පලවෙනි කොරෝනා රැල්ල වෙලාවෙ දහස් ගානක් මිනිස්සු එක්ක කොලඹ ඉදන් නුවර එලියට තොන්ඩමන් ගෙ මිනිය අරන් ගිහින්දස දහස් ගානක් මිනිස්සු එක්ක අවමගුල් උත්සවය කරන්න දෙද්දී....
කොරෝනා අස්සෙ චන්දෙ තියද්දී....
බුක් ෆෙයාර් කරද්දී...
හැම සති අන්තෙකම ජනාධිපති දහස් ගණන් මිනිස්සු රැස් කරලා ගම සමග පිලිසදර නාඩගම කරද්දී...
ධම්මික පැනිය ගන්න දහස් ගානක් මිනිස්සු පොරකද්දී...
කොවිඩ් හැදුනු රට වලින් සංචාරකයො ගෙන්නද්දී...
ඉන්දියාවෙ උන් ගෙනල්ලා මෙහෙ නිරෝධායනය කරදිදී...
රාජ්‍යය අනුග්‍රහයෙන් සැළලිහිණි වසන්තය නුවරඑළියේ කරලා, නුවරඑළියට ලක්ෂගණනක් මිනිස්සු ඒකරාශී කරදිදී.....
බැසිල් දිවුරුම් දීපු එකට හන්දියක් හන්දියක් ගානෙ මිනිස්සු එකතු කරලා කිරිබත් කද්දී...
සංචාරකයෝ ගෙනාවේ covid බෝ වෙනවද කියල test කරලා බලන්න කියලා කියපු ඇමතිලා ඉන්න රටක......
දවසින් දවස රට විවෘත කරද්දී...
රජයේ සියලු සේවකයන්ට සේවයට වාර්තා කරන්න කියලා නියෝග දෙද්දී....
ඒවට විරුද්ධව එක වචනයක් වත් කතා නොකර කෝමා තත්වයෙන් හිටපු එකෙක් ගුරු වර්ජනයට විරුද්ධව ගුරුවරුන්ට අපහාසකරනවා නම් ඌට තියෙන්නෙ ගුරු වර්ජනය නිසා කොවිඩ් වැඩි වෙයි කියන බය නෙමෙයි...
ගුරු වර්ජනයෙන් රාජපක්ෂ හාමුලට රිදෙයි කියන බය ....................
7 වෙනිදා පාන්දර 4 විතර ඉඳලා මාතර මහින්ද රාජපක්ෂ ඉස්කෝලේ ළඟ 60ට වැඩි වැඩිහිටියෝ 2500ක් විතර පොරකකාඑන්නත් ගන්න විඳපු දුක උඹලා දැක්කනම් , මීටරය නෙවෙයි අඟලක් වත් ඉඩ නෑ , උදේ 6ට පෝලිමට ගියපු මිනිස්සුන්ට දවල් 12ටවිතර එන්නත ලැබුනේ , අනිවාර්යයෙන්ම ඩෙල්ටා පොකුරක් මාතරට දායාද වේවි ( එසේ නොවේවා කියලා ප්‍රර්ථනා කරනවා )