1) දේශීය දැනුම් පද්ධතීන් පිලිබද පර්යේක්ෂණ සදහා වෙනම විශ්වවිද්‍යාලයක් හදනවා.
2) මේ රටේ තිබ්බ පැරණි තාක්ෂණය වර්තමානයට ගෙන්වලා ඒ හරහා ආසියාවේ බලවත් රටක් බවට ලංකාව ගේනවා.ඒ හරහා ලොව බලවත්ම බුද්දි සේවය සහ රහස් ඔත්තුසේවය මේ රටේ හදනවා.
3) බුදුන් ඉපදුනේ ලංකාවේද ඉන්දියාවේද කියලා හොයන්න එන්ගලන්තය ,චීනය,රුසියාව,ජපානය,ඇමරිකාව ඇතුලු පුරාවිද්‍යා සයන්ටිස්ට් කාරයෝ ගෙන්වලා අපක්ෂපාතී පුරාවිද්‍යා පරීක්ෂණයක් කරනවා.
4) ඉන්දියන් රෝ ඔත්තුසේවය රටින් පන්නනවා.
5) ලංකාවේ නම නැවත "සිලෝන් "කරනවා.
6) දේශීය වෙදකම සම්පූර්ණයෙන් දියුණු කරනවා. සර්ජරි කරන තැනටම ඒක ගේනවා.ඒවගේම ප්‍රයිවට් මෙඩිකල් කොලේජ් හදනවා.
7)පලාත්, ජාති අනුව බෙදෙන්න දෙන්නේ නෑ .හැම ග්‍රාමසේවා බලප්‍රදේශයකම සියලු ජාතින් සිටින විදිහට ජනතාව පදින්චි කරනවා.ඔවුන්ට අවශ්‍ය ආගමික ස්තානත් ඉදිකරනවා.මේ වැඩවලට හරස්වෙන අය රටින් පිටුවහල් කරනවා/නැත්තම් ජීවිතාන්තය දක්වා සිරදඩුවම් දෙනවා.
8) සිංහල සහ දෙමල භාෂා සියලු දෙනාට ඉගෙනගැනීම අනිවාර්ය කරනවා.ඉන්ග්‍රිසි බැරි උන්ට රස්සා නොදෙන වහල් ක්‍රමය මුලිනුපුටා දමනවා.
9) මගේ වැඩවලට ඉන්දියාව ඇමරිකාව බාල්දි දැම්මොත් රුසියාවයි චීනයයි එක්ක ආරක්ෂක ගිවිසුමක් ගහලා යාපනය ,ට්‍රින්කො,හම්බන්තොට,මීගමු අසල මුහුදේ කෘතිම දූපත් හදලා චීන- රුසියා -ලංකා ඒකාබද්ද හමුදා කදවුරු හදනවා.
10) ඉන්දීය දීවරයන්ට ඇතුලු නොවෙන විදිහට විදුලි වැටක් උතුරු මුහුදේ හදනවා.
11) පාරේ අතුගාන එකාගේ ඉදන් ජනපති දක්වා සියලු වෘත්තින් දරන අයට එක සමාන ගෞරවයක් ලැබෙන විදිහට ආකල්ප වෙනස් කරනවා.( ඕස්ට්‍රේලියාවේ වගේ )
12) වාහනවලට අයකරන අධික බදු කපනවා.දේශීය ව්‍යාපාර දිරිමත් කරනවා.දේශීය ව්‍යාපාර සවිමත් වන තෙක් ආනයන ටිකෙන් ටික අඩු කරනවා.ආනයන වියදමට වඩා අපනයන ආදායම වැඩි කරනවා.
13) රැකියා නැතුව කිසිම කෙනෙක්ට ඉන්න දෙන්නේ නෑ. ව්‍යාපාර ගොඩනගාගන්න සම්පූර්ණ සහය ලබාදෙනවා.ආබාදිතයින් පවා රටේ සංවර්ධනයට යොදාගත හැකි රැකියා ලබාදී ඔවුන්ගේ ජීවිතවලට වටිනාකමක් ලබා දෙනවා.
14) හයිවේ වෙනුවට දුම්රිය දියුණු කිරීමටත් ගංගා ඇල දොල මුහුද හරහා ප්‍රවාහන පහසුකම් සදහාත් ප්‍රමුකත්වය ලබා දෙනවා.
15) ලංකාවේ අගනගරය බවට නැවත මහනුවර නගරය පත් කරනවා.ප්‍රධාන වානීජ නගරය බවට කොළඹ පත් කර මුලු කොළඹ දිස්ත්‍රිකයම කොළඹ නගරසීමාවට ගන්නවා.
16) ජනාධිපති මන්දිරය සහ ලේකම් කාර්යාලය සදහා දළදා මාලිගාව යොදාගන්නවා.සියලු රාජ්‍ය නායකයන් නිලවශයෙන් පිලිගැනීමද සිදු කරන්නෙත් නිදහස් උත්සවය පවත්වන්නෙත් දලදා මාලිගා පරීශ්රයෙයි. එය කිසිවෙකුට වෙනස් නොකරන ලෙස විවස්ථාවටත් ඇතුලත් කරනවා.
අගමැති මන්දිරය, ශ්‍රේෂ්ඨාදිකරණය,පාර්ලිමේන්තුව සදහා මහනුවර අවට ඇති එතිහාසික වැදගත්කමක් ඇති විශාල ගොඩනැගිලි නවීකරණය කර භාවිතයට ගන්නවා.
17) ජනාධිපතිවරයා ඒකාදිපතියෙකුද නොකරන රූකඩයක්ද නොකරන තනතුරක් බවට පත්කිරීම සදහා සම්පූර්ණයෙන් විවස්ථාව වෙනස් කරනවා.
කොළඹ නගරය සහ ගම්පහ දිස්ත්‍රික්කය ඒකාබද්ද කර එය කොළඹ දිස්ත්‍රික්කය බවට පත් කරනවා.
18) පලාත්සභා අහෝසිකරනවා.
19) බුදුන්ගේ රට ලංකාව බව ඔප්පුවීම හරහා අතිවිශාල සංචාරක ආකර්ෂණයක් සහ දැවැන්ත ගෝලීය පිලිගැනීමක් ලංකාවට ලැබෙනවා. මේත් සමග ලොව වැඩියෙන්ම සංචාරකයන් එන රට බවට ලංකාව පත්කරනවා.
20) අරක්කු සිකරට් සහ සිරුරට අහිතකර පානයන් සම්පූර්ණයෙන් තහනම් කරනවා.ඒවෙනුවට සිරුරට හානි නොවන එහෙත් මත් වෙන ආදේශකයන් ප්‍රචලිත කරනවා.( උදා - ගංජා )
21) බහු ස්ත්‍රී විවාහය අවසර ලබාදී ගණිකා/ස්පා ව්‍යාපාරය සම්පූර්ණයෙන් තහනම් කරනවා. සූදු ව්‍යාපාර සම්පූර්ණයෙන් තහනම් කරනවා.
22) න්‍යෂ්ටික බලය ලබා ගැනීමටත් අති දියුණු අවි ආයුධ මෙරට නිපදවීමටත් කටයුතු කරනවා.
23) ලොව ප්රමුඛ පෙලේ සිනමාවක් හදනවා.රසායනික පොහොර තහනම් කරනවා.ලොව ආර්තික මද්යස්තානයක් බවටත්,අධ්‍යාපන මද්යස්තානයක් බවටත්,සංචාරක මද්යස්ථානයක් බවටත්,වරාය සහ ගුවන් මද්යස්තානයක් බවටත්,ලොවට ආහාර අපනයනය කරන මද්යස්තානයක් බවටත් ලංකාව පත් කරනවා.
24) පාසල් වේලාව පැය 8ක් දක්වා දික් කරනවා.ටියුෂන් තහනම් කරනවා.නිදහස් අද්යාපනය සහ නිදහස් සෞක්‍ය ශක්තිමත් කරනවා.රජයේ අද්යාපන ආයතනවල මුදල් ගැරීම තහනම් කරනවා.
25)සහන මිලට ඇතුල්විය හැකි කායවර්ධන මධ්‍යස්තාන සහ ක්‍රිඩා සංකීර්ණ රජය යටතේ ඉදි කරනවා.
26) දේශපාලන පක්ෂ ගණන 3ට අඩු කරනවා.කන්ද උඩරට නීතිය ,තේසවලාමේ නීතිය සහ මුස්ලිම් නීතිය අහෝසි කරනවා.
27) ගංජා විශාල වශයෙන් අපනයනය කරනවා.වයස 16 වෙන විට පාසල් අධ්‍යාපනය අවසන් වන විදිහට ප්‍රතිසංස්කරණ ගේනවා.