රට කඩා වැටෙන්න පෙර...

maanasa2

Active member
  • Aug 10, 2013
    181
    104
    43
    අපේ රට ඉතිහාසයේ අර්බුදකාරීම තැනක අද ඉන්නෙ..තාමත් කිසිම වැඩ පිලිවෙලක් කිසිම අංශයකින් කෙරෙන පාටක් නම් නෑ. අපි මේ ප්‍රශ්නය තේරුම් ගන්න කම් අපට මේකෙන් ගොඩ ඒමකුත් නැහැ. ඩොලර් නැති එකද ප්‍රශ්නය.අපි අවුරුදු 44ක් විවෘත ආර්ථිකය යටතේ පිට රට වලින් නිදහසේ කකා බිබී ඉදපු එක නේද කරලා තියෙන්නෙ.අපිට එහෙම හිතූ හිතූ විදිහට කන්න, බොන්න, life එක enjoy කරන්න background එකක් නැතුව නේද අපි එහෙම කරලා තියෙන්නෙ? (සමාජයේ සෑහෙන කොටසක් ජීවත් වෙලා තියෙන්නෙ මේ සබන් බෝලෙ ඇතුලෙ,දැන් සබන් බෝලෙ පුපුරලා යථාර්ථයට මූණ දෙන්න වෙලා)අපි එහෙම කරලා තියෙන්නෙ ලෝකෙට ණය වෙලා..කොටින්ම කියනවා නම් අපේ අනාගත පරම්පරාව උගසට තියලා.ලෝකෙට ණය නැති රටවල් නැති තරම්..ඒතේ ගත්ත ණය වලින් තිරසාර දෙයක් කරන්න අපිට බැරි වෙලා තියෙනවා.."ක්‍රම වේදයක්" ගොඩ නගන්න අපට බැරි වෙලා තියෙනවා.
    අපි කොච්චර කිව්වත් අපේ රටේ නාස්තිය තමයි අංක එක.දූෂනය අංක දෙක. එහෙම නැත්තන් ඔය දෙකම එකට.අපි පිරිමැසුම්දායක රටක් නොවී මේකෙන් කෙටි කාලිනව හෝ දිගු කාලීනව ගොඩ යන්න බෑ.
    මුලින්ම රටක් විදිහට කෙලින්, නිවැරදි තීන්දු තීරණ ගන්න ඕනේ.ඒවා අමාරු තීරණ.සහචරයින්ගේ, ගෝල බාලයින්ගේ, වහල්ලුන්ගේ, ආර්ථිකය අදෘශ්‍යමානව හසුරුවන අදිසි හස්ත වල, ඡන්දෙට උදව් කරලා රැකියාවක් එහෙම නැත්තන් මොකක් හරි permit එකක් ගන්න බලන් ඉන්න උන්ගේ, මූණූ හකුලුවන තීරණ වෙන්න ඕනේ.සමහර විට රටේම මිනිස්සුන්ගෙ මූණු හකුලුවන තීරණ වෙන්නත් පුලුවන්.
    දේශ්පාලුවන් මේ කඩා වැටීමේ එක හේතුවක් විතරයි.අපේම මිනිස්සුන්ගෙ වැරද්ද තව හේතුවක්.අපි යන්න හීන දකින දියුණු රටවල් එතනට ආවෙ එක රැයින් නෙවෙයි. ප්‍රාතිහාර්ය වලින් නෙවෙයි. දූෂණය, නාස්තිය, වංචාව නැති කරලා හැමෝම එකා වගේ මහන්සියෙන්.ඒ මහන්සිය ඇතුලේ තිබ්බේ දත් මිටි කාගෙන තමන් විතරක් දියුණු වෙනවා කියන හැගීම නෙවෙයි.තිරසාර දියුණුවක් කියන හැඟීම.ඒකට තමන් ගෙ ගෙදර, office එකේ නාස්තිය නැති කිරීම තිබුනා...තමන් office එකේ දෙයක් පුද්ගලික භාවිතයට ගන්නෙ නෑ කියන විශ්වාසවන්තභාවය තිබුණා.අපි දියුණු රටක් වෙනකන් අපි අමාරු කම් දරා ගන්නව කියන වීර්‍යය තිබුණා. අපිට ඒ එකක් වත් අද නෑ.ජරා ජීර්ණ දේශපාලකයෝ අපේ ඒ විශ්වාසය නැති කරලා.අපිට විශ්වාස නෑ අපි ඉතිරි කරන දෙයක් මතු පරපුරටය කියලා.එහෙම නැති නම් කොහෙවත් ඉන්න පල් හොරෙක් ඒව ගිලියිද කියලා.අපි තුලින් ඒ "හැඟීම" ගිලිහිලා.යමක් කමක් තේරෙන අය තුලින්.😥😥 යමක් කමක් නොතේරෙන අය එක එක පක්ශ බදා ගෙන.😥😥
    අපේ දේශපාලකයින්ට කරන්න පුලුවන් කෙංගෙඩියක් නෑ කියලා දැන් වත් තේරුම් ගන්න ඕනේ.

    දේශපාලකයින්ට දීල තියෙන අති විශාල වරප්‍රසාද ම මේකට නුසුදුසු පුද්ගලයින් එන්න ලොකුම හේතුවයි. මේ හැම වරප්‍රසාදයක්ම නැති වෙන්න ඕනේ..හැම දේශපාලන තනතුරක්ම(ජනාධිපති ඉදලා ප්‍රාදේශීය සභාවට එනකන්ම)දීමනා ක්‍රමයකට යටත් කරලා විශ්‍රාම වැටුප්, permit, හැම දේම අයින් කරන්න ඕනෙ.වෙන රැකියාවක් කරන කෙනෙකුට දේශ්පාලනයේ නියදෙන්න පුලුවන්..එතකොට රැකියාවෙන් වැටුපක් ලැබෙනවනෙ.(මොකද full time politics කලා කියලා මහ ලොකු දෙයක් කරලා නෑනෙ)
    දැන් ප්‍රශ්නයක් තියෙනවා එතනට කොහොමද යන්නෙ කියලා.මේ අර්බුදය අපිව එතනට ගෙනියන්න ඉඩ තියෙනවා ක්‍රම කීපෙකට. එකක් ජනාධිපතිතුමා,පාර්ලිමේන්තුව මැදිහත් වෙලා සර්ව පාර්ශ්වික කමිටුවකින් රට පාලනය කිරීම්. එහෙමත් නැත්තන් සමාජය ඇතුලෙන්ම පිපිරීමක් වෙලා කැරල්ලක් දක්වා ගිහින් මිනිස්සු බලය අතට ගන්න පවා ඉඩ තියෙනවා.එහෙම අතට ගන්නෙ මොලේ තියෙන පිරිසකට උනොත් හොදයි..එහෙම නැති වුනොත්?😥😥
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    බංකොලොත් නෑ
    බිල්ලො මවන්න එපා

    මුන්ට පිස්සු
    රට බන්කොලොත් නම් සර් ස්ටේශන් එකක් ගානෙ කොන්ඩම් මැශින් ඉම්පොර්ට් කරල හදිසියෙම හයිකොරයිද
    🤭🤭🤣
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,925
    54,503
    113
    Colombo
    මුන්ට පිස්සු
    රට බන්කොලොත් නම් සර් ස්ටේශන් එකක් ගානෙ කොන්ඩම් මැශින් ඉම්පොර්ට් කරල හදිසියෙම හයිකොරයිද
    🤭🤭🤣

    ස ඔය ගුපියන්ට උකාගනින් කියල කියල තියෙන්නෙ.
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,644
    5,494
    113
    276144645-1807764182754158-5025478460273720044-n.jpg
     

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    "අපි අවුරුදු 44ක් විවෘත ආර්ථිකය යටතේ පිට රට වලින් නිදහසේ කකා බිබී ඉදපු එක නේද කරලා තියෙන්නෙ.අපිට එහෙම හිතූ හිතූ විදිහට කන්න, බොන්න, life එක enjoy කරන්න background එකක් නැතුව නේද අපි එහෙම කරලා තියෙන්නෙ?"



    සරලව කියනවනම් රෙන්න පුකේ ගූ නැතිව චීස් කකා ඉඳලා තියෙන්නේ
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,352
    6,522
    113
    අපිට එහෙම හිතූ හිතූ විදිහට කන්න, බොන්න, life එක enjoy කරන්න background එකක් නැතුව නේද අපි එහෙම කරලා තියෙන්නෙ?
    ඔව් හැබැයි අපිම නෙමෙයි, අපිටත් ටිකක් දීලා අනිත් අය තමයි ගොඩක් ම.
     
    • Like
    Reactions: maanasa2

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,561
    17,612
    113
    Auckland
    වැරදි. ආනයන සහ අපනයන කියන දෙක නිසා රටට කෙල උනේ නෑ. මයිනගෙ ගොන් ප්‍රොජෙක්ට් නිසා කෙල උනේ. කරපු එක ප්‍රොජෙක්ට් එකක්වත් සාර්ථක නෑ. ණය ගොඩක රට හිර කරා.

    ලංකාවට ආනයන වලට වඩා අපනයන වැඩි කරගන්න තියන හැකියාව ඉතාම අඩුයි.

    රටේ ආදායම් සහ වියදම් කියන්නෙ කොච්චරක් අපනයනය කරාද කොච්චරක් ඉම්පෝට් කරාද කියන එකෙන් විතරක් නෙවෙයි. ඒ කියන්නෙ ආනයන නතර කරා කියල රට දියුණු වෙන්නෙම නෑ. දැන් තියන පෝලිම් වලින්වත් ඒක තේරුම් ගන්න බැරි නම් ඒ ගැන තර්ක කරන්න මහන්සි වෙන්න එපා වෙනත් දෙයකට කාලය යොදවන්න.

    ලංකාවෙ ආනයන අපනයන වලට වඩා වැඩි උනාට වෙනත් රටවල වැඩ කරන අය විසින් එවන මුදල් සහ සංචාරකයො නිසා වෙලද ශේෂයෙන් 80-90%ක් වගේ කවර් උනා. ඉතුරු ටික තමා ඔය ණය වලින් පියවන්න සිද්ධ වෙලා තියෙන්නෙ. නමුත් ණය නොවී මේක කරන්න පුලුවන් විදේශ ආයෝජන වලින්. ඒ කියන්නෙ MCC වගේ එකක් ආව නම්. නමුත් රටේ ඉන්න ගොඩක් උන් අමු ගවයො නිසා උන් හිතන්නෙ පුන්නක්කු කන උන් වගේ. ඒකයි ප්‍රධානම ප්‍රශ්නය.
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    බංකොලොත් නෑ
    බිල්ලො මවන්න එපා
    යකෝ එන එන නැවට සල්ලි ගෙවන්න ඩොලර් නෑ, වටෙ පිටේ තියෙන හැම රටකින්ම ගිනිපොලියට නයට ඩොලර් අරන්, නැව් වලටයි ප්‍රමාද ගාස්තුයි ගෙවන්නේ.. රටේ පෝලිම් වල මිනිස්සු මැරෙනවා.. මරාගන්නවා.. බංකොලොත් නෑහ් නේන්නම්.. :lol:


    බලසම්පන්න සොහොයුරන් සිව්දෙනෙකු දූපතකට ඇර බංකොලොත් කල හැටි

     

    maanasa2

    Active member
  • Aug 10, 2013
    181
    104
    43
    වැරදි. ආනයන සහ අපනයන කියන දෙක නිසා රටට කෙල උනේ නෑ. මයිනගෙ ගොන් ප්‍රොජෙක්ට් නිසා කෙල උනේ. කරපු එක ප්‍රොජෙක්ට් එකක්වත් සාර්ථක නෑ. ණය ගොඩක රට හිර කරා.

    ලංකාවට ආනයන වලට වඩා අපනයන වැඩි කරගන්න තියන හැකියාව ඉතාම අඩුයි.

    රටේ ආදායම් සහ වියදම් කියන්නෙ කොච්චරක් අපනයනය කරාද කොච්චරක් ඉම්පෝට් කරාද කියන එකෙන් විතරක් නෙවෙයි. ඒ කියන්නෙ ආනයන නතර කරා කියල රට දියුණු වෙන්නෙම නෑ. දැන් තියන පෝලිම් වලින්වත් ඒක තේරුම් ගන්න බැරි නම් ඒ ගැන තර්ක කරන්න මහන්සි වෙන්න එපා වෙනත් දෙයකට කාලය යොදවන්න.

    ලංකාවෙ ආනයන අපනයන වලට වඩා වැඩි උනාට වෙනත් රටවල වැඩ කරන අය විසින් එවන මුදල් සහ සංචාරකයො නිසා වෙලද ශේෂයෙන් 80-90%ක් වගේ කවර් උනා. ඉතුරු ටික තමා ඔය ණය වලින් පියවන්න සිද්ධ වෙලා තියෙන්නෙ. නමුත් ණය නොවී මේක කරන්න පුලුවන් විදේශ ආයෝජන වලින්. ඒ කියන්නෙ MCC වගේ එකක් ආව නම්. නමුත් රටේ ඉන්න ගොඩක් උන් අමු ගවයො නිසා උන් හිතන්නෙ පුන්නක්කු කන උන් වගේ. ඒකයි ප්‍රධානම ප්‍රශ්නය.
    ආනයන නතර කරන්න බෑ..ණය ගන්න එකත් 0කරන්න බෑ..හැබයි අපිට පුලුවන් වෙන්න ඕනෙ හැම දේකම සීමාවක් දකින්න. අපිට තියෙන සම්පත් සීමිතයි. තියෙන ලොකුම සම්පත මිනිස් සම්පත..හැබයි ඒකෙන් ලක්ශ 10-12 පාරේ ත්‍රීවීල් වල දිය වෙනවා.හිතලා බලන්න මිනිස්සු බස් වල යන්න පුලුවන් ගමන් කොච්චර ත්‍රීවීල් වලින් යනවද? හොද බස් සේවයක් තිබුනා නම් ඒක එහෙම වෙන්නෙ නෑ.. බස් රියදුරන් 10 දෙනෙකුගෙ වැඩේ කරන්න ත්‍රීවීල් රියදුරන් 100ක් ඉන්නවා.. එතකොට එයාලගෙ ගෙදර අය 300-400 කගෙ වියදම පියවෙන්නෙ අර ගමන් යන මිනිස්සුන්ගෙ මුදලින්.මිනිස්සු 100 දෙනෙක් එකතු වෙලා කරන්නෙ 10 දෙනෙක්ගෙ වැඩේ... කොච්චර අකාර්යක්ෂම ද? රාජ්‍ය පෞද්ගලික අංශ දෙකේම සේවා අකාර්යක්ෂමයි..කී දෙනෙක් කාලය නාස්ති කරනවද.