රටවල්_116_ක්_පරදා

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    රටවල් 116 ක් පරදා ඉහළම ජාත්‍යන්තර සම්මානයක් අපේ මනස්කාන්ත නිකේතනයක් දිනාගනී

    r05.png


    r06.png


    r041.png



    සංචාරක හෝටල් කර්මාන්තයෙහි ජාත්‍යන්තර ප‍්‍රමිති හා තත්ත්ව අනුකූලතාවයන් සඳහා ලෝකයේ පිරිනැමෙන ඉහළම සම්මානය අතිශය මනස්කාන්ත අනුරාධපුර ෆොරස්ට් රොක් ගාර්ඩ්න් රිසෝට් නිකේතනය විසින් දිනාගෙන තිබෙන අතර මෙය මෙරට සංචාරක ක්ෂේත්‍රයට ඉහළ අභිමානයකි.

    මේ අනුව, ස්පාඤ්ඤයේ පිහිටි Business Initiative Directions ආයතනය මෙහෙය වූ මෙම තරගාවලියේදී ISL හෙවත් International Star for Leadership In Quality ජාත්‍යන්තර රන් සම්මානය (Gold Category Award) ෆොරස්ට් රොක් ගාර්ඩ්න් රිසෝට් නිකේතනය විසින් දිනා ගැනීමට සමත් වී ඇත.

    BID (Business Initiative Directions) සංවිධානය මගින් නොයෙකුත් අංශයන් ඔස්සේ කළ විමර්ශනයන් හි, ප‍්‍රතිඵලයක් ලෙස මෙම සම්මානය ෆොරස්ට් රොක් ගාර්ඩ්න් රිසෝට් නිකේතනය වෙත පිරිනමා තිබෙන අතර මෙම සම්මානය ලබා ගැනීම සඳහා රටවල් 116 ක ප‍්‍රකට සංචාරක හෝටල් සහ ආගන්තුක සත්කාර ආයතන රැසක් ඉදිරිපත් වී තිබීම කැපී පෙණුනි.

    මෙම විචිත්‍රවත් සම්මාන උළෙල පසුගිය 28 දා පැවැත්වුණේ ප‍්‍රංශයේ පැරිස් නුවර කොන්කෝර්ඩ් කන්වකෝසුන් ශාලාවේදීයි. මෙහිදී, එම සම්මානය BID සභාපති, ජොසෙ ඊ ප‍්‍රීටෝ මහතා සහ Impress ප‍්‍රධාන සංස්කාරක Dayre L Fickling යන මහත්වරුන් විසින් ෆොරස්ට් රොක් ගාර්ඩ්න් රිසෝට් නිකේතනයේ කළමනාකාර අධ්‍යක්‍ෂ, බාලදුරගේ චන්ද්‍රසිරි මහතාට පිරිනමන ලදී.

    එම අවස්ථාවට ෆොරස්ට් රොක් අලෙවි කළමනාකරණ උපදේශක, වෙදගේ දොන් වසන්ත කුමාර මහතාද සහභාගී විය. මෙම සම්මානය රැගෙන පසුගිය ජූලි මස 03 වනදා පෙරවරුවේ ශ‍්‍රී ලංකාවට පැමිණි ෆොරස්ට් රොක් සමූහයේ අධ්‍යක්‍ෂවරු පිළිගැනීමේ විශේෂ උත්සවයක්ද ගුවන් තොටුපොළේදී සංවිධානය කර තිබුණි.

    අනුරාධපුරයේ ත්‍රිකුණාමල පාරේ, අන්දර වැව, අංක 341 ක ස්ථානයේ පිහිටි මෙම මනස්කාන්ත නිකේතනය මගින් සංචාරකයින්ට අද්විතීය අසමසම අත්දැකීමක් ලබාදෙයි.

    සේයාරු වලින් මෙම සුන්දර නිකේතනය සහ ෆොරස්ට් රොක් ගාර්ඩ්න් රිසෝට් නිකේතනයේ කළමනාකාර අධ්‍යක්‍ෂ, බාලදුරගේ චන්ද්‍රසිරි මහතා සම්මානය ලබාගන්නා ආකාරය දැක්වෙයි.

    r03.png
    [/IMG]

    r02.png


    r01.png


     

    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    අඩෝ pool 1 නම් පට්ට නේ බන්.:rolleyes:.දුවල දුවල ගිහින් පනින්න හිතෙනව:):):).මේවයෙ අස්ප ගනන් අය කරනව ඇති නේද බන්.:baffled::baffled::baffled:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    හැම දේම ඉතාම විශිෂ්ටයි. ඒ ගැන සැකයක් නෑ.
    ලාංකේය සංස්කෘතිය උරුමය ඔප් නැංවෙන විදිහට කරලා තියන සියලු නිර්මාණ ඉතාම විශිෂ්ටයි.
    ඒ ගැන සැකයක් නෑ. ඒ අතින් මම ඔවුනට සුභ පතනවා.

    හැබැයි එක දෙයක් මම තරයේ හෙලා දකිනවා. ඒ මේක.


    gallery-11.jpg


    සංඝරත්නය, භික්ෂුව කියන්නේ බෞද්දයන් ගේ තුනුරුවනින් එකක්.
    ඒක බෞද්ද පුජනිය ස්ථානයක හෝ නමස්කාර කිරීමේ අරමුණෙන් හෝ පමණක් වෙන් වූ දෙයක්.
    නැතිව නිවාස, නිවාඩු නිකේතන, හෝටල් අලංකාරකරණය පිණිස ඇති භාණ්ඩයක් නෙවේ.
    මෙතන අරමුණ අලංකාරය පමණක් බව ඉතාම පැහැදිලි.

    අලංකරණයට යොදා ගන්න වෙන ඕනෙම දෙයක් තිබ්බා.
    භික්ෂුවකගේ පිළිමයක් නිරුවත් විදේශිකයන් ගේ සුඛ විහරණය පිණිස භාවිතා නොකර කල හැකි බොහෝ දේ තිබ්බා.
    මේකත් මේවගේ වෙන තැන් වල මේ අරමුණෙන් තියන තුනුරුවනට අයිති ඕනෑම දෙයක් මම තරයේ හෙලා දකිනවා.
    ඉතිරි හැම දේම හෙළ සංස්කෘතිය.
    මේක බුදු දහම.

    ++++++++++++++

    මේ වගේ අලංකාර කටයුතු සඳහා,
    කතෝලික ආගමේ දේවල්, හින්දු ආගමේ දේවල් භාවිතා කිරීමත් මම හෙලා දකිනවා.
    ඒවා තියෙන්නේ වඳින්න මිසක් අලංකරණය සඳහා නොවේ.
     
    Last edited:

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    මෙතන මොනවත් නෙවෙයි තියෙන්නේ අපේ අතීත ගෘහ නිර්මාණ සංකල්පය හා එහි පසුබිමයි
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    මෙතන මොනවත් නෙවෙයි තියෙන්නේ අපේ අතීත ගෘහ නිර්මාණ සංකල්පය හා එහි පසුබිමයි :yes::yes: