රජයේ_කැම්පස්_ප්‍රතිසංස්කරණය
(මේක නිදහස් මනසකින් බලන්න පුළුවන් රජයේ කැම්පස් යන හෝ ගොස් ඇති, ලංකාවෙ ප්‍රයිවට් කැම්පස්/ෆොරින් කැම්පස් යන හෝ ගොස් ඇති සහ නිදහස් මනසකින් බලන්න පුළුවන් වෙනත් ඕනෑම කෙනෙකුට විතරයි. ඊයෙ පෙරේද කැම්පස් එකට සිලෙක්ට් උනු නිසා උනෙන් දඟලන අයට මේක වැඩක් නැති වෙයි
, මොකද අපි බච්ච පැටව්ව ගණන් ගන්නෙ නෑ
)
ඉස්සර 5% විතර රදල පවුල් වල සල්ලි තියෙන මිනිස්සුන්ට විතරක් ඉගෙන ගන්න අවස්ථාව හිමිවුණා, ඒක කන්නන්ගර මාම වෙනස් කරල නිදහස් අධ්‍යාපනේ කියල එකක් කරන්න හැදුව, ඒත් දැන් වෙලා තියෙන්නෙ දැනුත් යන්නෙ A/L කරන 5% විතර පිරිසක් විතරයි කැම්පස්, එහෙම බැලුවාම දැනුත් නිදහස් අධ්‍යාපනයක් නෑ, කන්නන්ගරගෙ අදහස උනේ "සැමට සහ සෑම කෙනාටම අධ්‍යාපනයයි නිදහස් අධ්‍යාපනය" කියන එක, ඒක දැන් ගෑවිලාවත් නෑ, දැන් තියෙන්නෙ 5% විතරක් දෙන පිං අධ්‍යාපනය විතරයි. කන්නන්ගර වල පල්ලෙන් නැගිටල එනව කැම්පස් වල අය හිතන් ඉන්න නිදහස් අධ්‍යාපනේ අර්ථකථන නිසා .. ඒ ලෙවල් කලාවේ කෙල නොපැමිණි, ඒ ලෙවල් නමැති ශ්‍රී ලාංකික බුද්ධි මිනුම් දඬු වලට හසු නොවිච්ච ෆට්ට මීටර් සහ අතිශය බුද්ධියෙන් යුක්ත අය ඕනෙ තරම් මම දැකල තියෙනව කැම්පස් යන්න බැරිවෙච්ච ... එතකොට ඒ අය අතර ඉන්න, සල්ලි නැති අයටත් ඉගෙන ගන්න ඩිග්රි කරන්න මොනයම් හෝ අවස්තාවක් හම්බුනා නම් කොච්චර දෙයක්ද. සමහර විට තාම බෙහෙත් හොයාගන්න බැරි වෙච්ච ලොකු ලෙඩකට බෙහෙත හොයාගන්න තියෙන්නෙත් මිනිහගෙ ඔළුවෙන් වෙන්නත් බැරි නෑ, ඒ රටට සහ ලෝකෙට හොඳ වැඩක් ගන්න පුළුවන් මිනිස්සුන්ව තිඹිරි ගෙයිම මරල දාල නේද තියෙන්නෙ. ඒක නිසා අපි මේ 5% විතර අය විතරක් කැම්පස් යවල හරියන්නෙ නෑ අඩුම ගානෙ ඒ ලෙවල් ලියන අයගෙන් හොඳම 25% වත් ගන්න ඕනෙ. දැන් ඉතින් 25% ගන්න රජයට සල්ලි නෑ තමයි. ඒත් රජයට පුළුවන් දැනට තියෙන කැම්පස් වලට අර 5% අමතරව තවත් A/L වලින් හොඳින් ලකුණු අරගත්ත අයව ප්‍රයිවට් කැම්පස් වලට ගන්නව වගේ මුදලක් අය කරල බඳවාගන්න, එහෙම ගත්ත අයත් ඉගෙන ගන්න දාන්න පුළුවන් අර නොමිලේ දෙන 5% ත් එක්කම, එකම ලෙක්චර්ස් වලට සහභාගී වෙන්න දෙන්න ඕනෙ, එකම එක්සෑම්ස් ලියන්න දෙන්න ඕනෙ, එතකොට සමහර ප්‍රයිවට් කැම්පස් වල standards මදි
rolleyes
කියන ප්‍රශ්නෙත් එහෙමම ඉවර වෙනව
, standards මදි වෙච්ච ප්‍රයිවට් කැම්පස් එකක් තව තවත් standards වැඩි කරගන්න උත්සහ කරයි. අර හම්බෙන සල්ලි වලින් රජය තව කැම්පස් ෆැකල්ටි හදල 25% ක් වත් A/L වල හොඳම ලකුණු ගත්ත අය ගන්න තත්වෙට පත් කරන්න පුළුවන්.
