රටේ තෙල් නැති ප්‍රශ්නෙට හේතුව ?

code320c

Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    රටේ තෙල් නැති ප්‍රශ්නෙට හේතුව ?

    උබලා හැමෝම දන්නවනේ මචන්ලා මේ වෙනකොට රටේ ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. රටේ තෙල් හිඟයක් තියෙනවා. තෙල් හොයන්න නෑ කොහෙවත්. හැබැයි මේකට මාතෘකාව වෙලා තියෙන්නේ සිරිසේන, යහපාලනය සහ යහපාලනයට චන්දය දුන් අය. මචන්ලා කාටවත් කඩේ යනවා කියලා හිතන්නේ නැතුව මට කියපල්ලා රටේ එහෙම තෙල් හිඟයක් ඇති වෙන්න බලපාපු හේතුව මොකක්ද කියලා ? සත්‍ය හේතුව ? මොකද ෆේස්බුක් එකේ ඉන්න පේජ් කාරයෝ කරන්නේ බොරුවට දෙයක් අල්ලාගෙන කෑගහන එක මිසක් නිවැරදි තොරතුරක් ප්‍රචාරය කිරීම නෙමෙයි. මෙහෙම වෙන්න හේතුව දේශපාලනික දෙයක්ද ? එහෙමත් නැත්නම් වෙන හේතුවක්ද ? ඇත්ත දන්නා කෙනෙක් දාපල්ලා !
     
    • Like
    Reactions: SadSandun

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මම දන්න විදියට lanka petroleum එකේ එන්න තිබුණ තෙල් නැව ප්‍රමාද වෙනවා.කොහොම හරි IOC නැවක් මේ අතර එනවා,හැබැයි ඒක ප්‍රතික්ෂේප කරනවා දෙපාරක්,ඒ වුනත් ත්‍රිකුණාමලයේ වරායට ගිහිල්ලා ioc ඒකෙන් උසාවි නියෝගයක් ගන්නවා නැව යවන්න බැරි වෙන්න.lanka petroleum නැව ප්‍රමාද වුණාට ඊළඟ නැව එනකල් අවශ්‍ය තෙල් තිබුණා.නමුත් ඔය අතරේ සපුගස්කන්ද තෙල් පිරිපහදුව‍ෙ තාක්ෂණික ගැටලුවක් මතු වෙනවා(සේවකයෝ කියන්නේ කඩාකප්පල්කාරී වැඩක් කියලා),ඒක නිසා තෙල් බෙදාහරින එක ටික වේලාවකට නැවතුණා.හැබැයි ඔය අතරේ sms campaign එකක් යනවා strike එකක් කියලා එතකොට මිනිස්සු වැඩි පුරත් එක්ක තෙල් ගහන්න පටන් ගත්තා,දැන් වෙලා තියෙන්නේ මිනිස්සු තෙල් ගහන එක වැඩි වුන,නිසා අර නැව එනකල් තිබුණ තෙල් ටික මදි වෙන එක,ඒ අවස්ථාවෙන් ප්‍රයොජනය ගන්න ioc එක කොහොම හරි බලන්නෙ අර උන්ගේ බාල තෙල් ටික බාන්න.මේ ඔක්කොම උන්ගේ කුමන්ත්‍රණයක් වෙන්න පුළුවන්.
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    වෙන මොකද්ද ඉතින් මේ සුකන ආණ්ඩුවේ කළමනාකාරීත්වයේ දක්ෂතාවය තමයි
    තියෙන දේවල් ඔක්කොම විකුණ විකුණ එදා වේල ටුවර්ස් දුවන්නේ මුන්
    උන්ට ඇති තරම් තෙල් ඇති ඒකයි ගානක් නැත්තේ
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මම දන්න විදියට lanka petroleum එකේ එන්න තිබුණ තෙල් නැව ප්‍රමාද වෙනවා.කොහොම හරි IOC නැවක් මේ අතර එනවා,හැබැයි ඒක ප්‍රතික්ෂේප කරනවා දෙපාරක්,ඒ වුනත් ත්‍රිකුණාමලයේ වරායට ගිහිල්ලා ioc ඒකෙන් උසාවි නියෝගයක් ගන්නවා නැව යවන්න බැරි වෙන්න.lanka petroleum නැව ප්‍රමාද වුණාට ඊළඟ නැව එනකල් අවශ්‍ය තෙල් තිබුණා.නමුත් ඔය අතරේ සපුගස්කන්ද තෙල් පිරිපහදුව‍ෙ තාක්ෂණික ගැටලුවක් මතු වෙනවා(සේවකයෝ කියන්නේ කඩාකප්පල්කාරී වැඩක් කියලා),ඒක නිසා තෙල් බෙදාහරින එක ටික වේලාවකට නැවතුණා.හැබැයි ඔය අතරේ sms campaign එකක් යනවා strike එකක් කියලා එතකොට මිනිස්සු වැඩි පුරත් එක්ක තෙල් ගහන්න පටන් ගත්තා,දැන් වෙලා තියෙන්නේ මිනිස්සු තෙල් ගහන එක වැඩි වුන,නිසා අර නැව එනකල් තිබුණ තෙල් ටික මදි වෙන එක,ඒ අවස්ථාවෙන් ප්‍රයොජනය ගන්න ioc එක කොහොම හරි බලන්නෙ අර උන්ගේ බාල තෙල් ටික බාන්න.මේ ඔක්කොම උන්ගේ කුමන්ත්‍රණයක් වෙන්න පුළුවන්.

    A good analysis. Have they restored the refinery? if yes, what is the daily capacity for petrol refinement?
     
    • Like
    Reactions: Mewan_Rose

    SL Power

    Member
    Dec 20, 2013
    54
    2
    0
    Mata namm Meka Ona kamin demand karapu wadak ..
    Election ekath laga lagama enwa ey hinda..

    වෙන මොකද්ද ඉතින් මේ සුකන ආණ්ඩුවේ කළමනාකාරීත්වයේ දක්ෂතාවය තමයි
    තියෙන දේවල් ඔක්කොම විකුණ විකුණ එදා වේල ටුවර්ස් දුවන්නේ මුන්
    උන්ට ඇති තරම් තෙල් ඇති ඒකයි ගානක් නැත්තේ

    Moda Talk denda epa ban..
    Podak Diyunu wela thiyana ratawal diha balapan koo.. Unge Okama private sector karala thiyanne.. ei kiwoth government ekata Okama palanaya karanda baha .. Wadiya oney naha New Zealand balapan.. Goverment ekata kiyala thiyanne.. Army ekai Police ekai vitharai .. anith hama ekakma private karala... including hospital's .. fully private; semi private kiyala Hama ekak ma private..
     

    obamasl

    Active member
  • Mar 28, 2014
    227
    37
    28
    ‘පෙට්‍රල් හිඟයට අපි වග කිව යුතු නෑ: චෝදනා බොරු‘: ඉන්දීය තෙල් සමාගම අර්ජුනගේ රෙදි ගලවයි: කෘතිම තෙල් හිඟයට හේතුව සිරිසේනලාගේ කළු සල්ලි බිස්නස් වල යොදවන ගෑස් වෑගපිටිය තෙල් ව්‍යාපාරයටත් ඇතුළු කිරීමද?

    (ලංකා ඊ නිව්ස් -2017.නොවැ.07, පෙ.ව.5.45) මේ වන විට රට පුරා තිබෙන පැට්‍රල් හිඟයට තම ආයතනයට එල්ල කරන චෝදනා වල කිසිදු සත්‍යයක් නැතැයි ඉන්දීය ඔයිල් සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඊට හේතු ලෙස ඔවුන් පවසන්නේ රටේ ඉන්ධන වෙළඳ පොලෙන් ඉන්දීය සමාගම සපුරන්නේ සියයට 16 ක් තරම් සොච්චමක් බවත් ඉතිරි සියයට 84 ම සපුරන්නේ ඛනිජ තෙල් සංස්ථාව බවයි. වැඩිම ඉන්ධන බෙදා හැරීමේ ශක්තිය තිබෙන්නේ ද සියයට 84 ක් වන ඛනිජ තෙල් සංස්ථා ඉන්ධන හල් වලින් බැවින් ඉන්ධන හිඟයට හේතුව තම ආයතනය යැයි කීමේ පදනමක් නොමැති බවද ඉන්දීය සමාගම පවසයි.

    තමන් විසින් ආනයනය කරන ලද මෙට්‍රික් ටොන් 35000 ක් සහිත තෙල් නැවක් ඔක් 16 වෙනිදා පැමිණි අතර CPC/CPSTL පරීක්ෂණාගාර වාර්තා අනුව එය ප්‍රතික්ෂේප කිරීමෙන් පසු එය කෙතරම් මිලක් වුවද උසස් තත්ත්වය ගැන සැලකිලිමත් තමන් එය යලි රටට ගොඩ බෑම සඳහා කිසිසේත්ම සාකච්ඡා නොකළ බවත් ඉන්දීය තෙල් සමාගම පවසයි. ඊට වැඩියෙන්ම හේතුව නම් මෙම නිවේදනය නිකුත් කරන ඊයේ දිනය වන විටත් ඔවුන්ට සෑහෙන තෙල් සංචිත තිබෙන නිසා එවැන්නක් අවශ්‍ය නොවන බවද හේතු යුක්තව පවසයි. එනම් ඉන්දීය සමාගමේ දිනක පෙට්‍රල් අවශ්‍ය තාවය මෙ.ටො. 600 කි. නමුත් ඔවුන් සතුව ඊයේ වන විටත් මෙ.ටො. 3500 ක සංචිත තිබේ. එබැවින් ඔවුන් පවසන්නේ මීලඟ නැව එනතුරු ඔවුන්ට ඔවුන්ගේ තෙල් වල කිසිදු හිඟ පාඩුවක් නොමැති බවයි.

    ලංකාවේ 84% ක් වන වැඩිම ඉන්ධන බෙදාහරින්නා වන ඛනිජ තෙල් සංස්ථාවේ ඇති වූ හිඟයට තමන් වග කිව යුතු නොවන මෙයින් පැහැදිලි වන බවත් ඛනිජ තෙල් සංස්ථාවේ හිඟයට හේතු තමන් නොදන්නා බවත් ඉන්දීය තෙල් සමාගම කියා සිටී. ලොව පුරා රටවල 500 ක් සමාගම් හරහා තමන් තෙල් අලෙවි කරන බවද ඉන්දීය සමාගම පවසයි.

    ඉන්දීය සමාගමේ නිවේදනය අනුව ඉන්දීය සමාගම වෙත පැමිණි ඉන්ධන නෞකාව ප්‍රතික්ෂේප කර යැවීම හේතුවෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහා ගෙන එන ලද ඉන්ධන නෞකාවක් ඉන්දීය සමාගම වෙත ලබාදීමට පියවර ගත් බැවින් ඛනිජ තෙල් සංස්ථා ඉන්ධන හල්වල පෙට්‍රල් හිඟයක් හටගත්තේ යයි පසුගිය 04 වෙනිදා ඛනිජ තෙල් සංස්ථාවේ අලෙවි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා පවසා ඇත්තේ අසද්ද බොරුවක් බව හෙළිවේ. ඉන්දීය සමාගම එවැනි තෙල් නැවක් ඛනිජ තෙල් සංස්ථාවෙන් ලබාගෙන නැත.

    මේ අතර මෙම කෘතිම පෙට්‍රල් හිඟයේ නිර්මාතෘවරුන් වන රණතුංග සොයුරන් සහ දූෂිත නිලධාරීන් ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් පවසා සිටියේ තවත් බොරු කන්දකි.

    “සාමාන්‍යයෙන් තෙල් නැවක් ප්‍රතික්ෂේප වූ විට ඒ ආයතනයට වගකීමක් තියෙනවා අතිරේක නැවක් ලබා දීමට. ඒ සඳහා ඔක්තෝබර් 31-01 දින තුළ තෙල් නැවක් ලබා දෙන්න ඔවුන් පොරොන්දු වුණා. ඊට දින කිහිපයකට පසු එය දිය නොහැකි බව ඔවුන් ප්‍රකාශ කළා.“ අර්ජුන පවසයි. ඛනිජ තෙල් සංස්ථාවට ඉන්දීය සමාගමේ තෙල් අවශ්‍ය වූයේ මන්දැයි අර්ජුන නොකියයි. ඉන්දීය සමාගමේ තෙල් ප්‍රතික්ෂේප වී නම් එහි පාඩුව හෝ හිඟය ඇති විය යුත්තේ ඉන්දීය සමාගමට මිස ඛනිජ තෙල් සංස්ථාවට නොවේ. ඒ අතරම අර්ජුන මෙසේද කියයි.

