රටකජු ඇටේ……!!!

diland3

Member
May 24, 2008
248
44
0
Malabe


ඔන්න ඉතින් මැදිවියේ ජෝඩුවක් ටීවි බල බල ඉන්නවලු ගෙදර සාලෙට වෙලා,මනුස්සය රටකජු ගොට්ටක් ලගතියාගෙන ඕක කකා ටීවි බලනවලු.මූ මේක කන්නෙත් අමුතු විදියට,රටකජු ඇටේ උඩ දාල කටට දාගන්නවලු.ඉතින් ඔහොම ඇටයක් උඩ දාපු වෙලාවෙ ගෑනි මොකක්ද ප්‍රශ්නයක් අහල ඒකට උත්තර දෙන්න ගෑනි දිහා බැලුවම රටකජු ඇටේ වැටිච්චි කන ඇතුලටම.මලහත් ඉලව්වයි දැන් ගෑනියි මිනිහයි දෙන්නම එකතු වෙලා ඕක ගන්න හදනවලු ඒත් වෙන්නෙම අතුලට යන එක විතරයිලු.දැන් වැඩේ හරියන්නෙම නැති හින්ද ලෑස්ති උනාලු ඉස්පිරිතාලෙටවත් ගිහින් ඇටෙ එලියට ගමු කියල.
ඔන්න ඉතින් යන්න එලියට බහින්න හදනකොට උඩ තට්ටුවෙ පාඩම් කර කර හිටපු මේ ඩබලගෙ දොනියැන්ද පාඩම් කරන්න ඇවිත් හිටපු කොලු ගැටයයි දුවගෙන ආවලු මේ කලබලේට.ඉතින් දැන් උන් දෙන්නටත් කිව්වලු වෙච්ච අකරතැබ්බය.ඕක අහන් හිටපු කොල්ල කිව්වලු අය්යෝ මම ඕක අරන් දෙන්නම්කො කියල තාත්තව පුටුවක වාඩි කරල ඇගිලි දෙකක් නහයට ගහල කිව්වලු හයියෙන් නහයෙන් පිඹින්න කියල.ඕක කරා විටරයි මෙන්න රටකජු ඇටෙ එලියට වීසි උනාලු.ඒක දැකපු අම්මයි දුවයි සතුටෙන් උඩ පැන්නලු. දැන් ඉතින් ඔක්කොම ජරමර ඉවර වෙලා ඕවත් මහලොකු කජ්ජක්ද ගානට ආයෙත් ගියාලු පාඩම් කරන්න…
දැන් අම්මට හෙන සතුටුයිලු,ඉතින් ගෑනි, මනුස්සයගෙන් කිව්වලු “අනේ ෂොක් නේද අනේ,හරි සිදේවි දක්ෂ දරුවෙක් නේද?ඔයා හිතන්නෙ ඒ ළමය ලොකු උනාම කවුරු වෙයිද..? ” කියලා
තාත්තා කිව්වලු ” ඕකා මොකා නොවුනත් ඇගිලි දෙකෙන් ආපු ගදෙන්නම් කියන්න පුලුවන් ඌ අනිවාර්යයෙන්ම අපේ බෑනා වෙයි… ” කියලා

VN:F [1.9.6_1107]
කතාව කොහොමද?

හොයා ගත්තේ මෙතැනින්

repost
නම් සොරි වෙන්න ඕනේ
 
  • Like
Reactions: sandhanuwan1