රටේ ලෝකේ ප්‍රශ්න - කථාවක්

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,970
    11,704
    113
    ගමයෙක් ගෙදරට මී කතුරක් ගේනවා...

    මේක දැකපු මීයා දුවගෙන ගිහින් කුකුලට කියනවා,
    "අනේ කුකුළෝ ගමයා මී කතුරක් ගෙනත්, මොනවා හරි කියහං මගේ හිත හැදෙන්න..."
    කුකුළා කිව්වා...
    " මී කතුරට කුකුල්ලු අහු වෙන්නේ නෑ.."

    හිත රිද්දගත්තු මීයා එළුවා ලගට යනවා,
    " අනේ එළුවෝ ගමයා මී කතුරක් ගෙනත්.."
    " ඉතින් මට මොකද..."
    එළුවා කිව්වා....

    අසරණ මීයා ඌරා ලගට යනවා..
    " ඌරෝ ගමයා මී කතුරක් ගෙනත්..
    " අදාලම නෑ..."
    ඌරගේ උත්තරේ...

    මීයා කෝකටත් කියලා හරකා ගාවටත් ගියා..
    " හරකෝ ගමයා මී කතුරක් ගෙනත්..."
    "වෙන ගෙදරකටවත් පලයන්, අපිට පාඩුවේ ඉන්න දීලා..."
    හරකා කිව්වා.....

    එක නපුරු රෑක මී කතුර තියන තැනින් චටස් ගාලා සද්දයක් එනවා..
    " මීයට වැඩේ හරි..."
    මෙහෙම හිතපු ගම මහගේ ලහියේ යනවා සද්දේ ආපු තැනට...

    මී කතුරට අහුවෙලා තිබුනේ අධි විෂ සර්පයෙක්..
    කරුවලේ යන ගම මහගෙට සර්පයා දෂ්ට කරනවා, උන්දෑ මැරෙන්නේ නෑ, දැඩිව අසනීප වෙනවා..

    මට සුප් ටිකක් හදලා දෙන්න....
    කුකුලා සුප් එකට යනවා,

    ගම මහගේ එන්න එන්නම දුර්වල වෙනවා..
    " එලු සුප් දීලා බලමු..." එළුවටත් බඩු හරි...

    ගමයා දැන් නැට්ටටම හිදිලා...
    ඌරාව යවනවා පොල් රොටි විත් පෝක් විකුනන පෙදෙසෙකට....

    ගම මහගේ මැරෙනවා.....
    ගමයා හරකව නානාට දීලා අවසන් කටයුතු කරනවා...

    මීයා තාම යහතින් ගොවිපලේ...

    රටේ ලෝකේ ප්‍රශ්න අපිට අදාල නෑ කියලා හිතන අය උදේ හවස කියවන්න.
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,749
    16,972
    113
    unga.jpg
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,749
    16,972
    113
    සර්පයා මී කතුරට අහු උනේ නැත්නම් මීයා තමයි මුලින්ම මැරෙන්නේ සර්පයා කාලා.
    Mokakda ban me kathawe theruma ?
     
    • Like
    Reactions: TNHM