රටේ නායකයා වෙන්න කල්පනා කරන්නැයි ජනපති මෛත්‍රී රාජිතගෙන් ඉල්ලයි

සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතාට රටේ රාජ්‍ය නායකයා වීමට තමා ආශිර්වාද කරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (31) ප්‍රකාශ කළේය.
ඒ රාජිත සේනාරත්න මහතාට ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපති ධුරය ලැබීම නිමිත්තෙන් උපහාර දැක්වීම සඳහා සංවිධානය කර සුවපති අභිෂේකය උත්සවය අමතමිනි.
මෙහිදී එම උත්සවය ඇමතූ මහාචාර්යවරුන් වන කාලෝ ෆොන්සේකා හා සරත් විජේසූරිය යන මහත්වරුන් විසින් රාජ්‍ය නායකයා වීම සම්බන්ධව කල්පනා කරන්නැයි රාජිත සේනාරත්න මහතාගෙන් ඉල්ලා සිටි අතර ඊට පිළිතුරු ලබාදෙමින් ජනපතිවරයා මේ බව පැවසීය.
‘‘මහාචාර්යතුමාලා දෙපලගේම කතාවේදී ඉඟියක් කළා.මා හිතවත් කාලෝ ෆොන්සේකා මහාචාර්යතුමා කිව්වා පළමු සෞඛ්‍ය ඇමති එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතා ඉන්න තැනින් එළියට ඇවිත් රටේ රාජ්‍ය නායකයා වුණා කියලා. ඒ වගේම එතුමා කිව්වා වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනත් සෞඛ්‍ය ඇමති විදියට ඉඳලා ඉන්න තැනින් එළියට ඇවිල්ලා රාජ්‍ය නායකයා වුණා කියලා. එම කරුණ හොඳයි මම ආශිර්වාද කරනවා. ඉන්න තැනින් එළියට ගිහින්ද,ඉන්න තැන ඉඳගෙනද කියලා මට ප්‍රශ්නයක් තිබෙනවා. ඒ ගැනත් හිතන්න කියලා සෞඛ්‍ය ඇමතිවරයාට කියනවා.රාජිත සේනාරත්න මහතාගේ දක්ෂතාවයන්, හැකියාවන්, නිර්මාණශීලිභාවයන්, අවංකම, එඩිතරකමට සුබ පතනවා‘‘ යනුවෙන්ද වැඩිදුරටත් කියා සිටියේය.

අපොයි යමල්ලා වෙන රටක් හොයන ඉක්මනට මේකේ වසන්න වෙන්න නැ ඉස්සරහට