    “තෙල් සංස්ථාව විසින් පෙට්‍රල් නැවක් නොවැම්බර් 02-03 මේ රටට ගෙන්වීමට තිබුණා. අද වන විට එය දින 06 ක් පසු වෙලයි ‍එය මේ රටට එන්නේ. සාමාන්‍යයෙන් ඉතිහාසයේ කිසිම දවසක පෙට්‍රල් නැවක් මේ තරම් දින ගණනක් ප්‍රමාද වී නැහැ.“ අර්ජුන ‘බබා දාන්නේ‘ මේ රටේ ඉන්නේ ගොබ්බයන් යයි සිතා විය යුතුය. එලෙස එම නැව ප්‍රමාද කෙළේ කව්දැයි ඔහු කිව යුතුය. මේ හාදයා අපට කියන්නේ නැව් ප්‍රයිවේට් බස් වගේ මග කොට කොටා එන විට ප්‍රමාද වනවා කියා විය යුතුය. ලංකා ඊ නිව්ස් මුල සිටම කීවේ එම නැවට තෙල් පැටවීම රණතුංග දූෂිතයන් සහ නිලධාරීන් එක්ව සිතා මතා පමා කළ බවත් එමගින් මෙය රණතුංගලා සහ දූෂිත නිලධාරීන් එක්ව හැදූ කෘතිම තෙල් හිඟයක් බවයි.

    අර්ජුන කියන්නේ එසඑම්එස් පණිවුඩයක් නිසා තෙල් හිඟයක් ඇති වු බවත් එස්එම්එස් යැවුවේ කව්දැයි කියා සොයන්නැයි ජනාධිපති තමන්ට කී බවත් ය. එස්එම්එස් පණිවඩුයකින් තෙල් හිඟය ඇති වූවා නම් අර නැව ප්‍රමාද වුනේත් ඒ එස්එම්එස් පණිවුඩය නිසාදැයි මේ බාන රටට කිව යුතුය.

    මේ අතර ලංකා ඊ නිව්ස් වෙත අලුතින්ම වාර්තා වන්නේ සිරිසේන පවුලේ කළු සල්ලි මේ වන විට ව්‍යාපාර වලට යොදවා සුදු කරන ප්‍රධාන ව්‍යාපාරිකයා වන ලාෆ් ගෑස් ඇතුළු ව්‍යාපාර රැසක් හිමි ඩබ්.කේ.එච්. වෑගපිටිය ලංකාවේ තෙල් ව්‍යාපාරයටද ඇතුළු කිරීමේ උත්සාහයේ පළමු පියවර ලෙස ඉන්දීය තෙල් සමාගම කෙරෙහි විරෝධයක් රට තුල මැවීම සඳහා මෙවැනි කුමන්ත්‍රණයක් දියත් කරන ලද බවයි. රජය සතුව තිබූ ලංකාවේ සහල් ඒකාධිකාරය මේ වන විට තිබෙන්නේ සිරිසේන පවුල සතුව වන අතර දැන් රජය සතුව තිබෙන ඉන්ධන ඒකාධිකාරය ද දිනෙක සිරිසේන පවුල සතු කර ගැනීම මෙහි දිගු කාලීන සැලසුම බවද පැවසේ.

    ඉන්දීය තෙල් සමාගම ඉංග්‍රීසි බසින් නිකුත් කරන ලද නිවේදනය සම්පූර්ණයෙන් පහත පළ වේ.

    Blame to IOC for petrol shortage issue are mischievous and factually incorrect - LIOC Refutes all allegations
    LIOC has noted that consumers across the country have been facing some shortages of petrol over the last few days. As a reliable distributor of petroleum products in Sri Lanka over many years, LIOC is making all efforts to assist in the early resolution of this problem. However, attempts by some to blame LIOC for causing the shortage are mischievous and factually incorrect, and we categorically reject such allegations.

    It may be noted that LIOC caters to only 16% of the Sri Lankan market, while the remaining 84% relies on CPC supplies. Thus, large shortages across the country can only be caused by disruption in supplies of CPC. Average daily sales of LIOC is 600 MT of petrol. Against this, as on date, LIOC has a buffer stock of 3500 MT of petrol at the Common User Facility (CUF), which is managed by CPSTL. It may be noted that LIOC has adequate stocks of diesel at both trincomalee terminal & at CUF and normal daily diesel sales of 775 MT is continuously happening from all our sheds across the country. It is total misrepresentation of facts that diesel is not being sold by LIOC sheds.

    LIOC is a professionally managed subsidiary of Fortune 500 Global company, and plans its product requirement well in advance and maintains necessary stocks.

    LIOC’s recent shipment

    LIOC had procured a shipment (parcel) of 35,000 MT of petrol from the French oil company M/s TOTAL on DAP basis, which arrived in Sri Lanka on 16 October 2017. As per routine procedure, the petrol was tested by CPC/CPSTL laboratory before being accepted by LIOC. It was found that while the parcel met the chemical properties specification, it contained some visible particles. CPC/CPSTL laboratory as well as LIOC refused to accept the parcel. LIOC maintains its own high quality standards, which it does not compromise at any cost.

    LIOC immediately informed M/s TOTAL to replace the parcel. It may be noted that ownership of the product remains with M/s TOTAL till it satisfies the requirements of LIOC and CPC/CPSTL laboratory. Once a parcel is rejected, LIOC has no further role thereafter and it is the seller's own sole discretion/responsibility to decide when to take out the vessel from Sri Lankan waters.

    As replacement cargo would have taken at least 25-30 days, M/s TOTAL offered to remove the particles through filtration process, which is a common industry practice, in order to enable expedited delivery by 3-4 November 2017 to manage the present crisis. For reasons unknown to us, this proposal was not acceptable to CPC officials.

    Hence, LIOC asked M/s TOTAL to replace the parcel completely. Allegations that LIOC pressurized CPC to accept the original parcel without correction are totally false.

    It is reiterated that LIOC always adheres to the quality parameters in totality and procures goods from reputed oil companies only. LIOC’s quality track record bears this out. Further, the allegation that LIOC tried to sell sub-standard Diesel is totally malicious and frivolous. Infact the diesel proposed to be imported was of much better quality as per international standards. However, since the country is still having old specifications for diesel, CPC informed that they demand Sri Lankan specifications irrespective the quality of diesel and accordingly, LIOC decided not to procure.

    Though LIOC had sufficient buffer stocks, in order to assist CPC (whose shipment has been delayed), we immediately contacted our global suppliers for an emergency delivery (in addition to the replacement delivery by M/s TOTAL). This is expected to reach Sri Lanka by 10 November 2017. It may be recalled that on various occasions in the past, LIOC has offered all its assistance to CPC to procure emergency shipments of petroleum products, and will continue to do so, whenever required. As a responsible petroleum company, at the times of strike, LIOC has always worked round the clock to make the product available to the citizens of the country.

    Delay in CPC shipment

    We understand that a CPC petrol parcel, which was scheduled to reach Sri Lanka on 2 November 2017, has been delayed. While we are not aware of the reasons for this delay, such a disruption has led to shortages of petrol across the country, particularly given that CPC caters to 84% of the Sri Lankan market.

    Press release by Lanka IOC PLC

    06-11-2017
     
    Last edited:

    SL Power

    Member
    Dec 20, 2013
    54
    2
    0
    A good analysis. Have they restored the refinery? if yes, what is the daily capacity for petrol refinement?
    Daily normal usage is around 1500 - 1800 barrels and only festival season usage 2000 barrels..but now due to fake rumor required 2500 barrels.. people now collection Oils like gems :nerd:
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Daily normal usage is around 1500 - 1800 barrels and only festival season usage 2000 barrels..but now due to fake rumor required 2500 barrels.. people now collection Oils like gems :nerd:

    Barrels or MT?

    if LIOC 16% is 600 MT total daily requirement should be around 3600 MT.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උබලා හැමෝම දන්නවනේ මචන්ලා මේ වෙනකොට රටේ ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. රටේ තෙල් හිඟයක් තියෙනවා. තෙල් හොයන්න නෑ කොහෙවත්. හැබැයි මේකට මාතෘකාව වෙලා තියෙන්නේ සිරිසේන, යහපාලනය සහ යහපාලනයට චන්දය දුන් අය. මචන්ලා කාටවත් කඩේ යනවා කියලා හිතන්නේ නැතුව මට කියපල්ලා රටේ එහෙම තෙල් හිඟයක් ඇති වෙන්න බලපාපු හේතුව මොකක්ද කියලා ? සත්‍ය හේතුව ? මොකද ෆේස්බුක් එකේ ඉන්න පේජ් කාරයෝ කරන්නේ බොරුවට දෙයක් අල්ලාගෙන කෑගහන එක මිසක් නිවැරදි තොරතුරක් ප්‍රචාරය කිරීම නෙමෙයි. මෙහෙම වෙන්න හේතුව දේශපාලනික දෙයක්ද ? එහෙමත් නැත්නම් වෙන හේතුවක්ද ? ඇත්ත දන්නා කෙනෙක් දාපල්ලා !

    කළමණාකාරිත්වයේ දුර්වලතා තමයි.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    වෙන මොනාද බන් අපේ වික්කාමසිංහ මහත්තයාගේ ඇහැට නොපෙනෙන සංවර්ධනේ ප්‍රතිපල තමා.. :yes: