මේක මගේ හිතේ කාලෙක ඉඳන් තිබුන අදහසක්.
ඒ වගේම මේක එළකිරි එකෙත් කලින් කතාකරල තියෙනවා කව්රුහරි.
https://elakiri.com/threads/රාජ්‍ය-it-systems-ඔක්කොම-open-source-කලොත්-කොහොමද.1940685/
මේකයි,
උඹලට මේ ලංකාවේ තියෙන systems එපාවෙන්නේ නැද්ද?
උදාහරනෙකට train එකක් book කරගන්නෙක කොච්චර අමාරුයිද ලංකාවේ online?
government office එකකට appointment එකක් දාගන්න වගේ කොච්චර අමාරුයිද? license එකක් ගන්න, vehicle registration, business registration etc.
ලංකාවේ තියෙන මෙලෝම වැඩක් නැති ආයතනයක් තමයි ICTA එක කියන්නේ. website එකක්වත් responsive අවුල් නැතුව හදාගන්න බෑ ඔකේ ඉන්න උන්ට.
ඉතින් අපි හැමදාම මුන්ට බැන බැන ඉඳල අපරාදෙනේ.
අපි එකතුවෙලා පුලුවන් විදියට open source විදියට systems කීපයක් develop කරොත් මොකද?
Eg:
General appointment management system එකක්
Railway ticket booking system එකක්
bus ticket booking system එකක්
etc.
අපි ඔය system develop කරන්න ඕන workflow එකකුත් එක්කම, ඒ කිව්වේ මේ office එකේ වැඩ ටික මෙහෙමයි වෙන්න ඕන කියල system එකත් එක්කම. ඒකට අපිට දැනට ඔයි රජයේ තැන්වල වැඩ කරන අයගෙන් උදව් උපදෙස් අරගන්න පුළුවන්.
මේකේ ඉන්නවනේ හැම ජාතියේම දේවල් කරන අය ( Architect, Tech Lead, UI / UX, Web / Mobile / Backend Development ) .
මමත් Full-stack development කරනවා. මමත් කැමති මේ දේ කරන්න ගොඩක්ම.
පස්සේ අපිට try කරන්න පුළුවන් ඔය systems implement කරන්නෙයි කියල බල කරන්න.
අපි හැමෝම එකතු උනොත් එකෙක් දවසට පැයක් ඔය වෙනුවෙන් වැඩ කරත් අපිට ලේසියෙන්ම ඔය systems ටික develop කරගන්න පුළුවන් වෙයි.
ඒකට contribute කරන අයට experience එකක් ගන්න පුලුවන් වෙයි.
අලුතෙන් industry එකට එන අයටයි, අලුත් generation එකටයි ඕක motivation එකක් වෙයි.
ඔය systems implement කරගන්න පුළුවන් උනොත් අපි හැමෝටම ඒකෙ වාසිය හම්බෙනවත්නේ.
මටනම් දැන් මේ එක එකාට බැන බැන ඉඳල ඇතිවෙලා තියෙන්නේ. අපි කොච්චර අරගල කරත් කෑගැහුවත් මුන් නිකන් බීරි අලි වගේ උන්ගේ ආතල් අරන් තවම එහෙම්ම ඉන්නවා.
පක්ෂ දේසපාලනේ කරන ගොබ්බයො ටික මැරෙනකල් මේ රට හදන්නත් බෑ. මෙහෙම හැමදාම බැන බැන ඉඳල ඇති වැඩකුත් නෑ.
කවදහරි හරි උන් හරි තැන්වලට ගිහින් ඕව develop කරන්න තව කොච්චර කාලයක් යාවිද කියල අපි දන්නේ නෑනේ ඉතින්..
අරගල කරන ගමන් අපිට පුලුවන් දේ අපි කරමු.