දැනට කැම්පස් වල තියෙන පහසුකම් නවීකරණය කරල පිටරටවල් වල තියෙන හැම පහසුකමකට නොදෙවෙනි වෙන විදිහට හදල ගන්න පුළුවන්. ජාත්‍යන්තර මට්ටමේ ඉතා හොඳ පර්යේෂණ කරන්න පුළුවන් තත්වෙට කැම්පස් ගේන්න පුළුවන් වෙනව 
, මුලින් ජෙප්පො සහ ජෙප්පො වගේ වෙන්න හදන උන් ටිකක් කෑ ගහයි කැම්පස් පවුද්ගලීකරණය කරන්න යනවෝ, නිදහස් අධ්‍යාපනය වල පල්ලට කියල
lol
, උන් ඉතින් මොක කරන්න හැදුවත් ඉස්සෙල්ලාම කෑ ගහනවනේ, කොහොමත් රටේ හැමෝටම හොඳ දේවල් කරන්න ගියාම දෙතුන් දෙනෙක් කොහොමත් කෑ ගහනව තමයි .. 
මට හිතෙන්නෙ මේ ක්‍රමේට රටේ A/L වලින් හොඳින් පාස් වෙන බහුතරයකට කැම්පස් යන්න පුළුවන් වෙනව වගේම, සල්ලි තියෙන අයට කැමතිනම් ප්‍රයිවට් කැම්පස් යන්නෙ නැතුව රජයට ගෙවල යන්නත් පුළුවන් ... එහෙම කලොත් මේක දෙපාර්ශවයටම ඉතාමත් අර්ථවත් Win-Win situation එකක් වෙනව කියලයි මගේ අදහස 
කඩු කිනිසි නැති වලි නැති සංවාදයකට විවෘත්තයි 

හා දැන් කියපල්ල තොපිලගෙ අදහස්

(මේක නිදහස් මනසකින් බලන්න පුළුවන් රජයේ කැම්පස් යන හෝ ගොස් ඇති, ලංකාවෙ ප්‍රයිවට් කැම්පස්/ෆොරින් කැම්පස් යන හෝ ගොස් ඇති සහ නිදහස් මනසකින් බලන්න පුළුවන් වෙනත් ඕනෑම කෙනෙකුට විතරයි. ඊයෙ පෙරේද කැම්පස් එකට සිලෙක්ට් උනු නිසා උනෙන් දඟලන අයට මේක වැඩක් නැති වෙයි
, මොකද අපි බච්ච පැටව්ව ගණන් ගන්නෙ නෑ
)ඉස්සර 5% විතර රදල පවුල් වල සල්ලි තියෙන මිනිස්සුන්ට විතරක් ඉගෙන ගන්න අවස්ථාව හිමිවුණා, ඒක කන්නන්ගර මාම වෙනස් කරල නිදහස් අධ්‍යාපනේ කියල එකක් කරන්න හැදුව, ඒත් දැන් වෙලා තියෙන්නෙ දැනුත් යන්නෙ A/L කරන 5% විතර පිරිසක් විතරයි කැම්පස්, එහෙම බැලුවාම දැනුත් නිදහස් අධ්‍යාපනයක් නෑ, කන්නන්ගරගෙ අදහස උනේ "සැමට සහ සෑම කෙනාටම අධ්‍යාපනයයි නිදහස් අධ්‍යාපනය" කියන එක, ඒක දැන් ගෑවිලාවත් නෑ, දැන් තියෙන්නෙ 5% විතරක් දෙන පිං අධ්‍යාපනය විතරයි. කන්නන්ගර වල පල්ලෙන් නැගිටල එනව කැම්පස් වල අය හිතන් ඉන්න නිදහස් අධ්‍යාපනේ අර්ථකථන නිසා .. ඒ ලෙවල් කලාවේ කෙල නොපැමිණි, ඒ ලෙවල් නමැති ශ්‍රී ලාංකික බුද්ධි මිනුම් දඬු වලට හසු නොවිච්ච ෆට්ට මීටර් සහ අතිශය බුද්ධියෙන් යුක්ත අය ඕනෙ තරම් මම දැකල තියෙනව කැම්පස් යන්න බැරිවෙච්ච ... එතකොට ඒ අය අතර ඉන්න, සල්ලි නැති අයටත් ඉගෙන ගන්න ඩිග්රි කරන්න මොනයම් හෝ අවස්තාවක් හම්බුනා නම් කොච්චර දෙයක්ද. සමහර විට තාම බෙහෙත් හොයාගන්න බැරි වෙච්ච ලොකු ලෙඩකට බෙහෙත හොයාගන්න තියෙන්නෙත් මිනිහගෙ ඔළුවෙන් වෙන්නත් බැරි නෑ, ඒ රටට සහ ලෝකෙට හොඳ වැඩක් ගන්න පුළුවන් මිනිස්සුන්ව තිඹිරි ගෙයිම මරල දාල නේද තියෙන්නෙ. ඒක නිසා අපි මේ 5% විතර අය විතරක් කැම්පස් යවල හරියන්නෙ නෑ අඩුම ගානෙ ඒ ලෙවල් ලියන අයගෙන් හොඳම 25% වත් ගන්න ඕනෙ. දැන් ඉතින් 25% ගන්න රජයට සල්ලි නෑ තමයි. ඒත් රජයට පුළුවන් දැනට තියෙන කැම්පස් වලට අර 5% අමතරව තවත් A/L වලින් හොඳින් ලකුණු අරගත්ත අයව ප්‍රයිවට් කැම්පස් වලට ගන්නව වගේ මුදලක් අය කරල බඳවාගන්න, එහෙම ගත්ත අයත් ඉගෙන ගන්න දාන්න පුළුවන් අර නොමිලේ දෙන 5% ත් එක්කම, එකම ලෙක්චර්ස් වලට සහභාගී වෙන්න දෙන්න ඕනෙ, එකම එක්සෑම්ස් ලියන්න දෙන්න ඕනෙ, එතකොට සමහර ප්‍රයිවට් කැම්පස් වල standards මදි
කියන ප්‍රශ්නෙත් එහෙමම ඉවර වෙනව
, standards මදි වෙච්ච ප්‍රයිවට් කැම්පස් එකක් තව තවත් standards වැඩි කරගන්න උත්සහ කරයි. අර හම්බෙන සල්ලි වලින් රජය තව කැම්පස් ෆැකල්ටි හදල 25% ක් වත් A/L වල හොඳම ලකුණු ගත්ත අය ගන්න තත්වෙට පත් කරන්න පුළුවන්.
දැනට කැම්පස් වල තියෙන පහසුකම් නවීකරණය කරල පිටරටවල් වල තියෙන හැම පහසුකමකට නොදෙවෙනි වෙන විදිහට හදල ගන්න පුළුවන්. ජාත්‍යන්තර මට්ටමේ ඉතා හොඳ පර්යේෂණ කරන්න පුළුවන් තත්වෙට කැම්පස් ගේන්න පුළුවන් වෙනව 
, මුලින් ජෙප්පො සහ ජෙප්පො වගේ වෙන්න හදන උන් ටිකක් කෑ ගහයි කැම්පස් පවුද්ගලීකරණය කරන්න යනවෝ, නිදහස් අධ්‍යාපනය වල පල්ලට කියල
, උන් ඉතින් මොක කරන්න හැදුවත් ඉස්සෙල්ලාම කෑ ගහනවනේ, කොහොමත් රටේ හැමෝටම හොඳ දේවල් කරන්න ගියාම දෙතුන් දෙනෙක් කොහොමත් කෑ ගහනව තමයි .. 
මට හිතෙන්නෙ මේ ක්‍රමේට රටේ A/L වලින් හොඳින් පාස් වෙන බහුතරයකට කැම්පස් යන්න පුළුවන් වෙනව වගේම, සල්ලි තියෙන අයට කැමතිනම් ප්‍රයිවට් කැම්පස් යන්නෙ නැතුව රජයට ගෙවල යන්නත් පුළුවන් ... එහෙම කලොත් මේක දෙපාර්ශවයටම ඉතාමත් අර්ථවත් Win-Win situation එකක් වෙනව කියලයි මගේ අදහස 
කඩු කිනිසි නැති වලි නැති සංවාදයකට විවෘත්තයි 

හා දැන් කියපල්ල තොපිලගෙ අදහස්

Last edited:
එහෙමද .. මරුනෙ .. ඔව් බං ඕව පොතට සීමා නොවී ඇත්තටම කෙරුනොත් ඉතා හොඳයි ... අපි යෝජනා කරන ක්‍රමේට කලොත් ක්‍රමානුකුලව 2 ගුණයක් නෙමෙයි 5 ගුණයටත් වඩා වැඩි කරන්න පුළුවන් ඉතා ඉක්මනින් ... සහ ගොඩක් අයට සාධාරණය ඉෂ්ඨ වෙනව ...