කොළඹ වරායේ බටහිර පර්යන්තයට ඇමෙරිකාවේ US International Development Finance Corporation හෙවත් DFC ය ඩොලර් මිලියන 551 ක මුදලක් ලබා දීමට එකඟ වී තිබෙනවා. පසුගියදා ඉන්දියාවේ ආදානී සමූහ ව්‍යාපාරයට ලබා දුන් බටහිර පර්යන්තයේ ඉදිකිරීම් පසුගිය වසරේදී ආරම්භ උනා.
කොළඹ වරායේ බටහිර පර්යන්තයේ අයිතියෙන් වැඩි කොටසක් වන 51% ක් ආදානි සමාගම හොබවන අතර ඉන් 34% ක් තිබෙන්නේ ජෝන් කීල්ස් සමාගමටයි. ඉතිරි 15% ශ්‍රී ලංකා රජය සතු වරාය අධිකාරියට හිමි වෙනවා.
ඇමෙරිකාවේ මෙම ආයෝජන ලැබෙන්නේ ආදානි සමාගම හරහායි. චීනයට අයිති දකුණු කොළඹ ජැටියට අලලා ඉදිවන බටහිර ජැටිය භූදේශපාලනිකව ඇමෙරිකා/ඉන්දියා කඳවුරට ඉතාම වැදගත්. චීනයේ මුහුදු සේද මාවත හෙවත් BRI හී සාර්ථක මධ්‍යාස්ථානයක් වන ශ්‍රී ලංකාවේ කොළඹ දකුණු ජැටිය සමස්ථ ඉන්දියානු කලාපයටම තිබෙන විශාල මව් යාත්‍රා නැවැත්වීමට හැකි ගැඹුරු වරායක් ලෙස අන්තර්ජාතික වෙළෙඳපොළට ඉතාමත් වැදගත්. ඒ නිසා මේ ආශ්‍රිතව විශාල භූදේශපාලනික සටනක් තිබෙනවා.
මෙම බටහිර ජැටියේ වැඩ නිම කිරීමට වසර 2025 වන විට හැකි වනු ඇතෑයි බලාපොරොත්තු වෙනවා.
පැතුම් කර්නර්
#පැතූනොමික්ස්
(රොයිටර් ඇසුරෙන්)