රට පටලැවිල්ල

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මන් කියන්න යන්නේ පොඩි කතාවක් ..
    Mr පෙරේරා යි Mr සිල්වයි පට්ට යාලුවෝ ..
    ඉතින් දෙන්නා එක්ක සෙට් වෙලා ඉන්න වෙලාවක පොඩි කතවක් යනවා .
    Mr පෙරේරා : මචෝ මම නම් මගේ සේවකයන් විදියට ගන්නේ හොදට මොලේ තියෙන මිනිස්සු විතරයි .
    Mr සිල්වා : හරි උබ කොහොමද උන්ගේ මොලේ බලන්නේ ..
    Mr පෙරේරා : හිටපන් පෙන්නන.. එයි සිරිපාල මෙහෙ වරෙන් මට කියපන් උබේ තාත්තට ළමෙක් ඉන්නවා ඒ ළමය උබේ සහෝදරෙයෙකුත් නෙමෙයි සහෝදරියකුත් නෙමෙයි . ඒ කව්ද ?
    සිරිපාල : ඒ මමනේ මහත්තයෝ .

    ඊට පස්සේ Mr සිල්වා ගෙදර ඇවිත් උගේ සේවකයාගෙන් මේ ප්‍රශ්නේ අහනවා.
    Mr සිල්වා : එයි නන්දසිරි මට කියපන් උබේ තාත්තට ළමෙක් ඉන්නවා ඒ ළමය උබේ සහෝදරෙයෙකුත් නෙමෙයි සහෝදරියකුත් නෙමෙයි . ඒ කව්ද ?
    නන්දසිරි : අනේ මහත්තයෝ මට දවස් දෙකක් කල් දෙන්න මම උත්තරේ දෙන්නම්

    නන්දසිරි ගෙදර ගිහින් පුතාගෙන් මේ ප්‍රශ්නේ අහනවා.
    නන්දසිරි :කියපන් බලන්න උබේ තාත්තට ළමෙක් ඉන්නවා ඒ ළමය උබේ සහෝදරෙයෙකුත් නෙමෙයි සහෝදරියකුත් නෙමෙයි . ඒ කව්ද ?
    පුතා : ඒ මම තාත්තේ .

    පහුවෙනිදා.
    නන්දසිරි : මහත්තයෝ මම අර ප්‍රශ්නෙට උත්තරේ දන්නවා .
    Mr සිල්වා : හා දීපන් බලන්න
    නන්දසිරි : ඒ මගේ පුතානේ මහත්තයෝ.
    Mr සිල්වා: තොට මොලේ නෑ මිනිහෝ ඒ Mr පෙරේරා වැඩකාරයා සිරිපාල

    :baffled::baffled::baffled::baffled: