ඒහෙම උණොත් මේක බෝරිං වෙනවා...

    ඊට පස්සෙ මිළ ගණන් විවෘත කරාට පස්සෙ (ඔයා විස්තර කරපු විදියට) ලංසු ඇගයීමක් කරනවා. ඊට පස්සේ තාක්‍ෂණික ඇගයීම් කමිටුවක් හරහා (බොහෝ විට) අදාල නිර්දේශ ලබා ගන්නවා. මේ සියල්ල අන්තිමට අදාල රාජ්‍ය ආයතනයේ ප්‍රසම්පාදන කමිටුවට (Tender Board) ඉදිරිපත් කරලා කෙනෙක්ව තෝර ගන්නවා අදාල සේවාව ලබා ගැනීමට / භාණ්ඩ මිළදී ගැනීමට.

    ඊට පස්සෙ නැවතත් අර ප්‍රසම්පාදනයට මිළ ගණන් ඉදිරිපත් කරපු අයගෙන් විරෝධතා තියෙනව නම් ඉදිරිපත් කරන්න කාලසීමාවක් දෙන්න ඕනි. ඊටත් පස්සෙ තමයි අවසාන අනුමැතිය ලබා දෙන්නෙ.

    රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ටිකක් සංකීර්ණ වැඩක්. අනිත් එක අපේ රටේ රාජ්‍ය සේවාව තවමත් පදනම් වෙලා තියෙන්නෙ සුද්දගෙ කාලෙ සිස්ටම් එකට. ඒක නිසා ප්‍රායෝගික අඩු තැනුත් තියෙනවා.

    ප්‍රසම්පාදනය ගැන A - Z ඕනි නම් පස්සෙ වෙලාවක මේ ත්‍රෙඩ් එක පටන් ගත්තු euler සහෝදරය එක්ක එකතු වෙලා විස්තරයක් දාන්නම්. උගෙ ත්‍රෙඩ් එක හයිජැක් කරන එක හොඳ නෑ....
     
    THANK YOU SIR.......

    වෙලාවා තිබෙන අනූව ලියන්න. මම අහගෙන සහ කියවලා ලියන්නේ.
    ඔබතුමා නම් ප්‍රායෝගිකව දන්න දේවල් නිසා ගොඩක් දැනුම ඇති.
    අපි ආසයි ඉගෙන ගන්න.:love:

    ජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ටිකක් සංකීර්ණ වැඩක්. අනිත් එක අපේ රටේ රාජ්‍ය සේවාව තවමත් පදනම් වෙලා තියෙන්නෙ සුද්දගෙ කාලෙ සිස්ටම් එකට. ඒක නිසා ප්‍රායෝගික අඩු තැනුත් තියෙනවා

    මේවට උදාහරණයක් කියන්න.:)
    මට කියා දුන් අන්කල් කිව්වේ ටෙන්ඩර් ක්‍රියාවලියෙන් ප්‍රසම්පාදන ක්‍රියාවලියට මාරු උන නිසා ප්‍රායෝගික බව ඇති උනා කියලා.:yes:

    උදාහරණයක් විදියට ගොඩනැගිල්ලක් ඉදිකිරීමක් වගේ එකකදී ICTAD (දැන් නම් SLIDA මතක විදියට) සහතික, කලින් කරපු ටෙන්ඩර් වල විස්තර ආදිය ඉදිරිපත් කරන්න ඕනි.

    NOT SLIDA.

    CIDA:)
    http://www.cida.gov.lk/index_new.html

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113

    මේක මචං refundable deposit එකක් නේද ඉල්ලන්නේ ඒ කියන්නේ නැවත ඒ මුදල දෙනවා කියන එක නේද :confused:

    mehemai deposits warga tiyanawa Non refundable deposits tianawa habei loku ganan newe (1000 - 5000). habei samahara tenders tianawa Bid bonds danna oni eka pre determined karanwa (Project value 1%) eka success nm performance bond ekak denna oni (Project value 60%) etath passe samahara ewage retention tianawa final payment ekedi 10-5% ganak (Release karaganna oni defect liability period pannama)

    thawa ithin tianawa advance pmt guarantee arawa mewa kiala
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,803
    113
    වරායෙන් වෙන්දේසි බඩු ගන්න ගියාම ඌරුවරිගේ ඇත්තන්ගෙන් කරදරයි කියලා ආරංචි