රටින් phone එකක් ගෙන්නන්න ඉන්නවද? බලාගෙන 3G!

madushan92

Active member
  • Apr 11, 2009
    683
    44
    28
    33
    Nugegoda, SL
    රටින් phone එකක් ගෙන්නන්න ඉන්නවද? බලාගෙන 3G!

    ඔයාත් රටින් phone එකක් ගෙන්නන්න බලාපොරොත්තුවෙන්ද ඉන්නේ? එහෙනම් බලාගෙන 3G. ඇත්තටම අද මට මේ post එක ලියන්න හිතුනේ මගේ යාලුවෙක්ට වෙච්ච පොඩි අකරතැබ්බයක් නිසා. :baffled: පොර මේ ලඟදි ගෙන්නුවා phone එකක්, ගෙන්නුවෙත් ලේසි පාසු රටකින් නෙමේ, කෙලින්ම ඇමරිකාවෙන්. :rofl: කොහොම හරි ඉතින් ඇඟිලි ගැන ගැන හිටියා phone එක එනකම්. ඔන්න phone එක ආවා කියමුකො. ඉතින් බොහොම ආසාවෙන් දැම්මා SIM එකත්. "හුටා, 3G නෑනේ බන්" ඕක තමයි පොර ඉස්සෙල්ලාම කිව්වේ. :nerd: ඇයි මේ 3G නැතුව ගියේ? මොකද්ද හේතුව? මටත් හිතුනා ටිකක් හොයලා බලන්න. :nerd:

    ඇත්තටම 3G එහෙමත් නැත්තම් UMTS බෙදාහරින්නේ එක එක frequencies පාවිච්චි කරලා. එක එක රටවල් වලට මේක වෙනස් වෙනවා. ඒත් ඇමරිකාවේයි අපෙයි, අපේ කිව්වේ ආසියාවෙයි, ඔය frequency bands වල ලොකු වෙනසක් තියෙනවා. ඇමරිකාවේ පාවිච්චි කරන්නේ 850Mhz - 900Mhz සහ 1700Mhz - 1900Mhz කියන frequency bands ලු. ඒත් ආසියාවේ හා යුරෝපයේ පාවිච්චි කරන්නේ 1800Mhz සහ 2100Mhz. Dialog එකේන් කිව්ව විදියට ලංකාවේ එයාලා පාවිච්චි කරන්නේ 2100Mhz. :rolleyes::rolleyes:

    ඉතින් දැන් manufacturer කෙනෙක් phone එකක් ඇමරිකාවෙ පාවිච්චි කරන්න design කරනකොට ඒක design කරන්නේ ඇමරිකාවේ frequency bands වල වැඩ කරන විදියට. ඉතින් ඔය phone එකක් ලංකාවට ගෙනාවාම ඒකට අහු වෙන frequencies මෙහෙ නෑ, ඉතින් phone එක කියන්නේ "No service" කියලා. :no:

    හැබැයි ඔය වැඩේ හුඟක් phones වලට වෙන්නේ නෑ. ;) ඒකටත් හේතුවක් තියෙනවා. හිතනකො ඇමරිකාවේ කෙනෙක් roaming යන්න උනොත්, එතකොට එයාගේ phone එක මෙහෙ වැඩ නැතුව යනවා. ඒක නිසා සමහර phones design කරන්නේ Global roaming support එක ඇතුව. ඒ phones වලට හැම frequency එකක් ම වගේ අල්ල ගන්න පුලුවන්. ගෙන්නන phone එක ඒ වගේ නම් කිසි අව්ලක් නෑ. :yes:

    තවත් දෙයක් තියෙනවා, සමහර manufacturers ලා අනිත් රටවල් වල වැඩ කරන frequencies disable කරලා තියෙනවා, battery save කර ගන්න වගේ ඕන වෙන නිසා. අන්න වාසනාවකට ගෙන්නපු phone එක එහෙම එකක් නම් අපිට පොඩ්ඩක් internet එකේ search කරොත් solution එකක් හොයාගන්න පුලුවන් වෙයි. :yes::yes:

    හැබැයි ගෙන්නන phone එකේ hardware support නැත්තම් මෙහෙ 3G අල්ලගන්න, මොනා කරත් වැඩක් වෙන්නේ නැති වෙයි. :no::no:

    3G විතරක්ම නෙමේ. තවත් දෙයක් තියෙනවා කියන්න. සමහර රටවල් වල CDMA නෙට්වක්ස්සුත් පාවිච්චි වෙනවා, ඇමරිකාව, කොරියාව වගේ රටවල් වල. :baffled: ඒ phones ගෙනාවත් වෙන්නේ ඔය ටිකම තමයි. :baffled:

    දැන් තේරෙනවා ඇති ඇමරිකාවෙන් වගේ phones ගෙන්නනවනම් දෙපාරක් හිතන්න ඕනේ කියලා. ඇමරිකාවෙ පාවිච්චි වෙන සමහර phones අඳුර ගන්නත් පොඩි ක්‍රමයක් තියෙනවා, එහේ හුඟක් phones network branded (හැබැයි ඔක්කොම නෙමේ!). ඔය AT&T, Sprint, Verizon කියලා නම් ගහලා එන්නේ අන්න ඒ phones තමයි. ඕවලිනුත් Verizon කියලා ගහලා තියෙනවනම් පොඩ්ඩක් කල්පනාවෙන්, මොකද ඒක CDMA පාවිච්චි කරන network එකක්. T-mobile නම් කියන්න බැ මොකද ඒක ඇමරිකාවේ වෙන්නත් පුලුවන් යුරෝපයේ වෙන්නත් පුලුවන්. :D

    ඒ කොහොම උනත් මගෙනම් අදහස ඔය network branded phones ගෙන්නද්දී පොඩ්ඩක් පරිස්සමෙන්. ඇමරිකාවෙනම් T-mobile, AT&T, Verizon, Sprint වෙන්න පුලුවන්. යුරොපෙන් ගෙන්නනවනම් 3, Orange, Vodafone, T-mobile, O2 වෙන්න පුලුවන්, ජපානෙන් වගේ ගෙන්නනවනම් Softbank, NTT Docomo වෙන්න පුලුවන්. :D

    ඔයාලා මෙහෙන් ගන්න යන phone එකෙත් මොකක් හරි network එකක නම්ක් තියෙනවනම් SIM එකක් දාලා 2G/3G දෙකම වැඩද කියලා බලලම ගන්න. :yes::yes:
    හැබැයි අපේ වාසනාවට දැන් මෙහෙම වෙන්නේ හුඟාක් කලාතුරකින්, මොකද දැන් හදන හුඟක් phones වල Global roaming support එක තියෙනවා. :yes::yes:

    මොකක් හරි දැන ගත්තනම් rep හරි comment හරි දාලා යන්න. :yes::yes: මේකේ මොනා හරි වැ‍රැද්දක් තියෙනවනම් ඒකත් හදන්න, :P මොකද මේවා මම කියෙව්වේ net එකේ තිබිලම තමයි.:D:D

    තව එකක් මේක මම ගත්තේ http://www.mobileslanka.com/2012/07/phone-3g.html
    ඔය blog එක කරන්නේත් අපිම තමයි, පුලුවන්නම් sup එකක් දෙන්න... :D:D
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Good post මචන්....:yes::yes::yes:
    මගේ ‍යාලුවෙකුත් ( ඌ ටිකක් විතර බූරුවෙක්.) CDMA mobile phoneඑකක් ඇමරිකාවෙන් ගෙන්නලා ගෙදර ගෙනාවට පස්සේ sim slot එක හො‍යනවා.:rofl::rofl::rofl::rofl:

    අදට රෙප් ඉවර‍යිලු බන්.
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    Verizon, Sprint mewwanam nam genalla wadakwath na mewwa CDMA machan,godak aya phone wikunanawa,genwapuwa 3g na ganna eka 3g balanneth na baduma thama thanx weewa danne nathi ayata 2100 thiyana ekak geenakota geenna.4g nam poddak balala ganna echchara danne na 3g nam 2100 4G range ekath daahan machan
     

    crazyboy119

    Well-known member
  • Feb 11, 2012
    953
    190
    63
    kandy
    machan man inne korea wala.next week lankawata enawa.math gaththa mehen phone ekak(galaxy s2 hd lte)eke 3g wada karaida ban..?