රජ කාලේ සිට තිබෙන ගමකි මුලූ ගමටම ඉන්නේ එකම 

demee

Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    රජ කාලේ සිට තිබෙන ගමකි මුලූ ගමටම ඉන්නේ එකම 

    රජ කාලේ සිට තිබෙන ගමකි මුලූ ගමටම ඉන්නේ එකම මිනිසෙකි


    සමන්තී වීරසේකර
    heeenba2.jpg



    මහ ගෙදර හීන්බණ්‌ඩා වෙද මහතා



    අප හෙළ රජ දවසට අදටත් පෙම් බඳින්නේ අප ගේ ඵෙතිහාසික උරුමයත්, පැවැත්මත් එ දවස සිට ලියෑවී , රුධිරය හා බද්ධ වී ඇති නිසාය. එබැවිනි ඒ දවස පැවැති උරුමයන් සියෑසින් දැක සනහාලන්නට තැන තැන සරන්නේ. රජරට රාජධානියේ සිට රෝහණ රාජ්‍යය වෙත යන මාර්ග වැටී තිබුණු දන්දෙණියාව, මහනුවර හා මාතලේ සීමාවේ ඇති සුන්දර ගම්මානයකි . වචනයේ පරිසමාප්ති අරුතින්ම ගම්මානයක සිරියාව ගෙන එන මේ ගම්මානයේ අපූර්වත්වය වඩාත් තීව්‍ර වන්නේ, ගම්මානයේ අදට වසන එකම එක මිනිස්‌ පුළුට මහගෙදර හීන් බණ්‌ඩා නම් පාරම්පරික වෙද මහතා වීමය. දන්දෙණිය නමින් රජකාලයේ පටන් පැවැති ගම අදටත් ආරක්‌ෂාවී තිබෙන්නේ හීන් බණ්‌ඩා වෙද මහතා නිසාය. දන්දෙණිය ගමේ අද වාසය කරන්නාවූ එකම පුද්ගලයා ඔහුය.....

    කිලෝ මීටර අටක පමණ දුරක්‌ ගෙවා හීන් ගඟ මායිම ඔස්‌සේ නකල්ස්‌ රක්‌ෂිතයේ කොටසක්‌ද පසු කරමින් ඉදිරියට ගිය තැන මීමුරේ, ගලමුදුන, හෙට්‌ටිපොළ, සුළුගුණේ, ගොඩඋල්පත යන ගම්මාන වලින් වටවී තිබෙන දන්දෙණිය ගමට සුළු ගුණේ සිට ඒම සඳහා පැය තුනක්‌ පමණ ගතවන්නේය. රණමුරේ, මීමුරේ, දන්දෙණියාව, සුළු ගුණේ යන මේ ගම්මාන හුදෙකලා ගම්මාන ලෙස හැඳින්විය හැකිය.. රජ සමයේ ගබඩා ගම් ලෙස මේවා පැවතුණේ ය . දන්දෙණිය නාමය ඒදවස පටන් නිර්මාණය වී ඇත්තේ, එහි කුඹුරු යායේ අස්‌වැන්න දන් පිළිගැන්වීමේ කටයුතුවලට පමණක්‌ යොදා ගත් නිසාය. පෙර රජ දවස මෙම ගම්මානවල ජනයා විසූ බවට සාධක ඇති මුත්, කාලය ගෙවී යත්ම මිනිස්‌ අවශ්‍යතා සඳහා පහසුකම් අවම වීම මත, මිනිසුන් මේ ගම් අතැර ගොස්‌ ඇති බව හීන්බණ්‌ඩා වෙද මාමා කියන්නේය.

    heeenba1.jpg
    කිලෝ මීටර හතරකට එහා එක්‌ නිවසක්‌ හෝ දක්‌නට නොමැති දන්දෙණියාව කුරුල්ලන්ගේ ගී හඬ දසත පැතිරෙන්නේ ඝන කැලෑවක ඇති නිහඬතාවය සිහි ගන්වන්නේය. යන්තම් හෝ නිහඬතාවය බිඳ හෙළමින් හීන් ගඟ පහලට ගලා බසින්නේ, ගරු ගාම්භීරත්වය විදහාපාමිනි. ඒ දවස පටන් වැපුරූ කුඹුරු අක්‌කර දහස්‌ ගණනක්‌ පුරන්ව ගොස්‌ ඇති අයුරුත් , පුරන්වූ කුඹුරු වල තණ උලාකමින් දිවි ගෙවන මී හරක්‌ රෑන්වල නිදහස්‌ බව ජීවිතයේ සුන්දර බව අපට සිහි කෙළේය. මිනිස්‌ පුළුටක සුවඳ ආගන්තුකවූ නිසාම මී හරක්‌ රෑන අප දෙස විමතියෙන් බලා උන්හ.

    ගමක සිරියාව අසිරියෙන් නොදකින වත්මන් දුවා දරුවන් වෙනුවෙන් අපේ ගම තනවා ගමක අසිරිය දකින්නට වත්මන් බලධාරීන් කටයුතු කරන්නේ අදටත් නොනැසී පවතින සාම්ප්‍රදායික ගම ඔවුන් හෝ නොදැක ඇති නිසාය. හීන් බණ්‌ඩා වෙද මාමා වෙසෙන දන්දෙණිය , ඒ ආසන්නයේ ඇති රණමුරේ, මීමුරේ, සුළු ගුණේ යන ගම්මාන වල සැබෑ ගැමි සුවඳ හරි අව්‍යාජය. සතා සීපාවා පවා අදටත් එළිබසින්නේ සූර්යය උදාව හා බැසයාම හා බද්ධ වුණු කාල හෝරාවන්ට අනුගතවය.

    "සතා සිවුපාවා ඉර නැග එනතුරුම මේ අහල පහල වෙසෙනවා ඒ නිසා මට තනියක්‌ නැහැ. හිටපු ගමන් අලි එනවා. මට උන්ගෙන් කරදරයක්‌ නැහැ .. උන් මාව දැක්‌කත් ළඟින් ගියත් නොදැක්‌ක ගාණට යනවා. මගෙන් හානියක්‌ නැහැ කියලා උන්ට දැනෙනවා ඇති. රෑ බෝ වෙද්දිත් සත්තු එහෙ මෙහෙ යනවා ඇහෙනවා ... දැනෙනවා. ඒ නිසා මට කිසිම බයක්‌ සැකක්‌ නැහැ. මේ සොබා දහම තරම් සැපතක්‌ වෙන කොහෙද....?" හීන්බණ්‌ඩා වෙද මාමා කියයි.

    හීන් බණ්‌ඩා මාමා වෙසෙන තැන අතිශය පවිත්‍රය. ගලා බසින ජලය හාත්පස විනිවිද පෙනෙන වීදුරු කැටයක්‌ බඳුය. ගහට කොළට නිය තුඩකින් හෝ හානියක්‌ සිදු කොට නැති, වැලි කැටයකට නොරිදෙන සේ පා තබමින් මිහිකත සනහාලන හීන්බණ්‌ඩා වෙද මාමා පාරම්පරික වෙදකම පිළිබඳව වූ දැනුමින් පොහොසත්ය. මනුසත්කම ඉහවහා ගිය ලෙන්ගතුකමින් යුතු වෙද මාමා , අතීත සිදුවීම්වලට ලොල් බඳින්නේය.

    "මේ ගම්මාන රජකාලේ ඉඳලා පැවත එන ඒවා. එදා හිටි ගම්මු තම තමන්ගේ දියුණුව ගැන හිතලා නගරයට ගිහින්. ඒ කාලේ හිටි ගමේ වැඩිහිටි පිරිස අතර තිබුණ පාරම්පරික දැනුමත් ගමත් සමඟ අභාවයට ගිහින්. නොයෙක්‌ ඇදහිලි ක්‍රම, කෙම් ක්‍රම, ඖෂධ වට්‌ටෝරු, ශ්ලෝක මේ පාරම්පරික ගම්මානවල වැඩි හිටියන් දන්නවා. ඒවා කොහේවත් ලිඛිතව සුරක්‌ෂිතවී නැහැ. රටට වෙන බරපතළම හානිය මේ ගම්මාන සමඟම අපේ පාරම්පරික දැනුමත් අභාවයට යැමයි......" වෙද මාමා සිතේ උපන් සැබෑ වේදනාවෙන් කියා සිටින්නේ පාරම්පරික දැනුමෙහි ඇති බලය, යුතුකම් වගකීම් ඔස්‌සේ ඉදිරියට ගෙනයැමට දැන් මගක්‌ නැති බව දත් නිසාය.

    දන්දෙණිය යන නාමය මෙරට ගම්මාන ලැයිස්‌තුවේ තවමත් නොමැකී තිබෙන්නේ හීන් බණ්‌ඩා වෙද මහතා නිසාවෙන් බව කීමට අටුවා ටිකා ටිප්පිනි අවශ්‍ය නැත... "මගේ දරුවෝ පදිංචි වෙලා ඉන්නේ මීමුරේ. මම උපන්නේ මේ ගමේ. මැරෙන්නෙත් මේ ගමේ. අහල පහලක මිනිස්‌ පුළුටක්‌ නැති වුණාට මේ ගස්‌වැල් මගෙත් එක්‌ක කතා කරනවා. හීන් ගඟ මගේ තනියට සින්දු කියනවා. තනිකම මහ අරුමයක්‌ නොවෙයි .... තනිකම මනස තවදුරටත් දැනුමෙන් පුරවනවා" හීන් බණ්‌ඩා වෙද මාමා පවසන්නේ ගමක මිනිසෙකු තනිවම ජීවත් වීම අපට අරුමයක්‌ වීම බිද හෙළමිනි.

    "මම සතියකට විතර සැරයක්‌ මීමුරේ පුතාලගේ ගෙදර ගිහින් දවසක්‌ දෙකක්‌ ඉඳලා එනවා. ඊට වැඩිය එහේ ඉන්න මගේ හිත දෙන්නේ නැහැ. මගේ තාත්තා පාරම්පරික වෙදෙක්‌. ඒ වෙදකම තාත්ත ගෙන් මට උරුම වුණා. දැන් පුතාලත් වෙදකම් කරනවා. ඉස්‌සර මේ ගමේ පවුල් තිහක්‌ හතළිහක්‌ විතර ජීවත් වුණා. ගමට වාහනයක්‌ එන්න පාරක්‌ නැහැ. අපි අඩි පාරවල් දිගේ තමයි හැමදාම කඩපිළට ගියේ. හැතැප්ම අට දහය බඩු ඔළුවේ තියාගෙන තමයි ගමට ගේන්නේ. මීමුරේ ග්‍රාම සේවා වසමට තමයි මේ ගම අයිති. මෙහේ ඉඳලා මීමුරේට සැතපුම් පහක්‌ විතර තියෙනවා. මේ දුර දැනුත් අපි යන්නේ පයින්. මීමුරේ වසමට අයිති වෙලා තිබ්බ කැලේවත්ත, ඉළුක්‌හේන ගම් දැන් මිනිස්‌සු නැතුව පාළුවට ගිහින්. මම නැති දවසට මේ ගමට අත් වෙන්නෙත් ඒ ඉරණමම තමයි. දන්දෙණියේ ඉඳලා මීමුරේට යන්න දිඹිගොල්ල ඔය හරහා යන්න ඕන. මෙහේ ළමයි පාසල් යන්න ඕන මේ ඔය හරහායි. හැතැප්ම පහ හයක්‌ පයින් හැමදාම යන්න එන්න ළමයෙකුට අමාරුයි. අනිත් පැත්තෙන් වන අලි. වැස්‌ස කාලෙට ඔය උතුරනවා. එතකොට කොහොමත් යන්න බෑ. මේ හින්දා දරුවෝ පාසල් යන වයසට ළං වෙනකොට ගමේ අම්මාලා තාත්තලා ගම අත්හැරලා මී මුරේට හරි හෙට්‌ටිපොළ ගොඩඋල්පත හරි පදිංචියට ගියා. එක්‌කෙනා දෙන්නා මෙහෙම ගිහින් අන්තිමට මම විතරයි ඉතුරු වුණේ. දැන් අවුරුදු ගණනාවක්‌ මම මේ ගමේ තනියම........." හීන් බණ්‌ඩා වෙද මාමා පවසයි.

    වයස අවුරුදු හැත්තෑවක්‌ වුවද ඔහු තවමත් තරුණයෙකු මෙන් ජව සම්පන්නය. වෙදකමට අමතරව මහ පොළව සමඟ පොර බදමින් කුඹුරු කළ හෙතෙම තම දූපුතුන් බලන්නට සතියකට වරක්‌ හෝ දෙවරක්‌ සැතපුම් පහ හයක්‌ පයින් යන නිසාම නගරයේ බහුලව දක්‌නට ලැබෙන රෝග ලැයිස්‌තුවේ රෝගවල ගොදුරක්‌ බවට ඔහු පත්ව නැත...

    '' මීමුරේ, සුළුගුණේ, ගලමුදුන කියන ගම්වල මිනිස්‌සු තාමත් අසනීපයක්‌ උනාම මාව හොයාගෙන එනවා. ඒ අයට යන්න බැරි නම් මම ලෙඩා ළඟට ගිහින් බෙහෙත් කරනවා. මේ අහල පහලක ඉස්‌පිරිතාලයක්‌ නැහැ. පොලිසිය උඩුදුම්බර. ඒකට යන්න හැතැප්ම තිහකට වඩා දුර යන්න ඕන. ඉස්‌සර මේ කුඹුරු වලින් පුදුම අස්‌වැන්නක්‌ ගත්තේ. යල මහ දෙකම වැඩ කළා. මේ පොළව ඒ තරමට සරුයි. අද කුඹුරක්‌ කරන්න කෙනෙක්‌ නැතුව අක්‌කර දහස්‌ ගාණක්‌ පුරන් වෙනවා.. '' වෙද මාමා එසේ කියා සිටියේ ශෝකය පිරි හඬකිනි.

    "මාතලේ හෙට්‌ටිපොළ ගුරුවල ඉඳලා කිවුල මැඩියෙන් බතලවත්තට දැන් පාර කපලා තියෙන්නේ... ඒ පාර අපේ මේ ගම්මාන හරහා මීමුරේට සම්බන්ධ කරන්න තව හැතැම්ම පහක්‌ විතර තියෙන්නේ. මේ පර හැදුවොත් නුවරයි මාතලෙයි මේ පැත්තෙන් එකතු වෙනවා. අනිත් පැත්තෙන් ගමට පාරක්‌ ආවොත් ගිය මිනිස්‌සුත් ආයේ මේ ගමට එයි. මොකද එයාලගේ සින්නක්‌කර ඉඩම් තාමත් මේ ගමේ තියෙනවා. මම මැරෙන්න කලින් ඒ පාර හදයි කියලා මම බලාගෙන ඉන්නවා. එක මනුෂ්‍යයෙකුට යන්න එන්න පාරක්‌ මොකට කියලා බලධාරීන් අදටත් මගෙන් අහනවා... ඒ අයට තේරුමක්‌ නැහැ... මේ ඉතිහාසගත ගම් බිම්වල තියෙන වටිනාකම. මේවායේ අයිතිකරුවන්ට ඉතිහාසයත් එක්‌ක ලේ බැඳීමක්‌ තියෙනවා. ඒ නිසා මේවයේ උපන් එවුන් මේවා වනසන්නේ නැහැ. හීන්බණ්‌ඩා වෙද මාමා හිස්‌ අහස දෙස බලා කියා සිටියේය.

    divaina

     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    එවන් වූ වෙද පරපුරවල් නොමැති වී යාම මහත් අභාග්‍යයක්
     
    • Like
    Reactions: demee

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    You must spread some Reputation around before giving it to Silly point again.
     

    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    ලෙනාඩ් වුල්ෆ්ගේ The Village in the Jungle (බැද්දේගම) මතක් වුණා. :yes:
    ඒකෙ අන්තිමට ගමේ ඉතුරු වෙන්නෙ පුංචි මැණිකා විතරයි. :(
     

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    You have given out too much Reputation in the last 24 hours, try again later......later...