ලිට්රෝ සමාගම සතු ගෑස් තොග අද දහවල් වන විට බොහෝ දුරට අවසන් වීමට ඉඩ ඇතැයි එම සමාගමේ උසස් නිලධාරියෙකු නෙත් නිවුස් වෙත පැවසුවා. ඔහු පැවසුවේ ලිට්රෝ සමාගමේ කෙරවලපිටිය ගෑස් පර්යන්තයෙන් ඊයේ රාත්‍රීය දක්වා ගෑස් නිකුත් කිරීමට කටයුතු කර ඇති බවයි. ඒ අනුව අද දිනයේ ද ගෑස් සිලින්ඩර ලක්ෂයක් වෙළඳ පොළට නිකුත් කිරීමට නියමිතයි.
පවතින ගෑස් තොග අද දහවල් වන විට අවසන් වුවහොත් ඉදිරියේදී ගන්නා ක්ර්රිියාමාර්ග පිළිබඳ නෙත් නිවුස් ලිට්රෝ සමාගමෙන් විමසීමක් කළා. එම සමාගමේ උසස් නිලධාරියෙකු පැවසුවේ ගෑස් නෞකා 03ක් අද, අනිද්දා සහ සිකුරාදා යන දිනවල මෙරටට පැමිණෙන බවයි. මෙම නෞකා 03න් ගෑස් මෙට්ට්‍රික් ටොන් 11,000ක් මෙරටට රැගෙන ඒමට නියමිතයි.
අද පැමිණීමට නියමිත නෞකාවේ ගෑස් මෙට්ට්‍රික් ටොන් 3,500 ක් මෙරටට රැගෙන ඒමට නියමිතව තිබෙනවා. එම නෞකාව සඳහා මුදල් ගෙවා ඇති බවයි ලිට්රෝ සමාගම පැවසුවේ. නෞකාව පැමිණීමෙන් පසු කඩිනමින් ගෑස් නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව එම සමාගම වැඩිදුරටත් පැවසුවා.
කෙසේවෙතත් ඉකුත් දිනවල මෙන්ම ඊයේ දිනයේද රට පුරා ගෑස් මිලදීගැනීමට දිගු පෝලිම් දක්නට ලැබුණා. ඇතැම් ස්ථානවල ජනතාව අතර ගැටුම් ද ඇති වූ බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.
http://nethnews.lk/article/93936