රටේ ජනාධිපතිවරයෙක් ඉන්නවා ඇහැට පේන්නේ නෑ -විමල්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    රටේ ජනාධිපතිවරයෙක් ඉන්නවා ඇහැට පේන්නේ නෑ -විමල්

    අද වනවිට රට තුළ ඉන්ධන නොමැති වීමෙන් ස්වයං ඇඳිරිනීති තත්ත්වයක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා පවසයි.

    අද (04) පාර්ලිමේන්තුවේ දී සභාව අමතමින් විමල් වීරවංශ මහතා පවසා සිටියේ, මන්ත්‍රීවරයෙකු ට පවා අද වනවිට ගමනක් ගොස් නැවත පැමිණීම අවිනිශ්චිත වී ඇති බවය.

    "මම හිතනවා අපි කලින් දාපු ප්‍රශ්නවලට උත්තර දෙනවා ට වඩා මේ තියෙන අර්බුදයෙන් පීඩාවට පත්වෙන ජනතාවට අපි මොකද්ද කියන්නේ ? රටේ ජනාධිපතිවරයෙක් ඉන්නවා ඇහැට පේන්නේ නෑ. මහජනතාවට පේන්නේ නෑ. මිනිස්සු පෙළෙන්නේ බරපතළ පීඩාවක. අඩුම තරමේ ඒ මිනිස්සුන්ට හිතට දැනෙන මොකක් හරි සහනයක්වත් පේන තෙක්මානයක නෑ. අපි විපක්ෂයේ හිටියා කියලා අපි කාලකන්නි සන්තෝෂයක් ලබන්නේ නෑ. අවාසනාවකට මේ තියෙන පාලන තන්ත්‍රව ගැන ජාත්‍යන්තරයේ විශ්වාසයක් නෑ. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ භූමිකාව ගැන නෙමෙයි මම මේ කියන්නේ. එතුමා ඡන්දයෙන් පැරදිලා ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයකින් ආපු තනි පුද්ගලයෙක්. එහෙම කෙනෙක් අගමැති කරා කියලා ජාත්‍යන්තර විශ්වාසය ඇති වෙනවා කියලා මම නම් හිතන්නේ නෑ. කරුණා කරලා දැන්වත් මේක උත්සන්න වීමට ඉඩනොදී අපේ පක්ෂ ටික එකතුවෙලා සාකච්ඡා කරලා සර්ව පාක්ෂික පාලනයක් පිහිටුවලා රටේ විශ්වාසයයි ජාත්‍යන්තර විශ්වාසයයි දෙකම දිනාගන්න වැඩපිළිවෙලකට යන්. අපි මේ සෙල්ලමක් ද කරන්නේ. ගිනි කන්දක් උඩ ඉදගෙන අපි ටෙනිස් බෝල ගහනවා."
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,159
    9,499
    113
    බයියිංට පිස්සු බං
    මිග් ගනුදෙනුවෙං සල්ලි ගහල, ඒක පත්තරේ ලියපු එකාව මරලදැම්ම එකාව ගෙනාව දියුනු රටක් හදල , එක රටක් , එක නීතියක් හදන්න
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මිනිස්සුන්ට බයේ බංකර් අස්සෙ හැංගිල ඉන්නෙ. යුද්දෙ කාලෙ එහෙම බංකර් ඇතුලෙ රීගෙන ඉන්ඩ ඇත්තෙ නේද? @erozan @JBLs @ESL ඊට පස්සෙ බැරිම තැන පිස්සු කියලා ඇමරිකාවට පැනගන්න ඇති
     
    • Love
    Reactions: Jim_Moriarty