මම කැමතියි කමෙන්ට් එකේ උඩම ටිකයි යටම ටිකයි ගැන කියන්න මුලින්...
වැරැද්ද වැරැද්ද විදියට දකින නිසාමයි මේ වැරදි වලට එරෙහිව සමාජ කතිකාවත් දැඩි වෙන්න ඕනේ... සමාජ කතිකාවත ඕෆ් ටොපික් යවලා බෑනේ...
අර සංධ්‍යා කියන මනුස්සයා මිනිහා වෙනුවෙන් හරි ඒවා කතාකරන නිසා එන්.ජී.ඕ. වලින් සල්ලි ගන්න හරි උසවියේ නඩු කතා කරද්දි හැඟීම් වලට වහල් වෙලා ඒ ගෑණිට උසාවියේ ඇතුලෙදි ටෝක් දෙන්න ගිය එක වැරදියි. ඒ සඳහා ලැබුණු දඬුවම සාපේක්ෂව වැඩිවීම ගැන මට නම් හිතෙන්නෙම උසාවියේදි කියපු තර්ජනය මීඩියා වලදි වගේ නෙවෙයි කණට ගැහුවා වගේනේ ජජ්ට...
උසාවියේ නඩු යනකොට ඒකට නීතියේ අවි වලින් පහර දීලා එක්නැලිගොඩ කොටියෙක් නම් ඒ බව කියලා ඉදිරියට ඒවා ගෙනියනවා මිසක හැඟීම් වලට වහල් වෙලා බෑ...
කමෙන්ට් එකේ මැද කොටස ගැන කිව්වොත්, ඔව්, මේ රටේ නීතිය පොදුයි කියලා කිව්වට දේශපාලුවන්ට එක විදියකට සලකනකොට මහජනයට තව නීතියක් මෙන් සැලකෙනවා...
මේක මේ මම 2015 ට ගොඩාක් කලින් ඉපදුනු නිසා ලංකාවේ පැතිරිලා තිබුණු , තියෙන දිගුකාලීන ප්‍රශ්නයක්... ඒක අඩු වැඩි වශයෙන් ආණ්ඩුවල එදිනෙදා දේශපාලනය මත ක්‍රියාත්මක උනා.... ඒකට චන්ද්‍රිකාද මහින්දද රනිල්ද මෛත්‍රීද පාලනය කරන්නේ කියලා නෙවෙයි කාට විරුද්ධවද සහ එදිනෙදා පාලකයන්ගේ රුචි අරුචිකම් තමා බලපෑවේ...
මේ ආණ්ඩුව තම කෙටිම කාලයක්තුල විශාලම වශයෙන් ජන අප්‍රසාදය ලබාගත් ආණ්ඩුව.. ඒක නිසා මේ ආණ්ඩුවට එරෙහි විරෝධය බොහොම සාධාරණයි.
මම යෝජනා කරන්නේ ඔය විරෝධය ආයේත් පවතින ආණ්ඩුව පමණක් ඉලක්ක කර නොගෙන පවතින ක්‍රමයට විරෝධී ලෙසින් යොමු කරන්න. නැත්නම් හැඟීම්බර මිනිස්සු ස්ලෝගන් වලට ලව් කරමින් නරා වළේ හිඳිනවා මිසක වැරැද්ද දැක දැක ඉවසනවා මිසක සස්ටේනබල් පිළිතුරක් වෙනුවෙන් පෙළ ගැහෙන්නේ නෑ
දේශපාලකයින්ගේ හෙංචයියො කොහොමත් කැමති තමන්ගේ බොසාගේ ෆේවරිට් ඒවටනේ...
ඒක නිසා ඔය යුරෝපියන් මානසිකත්ව තියෙන ක්ලීන් ශූට් ක්ලීනර්ස්ලාට කඩේ යන අයගෙන්වත්
කොඩිය ආගම හෝ දේශීයත්වයේ අක්මුල් වලින් හැඟීම් අවුස්සලා ම්නිස්සුන්ගේ සාමාන්‍ය දේශපාලන බුද්ධිය අතකොලු කරගෙන රඟදක්වන ඇක්ටර්ස්ලාගෙන්වත් ඔය කියලා තියෙන විදියේ කමෙන්ට් හැර වෙන කිසිවක් බලාපොරොත්තුවෙන්න බෑනේ...
උන් දෙගොල්ලොන්වම සමාජයේ නිකම්මු කියන ටයිටල් එක වද්දන්න ඕනේ.
මොළෙන් ගහන්න ඕනේ වෙලාවේ අත පය වකුටු කරගන්නයි ඔනේ... සමාජයක් විදියට මොළේ හැඟීම්වලට යට කරගෙන අතපය කී බෝඩ් වලටයි කඩ පිල්වලටයි වෙන්කරගෙන ඉඳලා හරියන්නේ නෑ,.. හෙංචයියෝ කියන්නේ සමාජයේ අනුකම්පාවට ලක්විය යුතු පිරිසක්ය